මමත් ජොබ් කරන්න පටන් ගනිපු දවසෙ ඉදන් යූස් කරන්නෙ මැක් තමයි (iOS Developing කරන නිසා)
මැක්බුක් එකක් ගන්න පුලුවන් නම් හොදයි කිසි අවුලක් නැතුව අවුරුදු 7ක් 8ක් ඇදගන්න පුලුවන්
මට මේ ලගදි අහම්බෙන් වගේ යූස් කරන්න ලැබුනා 2012 ආපු මැක්බුක් එකක් SSD ගහලා RAM අප්ග්‍රේඩ් කරලා තාමත් පට්ටම ස්මූත්ලි වැඩ කරනවා
ලංකාවෙ අඩු උනාට වෙන රටවල නම් ගොඩක්ම ඩිවලොපර්ස්ලා මැක් යූස් කරනවා
ලිනක්ස් වල කරන ඕන දෙයක් මැක් වල කරන්න පුලුවන් ඒක නිසා මාර විදියට ඩිවලොපර් ෆ්‍රෙන්ඩ්ලි
වින්ඩෝස් වලට තියන ගොඩක් සොෆ්ට්වෙයා වල මැක් වර්ශන් තියනවා ඒ වගේම මැක් වලට විතරක් එන ගොඩක් හොද සොෆ්ට්වෙයා තියනවා වින්ඩෝස් වලට නැති ඒක නිසා සොෆ්ට්වෙයා අවුලක් ඇත්තෙම නැහැ
.NET වගේ කරනවා නම් බූට් කෑම්ප් දාල ඩුවෙල් බූට් කරන්නත් පුලුවන් එහෙම නැත්නම් VM එකක් දාල කරන්නත් පුලුවන්
ගාන තමයි ප්‍රශ්නෙකට තියෙන්නෙ ඩිවලොපර් කෙනෙක්ට නම් හරියන්නෙ 15inch මැක්බුක් ප්‍රෝ එක, අඩුවටම තියන ටච් බාර් නැති එක 3.30ක් වෙනවා. Mid 2015, 15Inch මේ මොඩල් එක මගේ ලග තියනවා පට්ටම ආසයි වැඩ කරන්න, ඩිස්ප්ලේ එක එහම පට්ටම සිරා