ඔව් ඒක ඇත්ත. ඒකාබද්ධ සෞඛ්‍ය සංධානය විදියට සහයෝගය දක්වනවා. නමුත් පුද්ගලිකව මම නං සහය දැක්වීම ගැනත් ටිකක් හිතනවා. මොකද හේතුව x ray technitians ලා පස්සේ යන එක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද එයාලා දැනටමත් දොස්තරලා ට වඩා වැඩි වැටුපක් ගන්නවා. අපිත් හෙද විද්‍යාල වල අවුරුදු 3 ක් ඉගෙන ගෙන එලියට එන්නේ. එයාලා අවුරුද්දක කෝස් එකක් කරලා 250000 ක් විතර පඩි අරගෙන තවත් පඩි ඉල්ලනවා. අපිත් එටාල එක්ක ගියොත් අපිත් ඒ ගානම පඩි ගන්නවා කියලා අපිට අපේ දෙයක් වත් කරගන්න බැරි වෙනවා....
පොදු කාරනා වලදි එකතු උණත් පුද්ගලික ගමනක් යන්න අනන්‍යත්වයක් / ස්වාධීනත්වයක් තියෙන්න ඕනි.. දැන් බලන්න Physiotherapist ලා.. එයාලා ස්ට්‍රයික් කරේ නෑ.. වෘත්තීය සමිති සංසදයටත් නෑ.. හැබැයි ඔයාලා සටන් කරල දිනාගත්තු දේවල් එයාලටත් ඉබේම ලැබුණා..
හැබැයි සහෝදරයා මෙහෙමයි, ඔයාලා සෞඛ්‍ය සේවකයන් විදියට බහුතරයක් රාජ්‍ය සේවයකන්ට වඩා වැඩි වැටුපක් ගන්නවා (දීමනා ගොඩක් එකතු වෙලා තියෙන නිසා).. ඒත් අපේ සෞඛ්‍ය සේවයෙ දියුණුව කොහෙද තියෙන්නෙ? අඩුම තරමෙ ඔයාලාගෙ සම සෞඛ්‍ය උපාධියටත් බාල්දි වැටුන නෙ? ඒ අපේම එක කොට්ඨාශයක් කරපු කුපාඩි වැඩක් නිසානෙ... එයාලා කාලයක් තිස්සෙ ඉහලම තලයක වැටුප් අරන්, පර්මිට් වගේ වරප්‍රසාද ගත්තු නිසා ටික කාලයක් යද්දි ඇතිවෙච්චි කුහකත්වයක් / පැලැන්තිවාදයක් නිසා තව මිනිහෙක් ඒ හා සමාන හෝ ඒ ආසන්නයට එනවට ඇතිඋණු අකමැත්ත නිසා දෝ කියල මට හිතෙනව (සමහර විට මම වැරදි ඇති)... ඔයාලත් කාලයක් යද්දි ඒ තැනට එයිද දන්නෙ නෑ නේ? අපි හැමෝම මිනිස්සු නෙ..
ඒක නිසා මම හිතනවා ඉල්ලීම් දිනා ගන්න ගමන්, තම තමන්ගෙ තනතුරු වල ආරක්‍ෂාව, recognition එක හදා ගන්න ගමන් මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට හොඳ සෞඛ්‍ය සේවාවකුත් දෙන්න සටන් කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි කියල.. හැබැයි මම කලින් කියපු කතාවම ආයිමත් කියනවා.. ඔයාලගෙ ඉල්ලීම් වැරදි නෑ.. හැබැයි මේක හොඳ වෙලාවක් නෙවෙයි එවුව ඉල්ලලා සටන් කරන්න.. රටේ අති මහත් බහුතරයක් මිනිස්සු හරියට කන්න නැතුව, වගාවන්ට පෝර නැතුව, වාහනේකට ඉන්ධන නැතුව, කරන්ට් එක නැතුව නප්පියටම හිර වෙලා ඉන්න මේ වගේ කාලෙක emergency ත් නවත්තලා වෘත්තීය අරගල කරන එක වැරදියි.. රටේ සල්ලි නැතුව මේ පිස්සු යක්කු සල්ලි අච්චු ගගහ දීල උද්ධමනය ආලෝකයේ වේගයෙන් ඉහල යන එක තවත් වැඩි වෙනව නේද ඔයාලා තවත් පඩි වැඩිවීමක් ඉල්ලුවම.. අනිත් එක ඔයාලා මොනව හරි කරල ඒ ඉල්ලීම් දිනා ගත්තොත් ඊලඟට අනිත් කට්ටියත් පටන් ගන්නවා.. මේ සටන් දැන්ම ඉවර වෙන එකක් නෑ.. ඒක මේ වෙලාවෙ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක කොහෙත්ම හොඳ ප්‍රවණතාවයකුත් නෙවෙයි... මම කියන්නෙ දූර දර්ශී පාලකයො හිටියනම් මේ වෙලාවෙ ගුරුවරුන්ටත් පඩි වැඩිවීමක් දෙන්නෙ නෑ.. සාමාන්‍ය දැනීමක් තියෙන එකෙක උනා නම් තේරෙනවා සංවෘත සේවාවක් උණත්, ඉහල වැටුප් තලයක පිහිටෙවුවම සමාන්තර ශ්‍රේණි ත් ඒ වැටුප් තලය ඉල්ලනවයි කියන එක... මම හිතන්නෙ ඒ දේට පිළියම අර GMOA එකෙන් ගෙනාපු (සමහර විට යටි අරමුණුත් ඇති) වැටුප් කොමිසමේ යෝජනාව තමයි.. එතකොට එක එක පිස්සු, මන්ද මානසික, නූගත් දේශපාලුවන්ට හිතූ හිතූ විදියට එක එක ශ්‍රේණීන්ට සලකන්න බෑ.. ඒ වගේම වැටුප් විෂමතාවයන් ඉස්සරහට ඇති වෙන එකකුත් නෑ..