ශ්‍රී ලංකාවේ 88-94 පාලන සමය

pawann

Member
Dec 1, 2024
16
4
3
අද මේ ඉදිරිපත් කරන්නේ 1988-1994 කාල වකවානුවේ ශ්‍රීලංකාව මුහුණදුන් සිදුවීම්පෙල. මේ කාල වකවානුව අලුත් ජනපතිකෙනෙක් යටතේ ආරම්භ කරාට, පරණ පවු පස්සෙන් ආපු බවක් ඔබට පෙනෙයි. අදටත් කතාකරන අන්තර්ජාතික මානව හිමිකම් මැදිහත්වීම්වල කතාවලට අඩිතාලම වැටුනු ප්‍රශ්නකාරි රටක් විදියට ලෝකය ඉදිරියේ පෙනෙන්න ගත්ත කාලයක් මේක. ප්‍රසිද්ධ සිදුවීම් කීපයක් ඇරුණම ගොඩක්දෙනා මේවා දන්නෙවත් නැතුව ඇති.

මේ ගවේශනයේ අරමුණ කාගේවෙත් හරිවැරදි ඇද පළුදු හෙවීමට නෙමෙයි. අපේ රට අද මෙතැනට එන්න හේතුවුණු. කරුණු කාරණා අවබෝධ කරගන්න. මොකද එහෙම නොකරනතාක් අපි ආයෙමත් නැවත නැවතත් වැටෙන්නේ ඒ වලවල් වලමයි.

මට මගහැරුණු මේ කාලවකවානුවට අදාල වෙනත් වැදගත් සිදුවීම් දන්නවානම් එකතුකරගෙන යන්න.
මීට කලින් 77-88 කාලයේ වුණු වැදගත් සිදුවූම් ගණනාවක් ඉදිරිපත් කළා.. මෙතනින් කියවන්න.

