මේ දිනවල සෞදි අරාබියේ එක්තරා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඉතා සිත් ගන්නාසුලු ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. "THE LINE" යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, කතාබහට ලක් වුණේ 2021 වර්ෂයේ සිට යි. වර්තමානයේ දී ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලෝකයට ලබා දීමට සෞදි රජය සමත් වී තිබෙනවා.
"THE LINE" යනු සරලව ම නගරයක් ලෙස සැලකිය හැකි යි. නගරයක් කියූ සැණින් වර්ග කිලෝමීටර් සිය ගණනක් පැතිරුණු ගොඩනැඟිලි සමූහයක් තමයි අපට සිහිපත් වෙන්නේ. වර්තමාන නගර කොතරම් නවීකරණය වුවත්, ඒවා අවකාශය අහුරාලමින් සාම්ප්‍රදායික ලෙස භූමිය පුරා පැතිරනවා. "THE LINE" යනු එලෙස සාම්ප්‍රදායික ව භූමිය අතික්‍රමණය කරන නගරයක් නොවෙ යි. අපි කොළඹ නගරය උදාහරණයකට ගනිමු. කොළඹ නගරයේ සියලු ගොඩනැඟිලි මීටර් පන්සියයක් පමණ උස සිරස් බිත්ති දෙකක් අතරට ගොනු කළ හැකි නම්, අවසානයේ දී කොළඹ නගරය අපට සිහින් තීරුවක් වැනි තනි ගොඩනැඟිල්ලක් ආකාරයෙන් දිස් වේවි. "THE LINE" කියන්නේත් එවැනි සංකල්පයක් අනුව ඉදිවෙන රේඛීය නගරයක්. එහි දිග කිලෝ මීටර් 170 ක් පමණ වෙනවා!
විවිධ භූ ගෝලීය කලාප හරහා ගමන් කරන "THE LINE" - www.neom.com
"THE LINE" හි විශේෂත්වය එතැනින් නතර වන්නේ නැහැ. සෞදි රජය නගරය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සංකල්ප සැලකීමේ දී එය වඩාත් ආසන්න වන්නේ විද්‍යා ප්‍රබන්ධයකට යි. ඇතැමුන් මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරගත නොහැකි මනෝරාජිකයක් ලෙස සලකනවා. නමුත්, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් සහ සෞදි රජයේ අධිෂ්ඨානයත් සුළුපටු නැහැ.
"NEOM" ව්‍යාපෘති ජාලය ක්‍රියාත්මක වන්නේ ටබුක් පළාතට අයත් "ඇකාබා බොක්ක" ආශ්‍රිතව යි. සියලු ව්‍යාපෘති නිම වූ පසු වර්ග කිලෝමීටර් 26,500 ක් පුරා පැතිරුණු එකිනෙකට සම්බන්ධිත "ස්මාර්ට් නගරයක්" ආකාරයෙන් NEOM ජාලය දිස්වනු ඇති. සෞදි රජය, අමෙරිකානු ඩොලර් බිලියන 500 ක ඇස්තමේන්තුගත අය වැයක් සහිත සංවෘත හවුල් කොටස් සමාගමක් ආකාරයෙන් මෙය ක්‍රියාත්මක කරනවා.
NEOM හි සංවර්ධකයන්ට අනුව වත්මන් සෞදි අධිකරණ පද්ධතියේ සීමා මායිම්වලට මෙම ව්‍යාපෘතිය හසු වන්නේ නැහැ. ඒ සඳහා වෙන ම ස්වාධීන නීති පද්ධතියක් නිර්මාණය වන බව පැවසෙනවා. දැන් අපි නැවතත් "THE LINE" කෙරෙහි අවධානය යොමු කරමු.
නගරය මට්ටම් තුනකින් සමන්විත යි - www.express.co.uk
නගරය ප්‍රධාන මට්ටම් තුනකින් සමන්විත යි. පළමු මට්ටම මහා මාර්ග හෝ රථ වාහන නොමැති කලාපයක් ලෙස නිර්මාණය වෙනවා. එය සම්පූර්ණයෙන් ම වෙන් වන්නේ පදිකයන් වෙනුවෙන්. හරිත උද්‍යාන සහ මිනිසුන්ට විවේකී ව කාලය ගත කිරීමේ සියලු පහසුකම්වලින් එය සමන්විත යි. දෙවැනි මට්ටම සේවා උදෙසා වෙන් වෙනවා. නගරයේ සියලු ම කඩ සාප්පු සහ වාණිජ ක්‍රියාකාරකම් එහි සිදුවනු ඇති.
