සෝවාන්/රහත්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දස සංයෝජන වලින් 3ක් නැති වෙනවලු සෝවාන් වෙනකොට

    සකුර්දාගාමි වෙනකොට තව ප්‍රමාණයක් නැති වෙනවලු
    අනාගාමී වෙනකොට තව ටිකක් නැති වෙනවලු

    රහත් වෙනකොට 10 ම ප්‍රහාණය වෙනවලු

    හරියටම දීලා තියනවා ඒ ඒ අවස්තාවලදී ප්‍රහාණය වෙන දේවල් විස්තර
    මට මතක නැ
     
    • Like
    Reactions: Back.kcaB

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    එහෙම හරියටම දන්නේ නැති වෙන්න පුළුවන් නේද... අර රජ්ජුරු කෙනෙක් හිටිය කියන්නේ සෝවාන් වෙලා ආතල් එකේ ඉන්නකොට එක පාරට මිනිස්සු මරන්න එහෙම දඩුවම් දෙන ඒවාට භය වෙලා බුදු හාමුදුරුවෝ හම්බ උනාම ඔයා සෝවාන් වෙලා ඉන්නේ කියලා තිබ්බේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ආසවක්ඛය ඥාණය. ප්‍රහාණය කලයුතු සියළුම ආශ්‍රව ධර්මයන් ඉතිරි නැතුවම සම්පූර්ණයෙන්ම නැති කරා කියන ඥාණය පහල වෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට නං මේ ලෝකෙ අත අරින්න බෑ

    මම මේ ලෝකෙ අත අරින්න අවංකවම තීරණයක් ගත්තු දවසට මම රහත් වෙලා

    අත අරින එකයි මැරෙනවයි කියන්නෙ දෙකක්

    අපි මැරෙන්නෙ ලබන භවයක් ගැන හිතාගෙන

    එහෙම නෙමේ, මට කිසිම දෙයක් එපා, මට කිසිම සතුටක් එපා කියල ලෝකෙ අත ඇරපු දවසට මම රහත් වෙලා

    ඒත් මටනං බෑ මේ ලෝකෙ අත් හරින්න. :( අනිත් අය ඒක කොහොම පාර්තනා කරනවද කියල මට තේරෙන්නෙ නෑ
    තමන්ගෙ හිතම රවට්ටගන්නවද කොහෙද

    ඔතන මහ ලොකු දෙයක් නෑ. රහස අත ඇරීම, මේ ලෝකය අත ඇරීම
    තමන්ගෙ අම්ම තාත්ත බිරිද ස්වාමිය දරුවො ප්‍රිය සියල්ලෝම

    අනේ අම්මේ මටනං බෑ :cry:
     
    • Haha
    • Like
    Reactions: Candid-B and cstasy

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සරලව, පෘථක්ජන කෙනා සෝවාන් වෙද්දි, නිකන් කලුවරේ ඇවිදන් යද්දි එක පාරට තඩි හෙනයක් ගහනවා වගේ.. ඔය හෙනේ ගහද්දි තමයි සෝවාන් මාර්ග සිත ඇති වෙලා ධර්මය අවබෝධ වෙන්නේ, පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්නේ, ත්‍රිලක්ශනය දකින්නේ, නිවන් දකින්නේ

    සක්කාය දිට්ටිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාස දුරු වෙලා ගියහම කාලයත් සමග නිකන්ම කාම රාග, පටිග දුරු වෙන්න ගන්නවා.. (ඕක නිකන් මැජික් එකක් දිහා පුදුම වෙලා බලන් ඉද්දි ඒ මැජික් එක වෙන ට්‍රික් එක දැක්කට පස්සේ කලින් තිබ්බ පුදුමජනක ස්වභාවය නැති වෙනවා වගේ) එතකොට තමයි සකදාගාමි.. එතනින් එහා ඉතුරු fetters ක්සය වෙවී ගිහින් අනාගාමි, අරහත් මාර්ගඵල වලට යනවා
     
    • Love
    • Wow
    Reactions: chamira85 and amino

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    ණයට කියක් හරි ඉල්ල ගත්තම ඉතින් දැනගන්න පුළුවන්
     
    • Haha
    Reactions: codeforme

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම නෙමේ, මට කිසිම දෙයක් එපා, මට කිසිම සතුටක් එපා කියල ලෝකෙ අත ඇරපු දවසට මම රහත් වෙලා
    අපෝ නැහැ, එහෙම කරපු දවසටත් මේ දැන් වගේම පෘථක්ජන කෙනෙක්
    මුකුත් අතහැරලා රහත් වෙන්න බැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    Psychiatrist kiwwa nam Schizophrenic kiyala badu hari. Sowan sakudagama anagami arahath okkoma.

    Beheth gatthama hoda wenawa.

