අභිධර්මයේ මචන් පරමාර්ථ ධර්ම 82ක් ගැන කියවෙනවා. සිත, චෛතසික, රූප, නිර්වාන කියන්නෙ ඒ 82 වෙන් කරලා තියන කාණ්ඩ 4.
අපි කාලය කියල අර්ථකථනය කරල තියෙන්නෙ ජරාවට පත්වීම කියන සංකල්පය. අභිධර්මයේදී, බුද්ධධර්මයට අනුව, සියලු සත්වයින්ට පොදු, කාල ඒකකයක් තියනව. ඒ තමයි චිත්තක්ෂණය(එක් සිතක ආයුෂ කාලය).
ඔයා කිව්ව විදිහට කාල තරණය කියල දෙයක් බුද්ධාගමේ නෑ. මොකද ධර්මය පවතින්නෙ වර්තමානයේ. අතීතය හා අනාගතය කියන්නෙ මේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙන වර්තමානය විසින් නිර්මාණය කරන චායාවන්.
දැන් මෙතන ප්රශ්නය තියෙන්නෙ අරහත් වහන්සේලා අනාගතය කියන්නෙ කොහොමද කියන එකනෙ. මේ ගැන විමසනකොට මග ඇරෙන දෙයක් තමයි කර්මශක්තිය කියන දෙය. අපේ හැම වික්ඤාණයක්ම ඇසුරු කරගෙන, හෙවනැල්ල වගේ, ඉස්කෝලේ report card එක වගේ අපි සංසාරේ සකස් කරගත්ත කර්ම ශක්තිය සැරිසරනවා. මෙතැනදී උන්වහන්සේලා කරන්නෙ ඒ වර්තමානයේ තියන කර්ම ශක්තිය විශ්ලේෂණය කරල, අපි අතීත භව වලදී රැස් කරගත්ත කර්මයන් වෙන් වෙන්ව දකිනව; අපේ කර්මය අනුව අනාගතේදී අපේ කර්මයන් ක්‍රියාත්මක වෙලා ඒ පඩිසන් දෙන්න පුළුවන් විදිහ දකිනව. එහෙම තමයි උන්වහන්සේලා අතීතය, අනාගතය දකින්නේ. මනස දියුණු තරමට, කර්ම ශක්තිය විශ්ලේෂණය කරල, දකින්න පුළුවන් දුර හා නිරවද්‍යභාවය වැඩියි.
අජාසත් රජුන්ගේ සිද්ධියේදී, ආනන්තරීය පාප කර්මයේ බලවත් කම නිසා, එතුමාගේ චිත්තයේ අරහත් ඵලයට පත්වීමට අවශ්‍ය ප්‍රඥා සිත ඇති වීම වළක්වනවා. ඒ නිසා තමයි බුදුන්ටවත් එතුමා ඊළඟ භවයේදී නිරයට යන එක නවත්තන්න බැරි උනේ. හැබැයි ඒ කර්ම ශක්තිය විශ්ලේෂණය කරලා බලපු නිසා තමයි බුදුන් ප්‍රකාශ කලේ අජාසත් රජු ඒ ආනන්තරීය පාපය කලේ නැත්නම්, රහත් වීමට හැකියාව තිබ්බ බව, හා එතුමාගේ ඊළඟ භාවය නිරයේ ඇති වන බව.