සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට..🔴👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට

    අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්වී තිබුණි.

    එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

    මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කපා කපා කෑලි කපා. දියවු දියවු පිනට දියවු පොන්සියෝ ටික ඉගනගන්න එක නැතුව අනිත් හැමදේම කරනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,310
    113
    දෙහිවල
    ඉස්පිරිතාලෙකට ගිණි තියපල්ලා. එතකොට හරි. :)
    එතකොට ඇඩ්මිට් වෙන්නෙ පපුවෙ අමරුවට, ටිකට් කපන් එලියට එන්නෙ පිලිස්සුම් තුවාල එක්ක?
     
    • Haha
    Reactions: Candid-B