රේඛීය නගරයේ අභ්‍යන්තරය - www.theverge.com
තෙවැනි සහ පහළ ම මට්ටම සලකන්නේ නගරයේ කශේරුකාව වශයෙන්. භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ප්‍රවාහන සේවා එහි ක්‍රියාත්මක වන අතර, අධිවේගී සංක්‍රමණ පද්ධතියක් හරහා රේඛීය නගරයේ ඕනෑම ස්ථානයකට විනාඩි 20 ක් වැනි කෙටි කලකින් ළඟා වීමේ හැකියාව අත්කර දෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවයට මූලික ස්ථානයක් ලැබෙන අයුරින් නගරය සැලසුම් වෙනවා.
ඊළඟට වැදගත් ම කාරණය වන්නේ කාබන් උදාසීන බුබුළක් ආකාරයෙන් නගරය පවත්වා ගෙන යෑමේ අපේක්ෂාව යි. මෝටර් රථ සහ මාර්ග වැනි කාබන් විමෝචනය අධික යටිතල පහසුකම් ඉවත් කර ඇති බැවින්, නගරය කාබන් ශූන්‍ය වනු ඇති. නගරයේ ඇති ගෘහස්ථ ඒකක සහ කර්මාන්ත ඇතුළු සියල්ල ම පුනර්ජනනීය බලශක්තිය මත ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරුවන් අපේක්ෂා කරනවා. 2060 වනවිට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කරා ගෙන යෑමේ ප්‍රතිඥාවක් සෞදි රජය ලබා දී තිබුණත්, බොහෝ පරිසරවේදීන් ඒ ගැන සැක සාංකා මතුකර තිබුණා. ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් මත පදනම් වූ ආර්ථිකයක් සෞදි අරාබියේ තිබීම ඊට හේතුව යි. නමුත්, මෙවැනි තිරසර ව්‍යාපෘති හරහා තම අනාගත පාරිසරික ප්‍රතිපත්තිය ගැන යම් පණිවිඩයක් ලබා දීමට සෞදි රජය සමත් වී තිබෙනවා.
"THE LINE" යනු සරලව ම නගරයක් ලෙස සැලකිය හැකි යි. නගරයක් කියූ සැණින් වර්ග කිලෝමීටර් සිය ගණනක් පැතිරුණු ගොඩනැඟිලි සමූහයක් තමයි අපට සිහිපත් වෙන්නේ. වර්තමාන නගර කොතරම් නවීකරණය වුවත්, ඒවා අවකාශය අහුරාලමින් සාම්ප්‍රදායික ලෙස භූමිය පුරා පැතිරනවා. "THE LINE" යනු එලෙස සාම්ප්‍රදායික ව භූමිය අතික්‍රමණය කරන නගරයක් නොවෙ යි. අපි කොළඹ නගරය උදාහරණයකට ගනිමු. කොළඹ නගරයේ සියලු ගොඩනැඟිලි මීටර් පන්සියයක් පමණ උස සිරස් බිත්ති දෙකක් අතරට ගොනු කළ හැකි නම්, අවසානයේ දී කොළඹ නගරය අපට සිහින් තීරුවක් වැනි තනි ගොඩනැඟිල්ලක් ආකාරයෙන් දිස් වේවි. "THE LINE" කියන්නේත් එවැනි සංකල්පයක් අනුව ඉදිවෙන රේඛීය නගරයක්. එහි දිග කිලෝ මීටර් 170 ක් පමණ වෙනවා!
විවිධ භූ ගෝලීය කලාප හරහා ගමන් කරන "THE LINE" - www.neom.com
"THE LINE" හි විශේෂත්වය එතැනින් නතර වන්නේ නැහැ. සෞදි රජය නගරය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සංකල්ප සැලකීමේ දී එය වඩාත් ආසන්න වන්නේ විද්‍යා ප්‍රබන්ධයකට යි. ඇතැමුන් මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරගත නොහැකි මනෝරාජිකයක් ලෙස සලකනවා. නමුත්, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් සහ සෞදි රජයේ අධිෂ්ඨානයත් සුළුපටු නැහැ.