    Udaaharana: damith kariya wasam uncle
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Psychiatrist kiwwa nam Schizophrenic kiyala badu hari. Sowan sakudagama anagami arahath okkoma.

    Beheth gatthama hoda wenawa.

    Udaaharana: damith kariya wasam uncle


    මැනුවල් එකෙම කියනවා "සමහරු" පිස්සු හදන් තමාට මාර්ගඵලයක් ඇතැයි ප්‍රකාස කරනවා කියලා

    ඒත් මනුස්සයෙත් කියන වචන වලින් මාර්ගඵල මනින්න බැහැ.. සමහර විට කියන දේවල් දැක්කහම මූනම් පිස්සෙන් කියලා හිතෙන්න පුලුවන් ඒත් ධර්මාවබෝධය තියෙන කෙනෙක් වෙන්නත් පුලුවන්
     

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    සෝවාන්/රහත් අය තමන් ඒ ගැන දැන ගන්නෙ කෙසේද?
    තියරි
    එහෙම කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි.
    වුන කෙනා දන්නෙත් නෑ.
    මාර්ග ඵල ලාබියෙක්ට වෙන කෙනෙක් ගොඩක් කල් ආශ්‍රය කරොත් අනික් කෙනා මාර්ග ඵල ලාබියෙක් නම් දැන ගන්න පුලුවන්ලු.

    අපි maths දන්නවා නම් තමා අපිට maths වැඩ්ඩෙක් හොයාගන්න පුළුවන් . අපිට වඩා වැඩ්ඩෙක් අපිට මනින්න බෑ.
    අපිට maths පුළුවන් කියලා දැන ගන්නත් අපිට ත් ගොඩක් කල් යනවා .

    Maths දන්නෙම නැති කෙනෙක්ට අහලා වත් නැති කෙනෙක්ට maths වැඩ්ඩෙක් හොයාගන්නම බෑ අදහසක්ම නෑ .
    Maths අහලා ඒත් දන්නේ නැති කෙනෙක් එහෙම වෙන්න ඇති කියලා හිතාගන්නවා විතරයි. Solid නෑ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තියරි
    එහෙම කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි.
    වුන කෙනා දන්නෙත් නෑ.
    මාර්ග ඵල ලාබියෙක්ට වෙන කෙනෙක් ගොඩක් කල් ආශ්‍රය කරොත් අනික් කෙනා මාර්ග ඵල ලාබියෙක් නම් දැන ගන්න පුලුවන්ලු.

    අපි maths දන්නවා නම් තමා අපිට maths වැඩ්ඩෙක් හොයාගන්න පුළුවන් . අපිට වඩා වැඩ්ඩෙක් අපිට මනින්න බෑ.
    අපිට maths පුළුවන් කියලා දැන ගන්නත් අපිට ත් ගොඩක් කල් යනවා .

    Maths දන්නෙම නැති කෙනෙක්ට අහලා වත් නැති කෙනෙක්ට maths වැඩ්ඩෙක් හොයාගන්නම බෑ අදහසක්ම නෑ .
    Maths අහලා ඒත් දන්නේ නැති කෙනෙක් එහෙම වෙන්න ඇති කියලා හිතාගන්නවා විතරයි. Solid නෑ

    ඕක එක එක පුද්ගල ස්වභාවය අනුව සාපේක්ශයි. ඵල සිතුත් ඒ අනුව 2 හෝ 3 ඇති වෙනවා එක එක අයට afaik
    සමහරු සෝවාන් වුන ගමන්ම දන්නවා, සමහරු පස්සේ දැන ගන්නවා. ඒත් වටිනම දේ ඒකෙන් සත පහක වැඩක් නැහැ මාර්ගඵල ලාබියට. අර්ථය ගිලිහුන තව වචනයක් විතරයි "සෝවාන්" කියන්නේ
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ඕක එක එක පුද්ගල ස්වභාවය අනුව සාපේක්ශයි. ඵල සිතුත් ඒ අනුව 2 හෝ 3 ඇති වෙනවා එක එක අයට afaik
    සමහරු සෝවාන් වුන ගමන්ම දන්නවා, සමහරු පස්සේ දැන ගන්නවා. ඒත් වටිනම දේ ඒකෙන් සත පහක වැඩක් නැහැ මාර්ගඵල ලාබියට. අර්ථය ගිලිහුන තව වචනයක් විතරයි "සෝවාන්" කියන්නේ
    (y)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    සෝවාන් වීම යෝගාවචරයන්ට දැනෙන හැටි​

    කියන ලද පරිදි යෝගාවචරයා ගේ සිත සංස්කාරයන් හැර අරමුණු කිරීම් වශයෙන් ලෝකෝත්තර නිර්වාණ ධාතුවට පැන වැදුණු පසු නිවනට පැමිණීමට ඉතා සමීප කාලයේදී එකිනෙකට වඩ වඩා පැහැදිලි ලෙස තුන් සතර වරක් ඇති වූ සංස්කාර දර්ශනය ද කලින් සිහි කරමින් සිටි සංස්කාර සියල්ල හැර සිත නිර්වාණාරම්මණයට පැමිණීම ද යෝගාවචරයාට හොඳින් දැනෙන්නේ ය.

