සෞභාග්‍යමත් දේශයක බලාපොරොත්තු

Magadhanandha Kanthabahu

Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    https://www.elakiri.com/threads/පළමු-මහ-මැතිවරණය.1938920/

    https://www.elakiri.com/threads/පණස්-හයේ-පෙරළිය.1938923/

    https://www.elakiri.com/threads/1970-සමගි-පෙරමුණ-ප්රගතිශීලී-ආණ්ඩුව.1938925/

    https://www.elakiri.com/threads/අධර්මිෂ්ඨ-වූ-“ධර්මිෂ්ඨ-පාලනය”-හා-විධායක-ජනාධිපති-ක්රමය.1938927/

    https://www.elakiri.com/threads/චන්ද්‍රිකාගේ-නොබිඳි-වාර්තාව.1938928/

    https://www.elakiri.com/threads/යුද්ධය-නිමා-කිරීමේ-වීරත්වය-අපතේ-යෑම.1938929/



    සෞභාග්‍යමත් දේශයක බලාපොරොත්තු තැබීම සඳහා යළිත් අවස්ථාව උදා වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයත් සමඟයි. පසුගියදා, 2019 වසරේ නොවැම්බර් 16 දා 8 වන වරට පැවැති ජනාධිපතිවරණයෙන් සිංහල ජාතිකයින්ගේ ඡන්ද වැඩි වශයෙනුත් අනෙක් ජාතිකයන්ගේ ඡන්ද සුළු වශයෙනුත් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ලද සුවිශේෂී ජයග්‍රහණය ඉතිහාසයේ ලියැවෙනු ඇත්තේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසිනුයි. එසේ වන්නේ මජර දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුව ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කිරීමේ දේශපාලන දාන් ලෑල්ලෙන් පිට පනින්නට අවස්ථාව ලැබී තිබීමයි.



    යුද්ධය ජයගත්තා සේ ආර්ථික අභියෝගයද ජය ගත හැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා කළයුත්තේ නිසි නායකත්වයක් යටතේ තීරණ ගැනීම පමණක් බවයි පළමුව සිදුකළ යුත්තේ දේශපාලනය අතින් රට ස්ථාවරවීම බවද හෙතෙම පවසනවා.



    දුප්පත් මුඩුක්කු වලින් පිරි, ගඳ ගහන වරාය නගරයක් ලෙස පමණක් පැවති කුඩා බිම් කඩකින් යුත් රටක් වූ සිංගප්පූරුව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගූ නායකයා වන ලී ක්වාන් යූ අදටත් සිංගප්පූරුවේ අසහාය වීර චරිතයයි. සිංගප්පූරුව ආර්ථික නිදහස උපරිමයෙන් ඇති රටක් ලෙස හැඳින්වූවද දැඩි නීති-රීති මෙන්ම මුල්‍ය විනයක්ද ක්‍රියාත්මකව ඇති රටක් බවත් අප අමතක නොකළ යුතුයි. සිංගප්පූරු සංවර්ධන මොඩඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි වුවත් ඉන් උකහා ගෙන ආදේශ කරගත හැකි ආදර්ශ බොහෝයි. මැලේසියාවේ මහතීර් මොහමඩ්ද ඊට නොදෙවෙනි ආකාරයට අගාධයේ තිබූ රට ගොඩ ගත්තා. 50 දශකයේදී සිංගප්පූරු අගමැති පවසා සිටියේ සිංගප්පූරුව ලංකාවේ කොළඹ සේ දියුණු කරන බවයි. දශක කීපයකට පෙර කොළඹ පිහිටි මුඩුක්කු පරිසරය අප හැඳින්වූයේ කොරියාව ලෙසයි.



    දශක කීපයකට පෙර ආසියාවේ දුප්පත් රටවල් වූ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් වේගවත් වර්ධනයක් අත්කර ගත්තා. ගනිමින් සිටිනවා. මේ රටවල් දියුණු වන්නේ නිවැරදි දැක්මක් ඇති නායකයින් නිසයි.



    වසර පහෙන් හයෙන් රටේ ප්‍රතිපත්ති හා සැලසුම් වෙනස් කරන පක්ෂ දේශපාලනයකින් රටක් ගොඩගත නොහැකියි. ජනතාව තමන් වෙත තැබූ විශ්වාසය සුරකිමින්, ප්‍රඥාව, රාජ්‍යතාන්ත්‍රිකභාවය, දූරදර්ශීභාවය, ඍජුභාවය සහ ශක්තිමත් නායකත්වය මතින් උඩු ගං බලා පීනන්නට ශක්තියක් මෙන්ම උවමනාවක් ගෝඨාභය රාජපක්ෂට ඇතිදැයි අනාගතය විසින් තීරණය කරනු ඇති. ඉතිහාසෙයේ වීරයෙකු වනවාද, නැතෙහොත් විහිළුකාරයෙකු වෙනවාද යන්න තීරණය වනු ඇත්තේ ඒ අනුවයි.
     

    Similar threads