...
  • 1987-1989 - ඉන්දීය සාමසාධක හමුදාව (IPKF) සහ LTTE අතර සටන්වැදීම්
  • 1988 - විජය කුමාරතුංග ජනාධිපති මැතිවරණයට පෙර ඝාතනය කිරීම.
  • 1988 - ර. ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මැතිවරණය ජයගැනීම.
  • 1988 - ආර්ථික අර්බුද හමුවේ IMF SAF නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පිළිගැනීම.
  • 1988 - නීතිඥ විජේදාස ලියනාරාච්චි පොලිස් අත්අඩංගුවේදී ඝාතනය කෙරේ. විමර්ශනයකින් ප්‍රේමදාස උඩුගම්පොල (deputy inspector general) වගකිවයුතු බව හෙලිවේ. මේ හමුවේ උඩුගම්පොල විසින් "කලු බළල්ලු" කණ්ඩායම මඟින් සිදු කළ අනීතික ඝාතන පිළිබඳ රහස් ලේඛන මුදා හරියි. ඝාතනයට ලක්වූ බොහෝ දෙනා JVP අනුගාමිකයන් නොවූවන් බවත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිස SLFP(ශ්‍රීලනිපෙ) ක්‍රියාකාරීන් බව හෙලිවේ. මේ හෙළිකිරීම හමුවේ උඩුගම්පොල "Black Cats" ඝාතක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ආණ්ඩුව ප්‍රසිද්ධි කරයි.
  • 1989 ජනවාරි - මෙතෙක් 1983 මැයි සිට දිවයින පුරා (වසර 6ක් පමණ) ක්‍රියාත්මකම් වූ හදිසි නීතිය අවලංගු කරයි.
  • 1989 පෙබරවාරි - පාර්ලිමේන්තු මැතිවරණය (වසර 12කට පසු) LTTE සහ JVP බාධා හමුවේ පවත්වයි. UNP ජයගනී. ඩී.බී. විජේතුංග අගමැතිධූරයට පත්වේ.
  • 1989 අප්‍රේල්/මැයි - ආණ්ඩුව ඒකපාක්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරේ. හමුදාව සතු ආයුධ LTTE වෙත සැපයීම.
  • 1989 ජූනි - TULF ඇතුළු දෙමළ දේශපාලන නායකයන් රැසක් LTTE විසින් ඝාතනය කෙරේ.
  • 1989 ජූනි - නැවත හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කෙරේ.
  • 1989 - PLOTE නායක උමා මහේෂ්වරන් ඝාතනය කෙරේ. PLOTE කණ්ඩායමේ අවසානය ආරම්භවේ.
  • 1989 නොවැම්බර් - රෝහණ විජේවීර ඝාතනය කෙරේ.
  • 1989 දෙසැම්බර් - DJV පරාජය කෙරේ, 88/89 කැරැල්ල අවසන්.
  • 1989 දෙසැම්බර් - රජීව් ගාන්ධි ඉන්දියාවේ මහ මැතිවරණයයෙන් පරාජය වේ.
  • 1989-1990 - ඉන්දීය සාමසාධක හමුදා ඉවත්වීම
  • 1990-1993 - ආර්ථික නිදහස්කරණයෙන් (economic liberalization) සුභසාදන ආර්ථිකයට (wellfare economy) යොමු වීම (IMF SAF නිර්දේශ නොසලකා): ජනසවි‍ය වැඩසටහන, රෝහල් 300ක් ඉදිකිරීම, සියලු පාසල් ළමුන්ට පාසල් නිල ඇඳුම් සහ මධ්‍යාහන ආහාර රජය විසින් සැපයීම.
  • 1990 පෙබරවාරි - 55FF නියෝගය අවලංගු කෙරේ, එමගින් විමර්ශනයකින් තොරව මළ සිරුරු විනාශ කිරීමට බලධාරීන්ට පැවරූ බලතල ඉවත් කෙරේ (වසර 2කට පසු).
  • 1990 පෙබරවාරි - මානව හිමිකම් පුවත්පත්කරු රිචඩ් සොයිසා ඝාතනය කෙරේ. ආන්දෝලනාත්මක ලෙස විමර්ශනය අත්හැර දමයි.
  • 1990 - උතුරු නැගෙනහිර පළාත් සභාව ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරයි. ඉටු නොකළහොත් ස්වාධීන රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දැන්වේ. ජනපති බලතල යොදාගනිමින් පළාත් සභාව විසුරුවා හැරේ.
  • 1990 ජූනි - නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට සටන් නොකර යටත් වනසේ ලැබුනු ජනපති නියමය හමුවේ LTTE විසින් සමූල ඝාතනය කෙරේ. රජය ප්‍රතිප්‍රහාර ආරම්භ කරයි.
  • 1990 - දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උතුරු නැගෙනහිර හමුදා ප්‍රහාරවලට විරෝධය දක්වමින් ඉල්ලා අස්වීම.
  • 1990 අගෝස්තු - LTTE විසින් කාත්තාන්කුඩි මුස්ලිම් ප්‍රජාව ඝාතනය කෙරේ. ප්‍රතිචාර ලෙස මුස්ලිම් පිරිස් දමිළ ජනයා ඝාතනය කිරීම අරඹයි. Muslim Home Guards සිවිල් ඒකක ආරම්භ කෙරේ.
  • 1990 - හමුදාව විසින් යාපනය කඳවුර අතහැරීම
  • 1990 - EROS කණ්ඩායම LTTE සමග එක්වීම
  • 1990 - චන්ද්‍රිකා කුමාරතුංග නැවත ලංකාවට පැමිණීම (1988 විජය කුමාරතුංග ඝාතනයෙන් පසු විදෙස් ගතවීමේන් පසු)
  • 1990 - අතුරුදන් වූ තරුණයන් සොයා "මවුවරුන්ගේ පෙරමුණ" පිහිටවීම. (මෑත ලංකා ඉතිහාසයේ විශාලම කාන්තා ක්‍රියාකාරී වැඩසටහන). කැඳවුම්කරුවන් ලෙස මහින්ද රාජපක්ෂ සහ මංගල සමරවීර ක්‍රියාකරයි.
  • 1990 - ලංකාවේ දිගින් දිගටම සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංගනය කිරීම් අවසන් කිරීමට විදෙස් මැදිහත් වීම් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරය හමුවේ පෙනීසිටීම සහ ඔහුගේ සුප්‍රකට ජිනීවා මානව හිමිකම් ගමන.
  • 1990-1995 - දෙවන ඊළාම් යුද්ධය
  • 1990-1995 - ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය සහ අවතැන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ආධාර සහ බලපෑම් වර්ධනය වේ.
  • 1990-1991 - ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව LTTEට එරෙහිව සාර්ථකව දියත් කළ මෙහෙයුම් හරහා ජනප්‍රිය චරිතයක් බවට පත්වීම.
  • 1991 - Havelock road බෝම්බ ප්‍රහාරය. ආරක්ෂක නියෝජිත ඇමති රන්ජන් විජේරත්න ඝාතනය කෙරේ.
  • 1991 - ජනාධිපති ප්‍රේමදාස විසින් ලලිත් අතුලත්මුදලි යාපනය පුස්තකාලය ගිනිබත් කළ බවට චෝදනා කරයි. ඇතුලත්මුදලි අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වේ.
  • 1991 - චන්ද්‍රිකා කුමාරතුංග SLFP සහ මවුවරුන්ගේ පෙරමුණ හා එක්වීම. (විජය කුමාරතුංගගේ මහජන පක්ෂය දෙකඩවේ)
  • 1991 - SLFP කොටසක් වෙන්වී හෙළ උරුමය පිහිටුවයි. LTTE පරාජය කරනතුරු සහන දීමට විරුද්ධව කටයුතු කරයි.
  • 1991 මැයි - LTTE විසින් තමිල්නාඩුවේදී රාජීව් ගාන්ධි ඝාතනය කෙරේ.
  • 1991 ඔක්තෝබර් - LTTE පල්ලියගොඩ මුස්ලිම් සංහාරය.
  • 1991 සැප්තැම්බර් - ලලිත් අතුලත්මුදලි සහ ගාමිණි දිසානායක විසින් රණසිංහ ප්‍රේමදාසට එදිරිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරයි. ආන්දෝලනාත්මක ලෙස පාර්ලිමේන්තුව කල් තබමින් එය ව්‍යර්ත කෙරේ. LTTE වෙත ආයුධ සැපයූ බව ජනපති පිළිගනී. ඒ IPKF පළවාහැරීමට බව ප්‍රකාශයට පත්කෙරේ. ලලිත් අතුලත්මුදලි සහ ගාමිණි දිසානායක පක්ෂයෙන් නෙරපා දමයි. ඔවුන් BUNF පක්ෂය පිහිටුවයි.
  • 1991 දෙසැම්බර් - Amnesty International ඉදිරිපත් කල මානව හිමිකම් නිර්දේශ ආණ්ඩුව පිළිගනී.
  • 1992 - ජනපති නියමයෙන් රටේ ඉංග්‍රීසි නම "Shri Lanka" ලෙස වෙනස් කිරීම
  • 1992 - අවසන් යාපනය මෙහෙයුමට පෙර ආන්දේලනාත්මක ලෙස ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සහ ඉහල නිලයන් ඝාතනය කෙරේ. අවමංගල්‍යයට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් විරෝධතා ඇතිවේ. ඒවා දැඩිව මර්දනය කෙරේ.
  • 1992 - මවුවරුන්ගේ පෙරමුණ මුල් කරගනිමින් ආණ්ඩුවට විරෝධය දක්වමින්පාද යාත්‍රා සහ ජන ගෝශා මහින්ද රාජපක්ශ ප්‍රමුඛව පැවැත්වේ.
  • 1992 - විරෝදතා රැසක් තදින් මැඩපැවැත්වේ. ලෝක මානව හිමිකම් දින විරෝදතා පවා පොලිස් පහරදීමට ලක්වේ.
  • 1992 - ඇඟලුම් කම්හල් 200ක් ඉදිකිරීමේ වැඩසටහන ඔස්සේ ආයෝජකයන්ට මූල්‍ය පහසුකම් රජය විසින් සැපයේ.
  • 1992 නොවැම්බර් - නාවික හමුදාපති කොළඹ දී ඝාතනය කෙරේ
  • 1993 අප්‍රේල් - ලලිත් අතුලත්මුදලි ඝාතනය කෙරේ (LTTE ගිනි අවිකරුවකු විසින්).
  • 1993 - පළාත් පාලන මැතිවරණය. චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාත් මහ ඇමති ලෙස පත්වේ.
  • 1993 මැයි - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස LTTE බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරේ. ඩී.බී. විජේතුංග ජනපති ලෙස පත්වේ. රනිල් වික්‍රමසිංහ අගමැතිදූරයට පත්වේ.
  • 1993 - හදිසි නීති ප්‍රතිපාදන සංශෝධනය කෙරේ. රහස් ලෙස රැඳවුම්කරුවන් තබාගැනීමට ඇති බලතල අවලංගු කෙරේ..
  • 1993 - ප්‍රේමදාස උඩුගම්පොලට එරෙහි චෝදනා ඉවත් කර ඔහු වරාය අධිකාරියේ උපසභාපති ලෙස පත්කෙරේ.
  • 1994 - උතුරුනැගෙනහිර පළාත තුල මුස්ලිම්වරුන් සඳහා වෙනම පාලන කවුන්සිලයක් යෝජනා කෙරේ.
  • 1994 - සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණේ (1990 සිට විදෙස්ගතව JVP නැවත පිහිටවමින්)
  • 1994 අගෝස්තු - පොදු පෙරමුණ මහ මැතිවරණය ජයගනී. JVP එක් ආසනයක් දිනාගනී (NSF ලෙස කරඟ කරමින්). ගාමිණී දිසානායක UNP පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකකම දිනාගනී (රනිල් වික්‍රමසිංහ පරදවමින්)
  • 1994 - 1988-90 කාලයේ ආණ්ඩුව විසින් JVP කැරැල්ල මර්දනයට මෙහෙයවූ ප්‍රශ්නකාරී වැඩසටහන් ගවේෂණයට මානව හිමිකම් කොමිශන් 3ක් පත් කෙරේ.
  • 1994 - LTTE සමඟ සටන් විරාමය.
  • 1994 ඔක්තෝබර් - ජනාධිපති මැතිවරණ රැලියක් අතරතුර LTTE බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ඝාතනය කෙරේ.
  • 1994 නොවැම්බර් - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති වශයෙන් මැතිවරණය ජයගනී. සිය මව සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරයි.
 
Last edited: