සඳකැළුම්

සඳකැළුම්

දිනකර ඔහුගෙ සුපුරුදු ගමනෙම යෙදෙති
ගනදුර නැමති සළු මිහිකත පැළද යති
පැහැබර අහසේ ලස්සන තරු දිස්නෙ දෙති
කළුවර කපාගෙන පුන්සඳ සිනාසෙති...

මදනල වැදී තුරුලිය රස ගී ගයති
ගිමන නිවන සිසිලක් ඉන් ඇති කරති
දකින දකින මන සිත් මත් කරති
දිලෙන සඳකැලුම් නුඔ ගැබ දිස්නෙ දෙති...



ඉස්සෙල්ලම ලිව්ව එක හින්දා අඩුපාඩු ගොඩාක් ඇති.සමාවෙන්න ඕනි හොදද... හොදනම් කියල යන්න... ආදරේ ගැන තමයි ගොඩාක් කවි ලියන්නේ.මං ඒකෙන් පටන් ගත්තේ නැත්තේ ඒක ගොඩක් අසුභ දෙයක් හින්දා.... :):)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරේ ගැන හැමෝම ලියනවනේ... මෙහෙම එකක් ලියපු එක හොදයි... දිගටම ලියන්න... :):)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මං ඒකෙන් පටන් ගත්තේ නැත්තේ ඒක ගොඩක් අසුභ දෙයක් හින්දා....

    ආදරය ගැන ලියන එක අසුබයි කිව්වේ කව්ද? නැතිනම් ඔබට එසේ අත්දැකීම් තිබෙනවද? කෙසේ වුවත් වෙනස් නිර්මාණයක් කිරීමත් පළමු උත්සාහය නිසාත් අගය කරමි.