    ලෝකෝත්තර ප්‍ර‍ථම මාර්ගයට පැමිණියා වූ ඇතැම් යෝගාවචරයන්ට එය කලින් සිහි කරමින් සිටි සංස්කාරයන් හා සිහි කරන සිත් පරම්පරාව හදිසියේ ම සිඳී ගියාක් මෙන් වැටහෙන්නේ ය. ඇතැමකුට හිස මත හෝ කරෙහි තුබූ බරක් තල්ලු කර දැමුවාක් මෙන් ද, අතින් එල්ලා ගෙන සිටි බරක් බිමට වැටුණාක් මෙන් ද, හදිසියෙන් බන්ධනයකින් මිදුණාක් මෙන් ද, දැල්වෙමින් තුබූ පහනක් නිවී ගියාක් මෙන් ද, අඳුරෙන් එළියට ආවාක් මෙන් ද, අවුල් ගොඩක් ඇති තැනක සිට අවුලක් නැති තැනකට පැමිණියාක් මෙන් ද, දියෙහි ගැලුණාක් මෙන් ද, මෙසේ නොයෙක් ආකාරයෙන් සිත කලින් අරමුණු කරමින් සිටි සංස්කාරයන් හැර නිර්වාණාරම්මණයට පැමිණීම වැටහෙන්නේ ය.

    සංස්කාර නිරෝධය වූ නිර්වාණ ධාතුව දුටු කාලය ඉතා කෙටි කාලයකි. එය යම් කිසි සංස්කාරයක් එක් වරක් සිහි කිරීමට යන කාලය තරම් කාලයෙකි. එබැවින් යෝගාවචරයාට ඒ හදිසි සිදුවීම ගැන කල්පනා ඇති වේ. ඔහුට “මේ හදිසියෙන් දර්ශනය වූ දෙය ලෝකෝත්තර නිර්වාණ ධාතුව විය යුතුය, ඒ අවස්ථාවේදී ලෝකෝත්තර මාර්ග ඥානය විය යුතු ය” කියා කල්පනා විය හැකි ය. මාර්ගඵල නිර්වාණ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ගේ සැටි කලින් පොත පතින් උගෙන තිබුණා වූ ද ගුරුන්ගෙන් අසා දැන තිබුණා වූ ද යෝගාවචරයන්ට හදිසියෙන් තමාට දර්ශනය වූ දෙය “තමන් සොයමින් සිටින ලෝකෝත්තර නිර්වාණ ධාතුව ම ය, එය දැකීම් වශයෙන් ඇති වූයේ ලෝකෝත්තර මාර්ගය හා ඵලය ය, මම දැන් ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් නිවන් දුටු සෝවාන් පුද්ගලයෙක් වෙමිය” යන අදහස පහළ වේ.

    තමන් පැමිණි සෝවාන් මාර්ගය ඵලය ගැන දැන ගත්තා වූ යෝගාවචරයන් ගෙන් ඇතැමෙක් තමන් ලත් ලෝකෝත්තර මාර්ගයේ බලයෙන් ප්‍ර‍හීණ වූ කෙලෙස් ගැන ද තමන්ට ඉතිරි වී ඇති කෙලෙස් ගැන ද කල්පනා කරති. ඉක්බිති පෙර පරිදි තමන්ගේ කායික චෛතසික පැවතුම් සිහි කරන්නට පටන් ගනිති. පුරුදු පරිදි නාම රූපයන් සිහි කරන්නා වූ යෝගාවචරයා හට සියලු ම කායික ක්‍රියාවල හා චිත්තවේදනාදියෙහි ද අග මුල දෙක හෙවත් ඉපදීම් බිඳීම් දෙක ඉතා පැහැදිලි ලෙස කැපී පෙනෙන්නට වේ. ඒ නිසා සිහි කිරීමේ වේගය අඩු වූවාක් මෙන්, නැවතත් භාවනා මාර්ගයේ ආපසු ගියාක් මෙන් වැටහිය හැකි ය.

