සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

    ඖෂධ හිඟය එක ප්‍රදේශයක පමණක් නොව සමස්ත රට පුරාම පවතින බවත් ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් රටම අවධානමකට පත්ව ඇති බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

    රෝහල්වල හිඟ ඖෂධ ලැයිස්තු වඩාත් දිගු ඒවා බවට පත්ව ඇති බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා හෘද රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාවට අවශ්‍යම බෙහෙත් වර්ග තුනක දැඩි හිඟයක් පැවතීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්ව ඇතැයි ද සඳහන් කළේය.


    Souce: https://www.lankadeepa.lk/latest_news/සෞඛ්‍ය-පද්ධතියම-දැඩි-අවධානමක/1-611702