සෝමවංශ විජේවීරටත් එරෙහි වෙයි

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සෝමවංශ විජේවීරටත් එරෙහි වෙයි

    වෙන්වීමේ නොව එක්වීමේ ෆෙඩරල් ක‍්‍රමයටකට තමන් එකඟ බව පසුගියදා පැවති ජවිපෙ ජනහමුවකදී පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතා පළාත් සභා තුලින් රට බෙදුම්වාදය දෙසට තල්ලූ වී ගොස් නැති බව අද ලංකාදීප පුවත්පතේ කතෘ චමින්ද මුණසිංහ සමඟ කාලීන සටහන සංවාදයට එක්වෙමින් පවසා තිබේ. කතෘවරයා දිගින් දිගටම ප‍්‍රශ්ණ කරද්දී අමරසිංහ මහතා පවසා ඇත්තේද පළාත් සභා ක‍්‍රමය එතරම් ගණන් ගත යුතු නොවන දෙයක් ලෙසය. නොඑසේනම් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඉතිහාසයේ වැරදි කරුවෙකු බවය.

    රට බෙදන ඉම දෙසට තීරණාත්මකව බලපාන බැව් රටට පවසමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමඟ එක්ව පළාත් සභා ක‍්‍රමයට විරුද්ධ වූ එදා ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි නායකයා අද පවසන්නේ එසේය. පළාත් සභා පනත් කොටුම්පතට විරුද්ධව එදා ජවිපෙ නායක රෝහණ විජේවීරයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කල විට එවකට ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරමින්, එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුලත බලපෑම් පවා නොතැකූ තත්වයක් යටතේ එක වැඩි ඡන්දයකින් ජයග‍්‍රහණය කරවන ලද මෙම පනත ඉන්දියාවේ බෙදුම්වාදී උවමනාව වෙනුවෙන් ගෙන එන ලද්දක් බව පැවසුවේ එදා ජවිපෙය. 2009 වසරේදී නන්දිකඩාල් කලපුවෙන් අවසන් හුස්ම හෙලන ලද්දේ එදා ජවිපෙ විසින් එම කෙටුම්පතට විරුද්ධව තරුණ ජීවිත දහස් ගණනක් පූජා කරමින් ආරම්භ කල සටන නොවන්නේ යයි සෝමවංශ අමරසිංහ මහතා අද පවසන්නේද? මීට කලකට පෙර ෆෙඩරල් මතවාදයට සහ මතවාදීන්ට පස් පඩංගුවේ බැන වැදුනු ජවිපෙ වත්මන් කුඩා නායකයන් පවසන්නේ දකුණු සුඩානය සහ උතුරු සුඩානය එක් කිරීමට දැන් ෆෙඩරල් පාවිච්චි කල යුතු බවද?

    ජාතියේ වාසනාවකට වේලූපිලලේ පිරපාහරන් නන්දිකඩාල් කලපුවේදී අවසන් හුස්ම නොහෙලූවේ නම් දික්කසාදයට කලින් කසාදය ඕනෑ යයි කියමින් පළමුව ඊළාමය ලබා දී පසුව ශ‍්‍රී ලංකාව සහ ඊළාමය එකතු කිරීම සඳහා ෆෙඩරල් පාවිච්චි කල යුතු බව ජවිපෙ වත්මන් ෆෙඩරල් නායකකාරකාදීන් කියනු ඇත.