සෞදි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මැදපෙරදිග තවත් කඳුළු කතාවක්‌

    මට පයින් ගහලා වැටුණාට පස්‌සේ ඇණයක්‌ රත්කරලා බඩ පිච්චුවා - සෞදි රැකියාවට ගොස්‌ පැමිණි සිරියාවතී කියයි.

    1014230_668249879874789_1607203709_n.jpg


    "මට දියණියන් තිදෙනෙක්‌ ඉන්නවා. ඔවුන් වයස අවු. 13, 12, 4 යන වයස්‌වල පසුවෙනවා. සැමියා විශ්‍රාමික ලංගම රියෑදුරෙක්‌. අපේ අගහිඟකම් නිසා මම මැදපෙරදිග රැකියාවකට යැමට තීරණය කළා. ඒ අනුව කුරුණෑගල ප්‍රසිද්ධ විදේශ රැකියා ආයතනයක නියෝජිතයකු මාර්ගයෙන් පසුගිය 2012 මාර්තු 12 වැනිදා සෞදි රට බලා පිටව ගියා. මම එසේ පිටව යන විට ඒජන්සියෙන් ලැබිය යුතු ලක්‍ෂයක මුදල වෙනුවට ලැබුණේ රු. 80000/- ක්‌ පමණයි ඒකත් එකවර ලැබුණේ නෑ.

    සෞදි රටේ පළමුව වැඩට ගිය නිවසට මම භාර ගත්තේ නෑ. මං මහත වැඩියි කියලා ආපසු ඒ රටේ ඒජන්සියට භාර දුන්නා. ඔවුන් මාව සාරා නමැති සෞදි කාන්තාවගේ නිවසේ සේවයට යෑව්වා. එහි මගේ රාජකාරිය වූයේ නිවුන් දරුවන් තිදෙනෙක්‌ බලාගෙන සිටීමයි. ඊට අමතරව කෑම පිසින්නටත් නියම වුණා. මේ සඳහා වැටුප වශයෙන් සෞදි රියාල් 650 ක්‌ ගෙවීමට නියමව තිබුණත් මට ගෙව්වේ රියාල් 500 යි. ඒකත් නියම වේලාවට ලැබුණේ නෑ.

    වසර එකහමාරක්‌ පමණ එම ගෙදර නොවිඳිනා දුක්‌ වින්දා. හැම දුකක්‌ම මම ඉවසුවේ දරුවන් නිසා. ඒ අනුව සුළු වැරදීමකට පවා සාරා නමැති ගැහැනිය මට පහර දුන්නා. දවසක්‌ ඇය මට කොස්‌සක්‌ කැඩෙනකල් පහර දුන්නා. අනන්තවත් පයින් පහර දීලා තිබෙනවා. දවසක්‌ මට ගහලා වැටුණට පස්‌සේ අඬ අඬා ඉන්නකොට යකඩ ඇණයක්‌ රත්කරලා බඩේ තැන් හයක තියලා පිච්චුවා.

    සිදු වූ තුවාලවලටවත් ප්‍රතිකාර අරන් දුන්නේ නෑ. මට ඇය දුන් වධ හිංසා නිසා මගේ දකුණු අතේ ගෙඩියක්‌ ආවා. දැන් එතැන අල්ලනවිට හිරිවැටෙනවා. වාඩිවෙලා නැගිටින කොට කොන්දේ කැක්‌කුමක්‌ එනවා. බොහොම අමාරුවෙන් නැගිටින්නේ. මට ගෙදරින් කෝල් එකක්‌ ආවත් කතා කරන්න දෙන්නෙ නෑ. දිනපතා රෑ නිදා ගන්න කොට රාත්‍රි එක දෙක වෙනවා. නැවත උදේ 6 ට ඇහැරලා උයන්න ඕනෑ. අවුරුදු එකහමාරක්‌ම ජීවත් වුණේ ඔය විදියටයි.

    ගෙදර මහ අයට හොරෙන් අපේ ගෙදරට මම කතා කරලා කීවා ඒජන්සියට කියලා මාව ගෙන්න ගන්න කියලා. මම අපා දුක්‌ විඳිනවා කියලා. අසල්වාසී කාන්තාවක්‌ මේ බව කීවා. ඔවුන් ඒ ගැන ඒජන්සියටත් මාව රට යෑවූ පුද්ගලයාටත් දැන්වුවත් ඒ අය ඒ ගැන තැකීමක්‌ කරලා නෑ. බැරිම තැන මගේ සැමියා මැරිලා කියලා ගෙදරින් සාරා නමැති කාන්තාවට දැන්වූවා. ඒත් එන්න දුන්නේම නෑ. පස්‌සේ මම අඬල අඬලා වැඳලා කියලා පසුගිය අගෝස්‌තු 15 වැනිදා ලංකාවට ආවා.