සෞදියේ "ස්මාර්ට් නගරය"
"THE LINE" යනු ව්‍යාපෘති ජාලයක එක කොටසක් පමණ යි. සමස්තයක් ලෙස මෙම ව්‍යාපෘති ජාලය "NEOM" ලෙස හඳුන්වන අතර, එය සමාගමක් වශයෙන් සංවිධානය වී ක්‍රියාත්මක වෙනවා. "NEOM" හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය දරන්නේත් මොහොමඩ් බින් සල්මාන් කුමරු යි. "THE LINE" හැරුණු විට "Oxagon" සහ "Trojena" වඩාත් අවධානය දිනාගත් NEOM ව්‍යාපෘති ලෙස සැළකෙනවා. ඒවා වෙනම ලිපියකින් විස්තර කිරීමට තරම් කරුණු අඩංගු දැවැන්ත ව්‍යාපෘති වන බැවින්, මෙම ලිපියේ දී "THE LINE" ගැන පමණක් අප සලකා බලනවා."NEOM" ව්‍යාපෘති ජාලය ක්‍රියාත්මක වන්නේ ටබුක් පළාතට අයත් "ඇකාබා බොක්ක" ආශ්‍රිතව යි. සියලු ව්‍යාපෘති නිම වූ පසු වර්ග කිලෝමීටර් 26,500 ක් පුරා පැතිරුණු එකිනෙකට සම්බන්ධිත "ස්මාර්ට් නගරයක්" ආකාරයෙන් NEOM ජාලය දිස්වනු ඇති. සෞදි රජය, අමෙරිකානු ඩොලර් බිලියන 500 ක ඇස්තමේන්තුගත අය වැයක් සහිත සංවෘත හවුල් කොටස් සමාගමක් ආකාරයෙන් මෙය ක්‍රියාත්මක කරනවා.
NEOM හි සංවර්ධකයන්ට අනුව වත්මන් සෞදි අධිකරණ පද්ධතියේ සීමා මායිම්වලට මෙම ව්‍යාපෘතිය හසු වන්නේ නැහැ. ඒ සඳහා වෙන ම ස්වාධීන නීති පද්ධතියක් නිර්මාණය වන බව පැවසෙනවා. දැන් අපි නැවතත් "THE LINE" කෙරෙහි අවධානය යොමු කරමු.
නගරය මට්ටම් තුනකින් සමන්විත යි - www.express.co.uk
මූලික ව්‍යුහය
"THE LINE" රේඛීය නගරය, දර්පණ ආවරණය කරන ලද ගොඩනැඟිලි දෙකකින් සමන්විත යි. නගරය පිහිටන්නේ මේ දර්පණ ගොඩනැඟිලි දෙක අතර යි. දර්පණ ගොඩනැඟිලි ද්විත්වයේ උස මීටර් 500 ක් ලෙස දැක්වෙන අතර, ගොඩනැඟිලි දෙක අතර පරතරය මීටර් 200 ක් ලෙස යි වාර්තා වන්නේ. ඒ අනුව "THE LINE" හි වපසරිය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 34 කට ආසන්න යි. බැලූ බැල්මට ම ඉතා කුඩා වපසරියක් වුවත්, මිලියන 9 කට පමණ නිවහන් සැපයීම හැකියාව "THE LINE" සතු යි. නගරය සිරස් අතට සැලසුම් වන නිසා එතරම් මිනිස් ධාරිතාවක් දැරීමේ හැකියාව ලැබෙනවා.නගරය ප්‍රධාන මට්ටම් තුනකින් සමන්විත යි. පළමු මට්ටම මහා මාර්ග හෝ රථ වාහන නොමැති කලාපයක් ලෙස නිර්මාණය වෙනවා. එය සම්පූර්ණයෙන් ම වෙන් වන්නේ පදිකයන් වෙනුවෙන්. හරිත උද්‍යාන සහ මිනිසුන්ට විවේකී ව කාලය ගත කිරීමේ සියලු පහසුකම්වලින් එය සමන්විත යි. දෙවැනි මට්ටම සේවා උදෙසා වෙන් වෙනවා. නගරයේ සියලු ම කඩ සාප්පු සහ වාණිජ ක්‍රියාකාරකම් එහි සිදුවනු ඇති.
තෙවැනි සහ පහළ ම මට්ටම සලකන්නේ නගරයේ කශේරුකාව වශයෙන්. භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ප්‍රවාහන සේවා එහි ක්‍රියාත්මක වන අතර, අධිවේගී සංක්‍රමණ පද්ධතියක් හරහා රේඛීය නගරයේ ඕනෑම ස්ථානයකට විනාඩි 20 ක් වැනි කෙටි කලකින් ළඟා වීමේ හැකියාව අත්කර දෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවයට මූලික ස්ථානයක් ලැබෙන අයුරින් නගරය සැලසුම් වෙනවා.