    දැන් යෝගාවචරයා පැමිණ සිටින්නේ උදයව්‍යය ඥානයට ය. එබැවින් එය භාවනා මාර්ගයෙහි නැවත ආපසු යාමක් ද වේ. යෝගාවචරයා කෙරෙහි මේ අවස්ථාවෙහි පවත්නේ උදයව්‍යය ඥානය බැවින් සමහර විට යෝගාවචරයාට ආලෝකය හා නොයෙක් රූ සටහන් ද පෙනිය හැකි ය. සමහරුන්ට සංස්කාරයන් සිහි කිරීම පටන් ගත් අලුත අරමුණු හා සිහි කිරීම් සුදුසු සේ එකින් එකට නො ගැලපෙන බවක් ද ඇති විය හැකි ය. සමහරුන්ට කුඩා කුඩා දුක්ඛ වේදනා ද දැනෙන්නට විය හැකි ය. මේ කාලයේ වැඩි දෙනකුන්ට ඇති වන්නේ ඉතා දීප්තිමත් සිත් පරම්පරාවෙකි. ඒ කාලයේ දී ශරීරයක් ඇති බවකුත් නො දැනී සිත පමණක් අහසෙහි පවතින්නාක් මෙන් යෝගාවචරයාට දැනේ. ඉතා සැපයක් ද දැනේ. ඒ අවස්ථාවෙහි ඇති වන සිත් පරම්පරාව සිහි කරන්නට ද නුපුළුවන් වේ. සිහි කෙළේ ද, ඒ සිත් කලින් ඇති වූ සිත් සේ කැපී වෙන් වී නො පෙනේ.

    යෝගාවචරයා ගේ සිත බැහැර අන් අරමුණු කරා ද නො දිවේ. ආරම්මණයන් ගැන සිතන්නට ද නො හැකි අයුරින් ඉතා ප්‍ර‍සන්න සුඛ ස්වභාවයක් ඇතිව සිත පවතී. ඒ ප්‍ර‍සන්නතාවයෙන් යුක්තව පවත්නා චිත්තපරම්පරාවේ වේගය අඩු වූ කල නැවත සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් පෙනෙන්නට වේ. මඳ වේලාවක් එසේ කරන කල්හි ඉතා සියුම් වූ ද සුන්දර වූ ද මනස්කාරයට නැවත ද පැමිණිය හැකි ය. ඒ අවස්ථාවෙහි ඥාන වේගය බලවත් වුවහොත් නැවතත් යෝගාවචරයාගේ සිතට සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය පෙනෙන්නේ ය. සමාධි ඥාන දෙක දියුණු නම් යෝගාවචරයාගේ චිත්තය මෙසේ නැවත නැවත අරමුණු කිරීම් වශයෙන් සංස්කාරයන් ගේ නිරෝධ ස්වභාවයට පැමිණෙන්නේ ය. මෙකල වෙසෙන ප්‍ර‍ථම මාර්ගයට පමණක් පැමිණීමේ බලාපොරොත්තුව ඇති පින්වතුන් ගේ සිත මෙසේ නැවත නැවත සෝතාපත්ති ඵලයට ම පැමිණෙන්නේ ය. මේ සෝවාන් ඵලයට පැමිණීම දක්වා භාවනා ක්‍ර‍මය ය.

    මෙසේ සතිපට්ඨාන භාවනාවෙහි යෙදී ලාමක පෘථග්ජන භාවය ඉක්මවා ආර්‍ය්‍ය ශ්‍රාවක භාවයට පැමිණි පුද්ගලයා අලුතෙන් උපන් කෙනකුන් මෙන් අමුතු ගති ගුණ ඇත්තේ වේ. ඔහුට ඉතා දියුණු තියුණු ශ්‍ර‍ද්ධාව ඇත්තේ ය. ඒ ශ්‍ර‍ද්ධා වේගය නිසා ප්‍රීති ප්‍ර‍ශබ්ධීහු ද ඔහුට බලවත්ව ඇති වෙති. ඔහුට මහත් සුවයක් ද ඇති වේ. ප්‍රීති සුඛ වේගය නිසා ඔහුගේ ශරීරය තුළ ඉහළට නැග එන එක්තරා ස්වභාවයක් ඇති වේ. එයින් සෝවාන් ඵලයට පැමිණි වහාම ඔහුට පෙර කරගෙන ආ පරිදි සංස්කාර සිහි කිරීම පැවැත්විය හැකි නොවේ. ඔහුට සංස්කාර මෙනෙහි කිරීම මැනවින් පැවැත්විය හැකි වන්නේ පැය ගණනක් හෝ දින ගණනක් හෝ පසු වී ශ්‍ර‍ද්ධාදියේ වේගය අඩු වූ පසු ය. සෝවාන් ඵලයට පැමිණි අලුත ඇතැමකුට පුරුදු පරිදි භාවනාව ඉදිරියටත් කර ගෙන යාමේ අදහස තුනී වෙයි. භාවනාව සෑහුණා සේ සිතෙයි. ඒ තෘප්තියට පැමිණීම සිදු වන්නේ මුලින් සෝවාන් වුවත් ඇතය යන අදහසින් භාවනාවෙහි යෙදුණු බැවිනි.

    පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍ර‍මය​

    රේරුකානේ චන්දවිමල ස්ථවිර