    මම එනවිට ටිකට්‌ එක පමණයි අරන් දුන්නේ. මාස අටක වැටුප් දුන්නේ නෑ. මම ගෙදර ආවේ හිස්‌ අතින්. දරුවන්ට දුක හිතෙන නිසා කෙනකුගෙන් අතමාරුවට සල්ලි ටිකක්‌ ඉල්ලාගෙන ඇඳුම් ටිකක්‌ ගෙනැවිත් දුන්නා. මා වැඩ කළ ස්‌ථානයේ ලිපිනය දන්නේ නෑ. මේ ගෙදර අසල අල්කම්සීන් ප්‍රධාන වීදිය පිහිටලා තිබෙනවා. මට වධ දුන් කාන්තාවගේ දුරකථන අංකය 00966505520395 යි. මට අසනීප වී ප්‍රතිකාරවලට නිකුත් කළ වෛද්‍ය සහතිකපත් රක්‍ෂණ ලියවිලි ආදියත් ඇය තියා ගත්තා.

    මේ ගැන පැමිණිලි කරන්න සල්ලි ටිකක්‌ හොයාගෙන කොළඹ විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයට යන්නට හිතාගෙන ඉන්නේ. මගේ මාස අටක හිඟ වැටුප හා ලියකියවිලි ලබා දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ. සාරා නමැති කාන්තාවගේ අක්‌කාගේ දුවගේ ගෙදරත් මහනුවර පැත්තේ වල්ලි අම්මා හා කුරුණෑගල නදීකා යන අයත් මම වගේ දුක්‌a විඳිමින් ඉන්නවා. ඔවුන් ගෙදර එන්න නොදී තියාගෙන ඉන්නවා. රත්තරන් දෙනවා කියලා කීවාත් මම රට රැකියාවකට නම් යන්නේ නෑ. ලංකාවේ වතුර ටිකක්‌ බීලා මැරුණක්‌ සැපයි. යෑයි හඬමින් පැවසුවේ ගලේවෙල බෙල්ගමුව වල්පොල වත්තේ පදිංචි කේ. ජී. සිරියාවතී (37) නමැති තිදරු මවයි.

    දහසකුත් එකක්‌ ප්‍රාර්ථනා මැද ඉසුරුමත් හෙට දිනයකට බලාපොරොත්තු තබාගෙන සෞදි රටට ගිය සිරියාවතී මහත්මිය අද රෝගියකු බවට පත්වී සිටී. අතේ සතේ නැතිව නිවසට පැමිණ ඇති ඇය දරු තිදෙනා හා සැමියා සමග අන්ත අසරණ වී සිටින අතර පාසල් වියේ පසුවන දියණියන් දෙදෙනාත් පෙර පාසල් වියේ පසුවන දියණියත් සැමියාත් මානසික පීඩනයට පත්ව ඇත.

    මුදල් පසුපසම හඹායන ඊනියා රැකියා ඒජන්සිවලට තවමත් වැට බැඳී නැති බව මේ සිද්ධියෙන් ද තහවුරු වේ. තවදුරටත් සිරියාවතීලාට මෙවැනි ඛෙදජනක ඉරණම්වලට පත්වීමට ඉඩදිය යුතුදැයි සොයා බැලීමට කාලය එළඹ ඇත.

    2013/08/30-ගලේවෙල විශේෂ
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    kathakarala wadak naha bang! kochchara kiwwath ape rate aya mada peradigata gaanu patawana eka nawaththanne naha.

    http://www.dailymirror.lk/news/34512-saudi-to-turn-to-india-and-sri-lanka-for-maids.html

    Philippine saha indonesia saudi arabiyata gaanu yawana nawaththapu nisa dan saudi arabiya lankawen wadi wadiyen maidsla gannai hadanne. min idiriyata lankawen saudi walata maidsla yana eka wadi wei. indonesia saha philippine karapu de ai ape ratey ayata karanna bari ? gaanu rata patawala salli hoyanawata wada hondai sarama nathuwa paare yana eka.
     
    Last edited: