ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන මුලින්ම කතා කළේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ. උන්වහන්සේ ඒ ගැන කතා කරන කොට උන්වහන්සේ ජාතිවාදියෙක් කියලා මිනිස්සු හංවඩු ගැහුවා. මට මතකයි එක් වතාවක් උන්වහන්සේ ජාතික රූපවාහිනියේ පෝයදා වැඩසටහනක මේ ගැන කතා කරන කොට සිසිල් ජිනදාස කියන වැඩසටහන මෙහෙයවපු මාජ්ජවේදියා බොහොම තදින් කිපිලා සෝම හාමුදුරුවන් සමඟ බහින් බස් වීමක් වුනා. වැඩසටහන ඉන් පසු නතර වුනා. ඊට පස්සේ කවදාවත් පෝදා වැඩසටහනටවත් ජාතික රූපවාහිනියටවත් සෝම හිමියන්ව වැඩම වූයේ නැහැ. අද සිසිල් ජිනදාස කොහේ ඉන්නවද දන්නෙ නෑ. නමුත් සෝම හිමියන් එදා කියූ මුස්ලිම් ව්‍යාප්තවාදය අද මුස්ලිම් අන්තවාදයක් වෙලා මුස්ලිම් ත්‍රස්තවාදයක් බවටත් පත් වෙලා. මේ ගැන මුලින්ම අප සමාජය දැනුවත් කළ ගංගොඩවිල සෝම හිමියන්ට මේ උපහාරයක් වේවා!
ඇත්ත කියද්දී බුරපු උන් අද.