නොවෙනස් වන දේශගුණයක්!
"THE LINE" ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සිදු කරන ප්‍රදේශය කාන්තාර දේශගුණයක් සහිත භූ ගෝලීය කලාපයක් බැවින්, නගරය තුළ ප්රශස්ත දේශගුණික තත්ත්වයක් පවත්වා ගෙන යෑමට සිදු වෙනවා. මෙය ඉතා අභියෝගාත්මක ක්‍රියාවලියක්. කෙසේ නමුත්, නියාමනය කළ ක්ෂුද්‍ර දේශගුණයක් නගරය තුළ පවත්වා ගෙන යෑම මූලික සැලසුමේ අංගයක් ලෙස ක්‍රියාත්මක වේවි. නොවෙනස් වන ක්ෂුද්‍ර දේශගුණයක් පවත්වා ගැනීම සඳහා හිරු එළිය, සෙවණ සහ ස්වභාවික වාතාශ්‍රය යන සාධක ප්රශස්ත ලෙස සමතුලිත වන අන්දමින් පරිසරය ප්‍රවේශමෙන් නිර්මාණය කිරීමට සැලසුම්කරුවන් උත්සුක වෙනවා. නගරය පුරා "හරිත විවෘත" අවකාශයක් නිර්මාණය කිරීමෙන් එම අභියෝගය ජයගනු ඇති.ඊළඟට වැදගත් ම කාරණය වන්නේ කාබන් උදාසීන බුබුළක් ආකාරයෙන් නගරය පවත්වා ගෙන යෑමේ අපේක්ෂාව යි. මෝටර් රථ සහ මාර්ග වැනි කාබන් විමෝචනය අධික යටිතල පහසුකම් ඉවත් කර ඇති බැවින්, නගරය කාබන් ශූන්‍ය වනු ඇති. නගරයේ ඇති ගෘහස්ථ ඒකක සහ කර්මාන්ත ඇතුළු සියල්ල ම පුනර්ජනනීය බලශක්තිය මත ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරුවන් අපේක්ෂා කරනවා. 2060 වනවිට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කරා ගෙන යෑමේ ප්‍රතිඥාවක් සෞදි රජය ලබා දී තිබුණත්, බොහෝ පරිසරවේදීන් ඒ ගැන සැක සාංකා මතුකර තිබුණා. ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් මත පදනම් වූ ආර්ථිකයක් සෞදි අරාබියේ තිබීම ඊට හේතුව යි. නමුත්, මෙවැනි තිරසර ව්‍යාපෘති හරහා තම අනාගත පාරිසරික ප්‍රතිපත්තිය ගැන යම් පණිවිඩයක් ලබා දීමට සෞදි රජය සමත් වී තිබෙනවා.
"Work-Life Balance" සඳහා මුල්තැන
ස්වභාවධර්මයට ක්ෂණිකව සහ බාධාවකින් තොරව ප්‍රවේශය විය හැකි අන්දමින් නගරය නිර්මාණය කිරීම "NEOM" සැලසුම්කරුවන් ගේ මුඛ්‍ය අරමුණු අතර තිබෙනවා. ඒ සඳහා ඕනෑම නගරවැසියකුට ගත වන්නේ මිනිත්තු දෙකක් පමණ යි. ඇතුළත නිර්මාණය කරන උද්‍යානවලට අමතර ව කිලෝ මීටර් 170 ක් පුරා විහිදෙන නගරයට හමු වන ස්වභාවික භූ දර්ශන, කඳු පංතීන් සහ පෞරාණික ස්ථාන වෙත පහසු ප්‍රවේශයක් නගරවාසීන්ට ලැබෙනු ඇති. ඒ අනුව ඇතුළත ස්වභාවික පරිසරය සහ බාහිර ස්වභාවික පරිසරය යන දෙක ම එකට නැරඹීමේ සහ විඳීමේ හැකියාව නගරවාසීන්ට ලැබෙනවා. විවෘත අවකාශය, ස්වභාවධර්මය සමඟ ඒකාබද්ධ කිරීම හරහා වාතයේ ගුණාත්මකභාවයටත් පිළියම් යෙදීම සිදු වෙනවා.