ස(ර්)ට අවුරුද්දයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සර් යන්න කෙටි කර සමාජ ජාලකරුවන් විසින් ස' යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුරයෙහි වර්ෂ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහුගේ ධුර කාලයෙන් තව ඉතිරිව ඇත්තේ වසර හතරක් පමණි. ස' යන නාමය ඔහුට පටබැඳුණේ ජනධිපතිවරණයෙන් පසුය. ස'ට අවුරුද්දක් වෙන්නේ එනිසාය.

    අවුරුද්දක් යනු වැඩකාරයකුට දීර්ඝ කාලයකි. ඊටත් වඩා දේශපාලනයේ කියැවෙන පළමු දින සියයේ ස්වර්ණමය කාලය ස'ගෙන් ඉවතට ගියේ නොදැනීමය. වර්ෂ පූර්ණ මංගල්‍යය අත ළඟ නමුත් සතර අත පෙනෙන්නට තිබෙන්නේ අසුභ නිමිතිය.

    මංගලළයට සතියක් තියා වෙන දේ බලමු.

    සීනි මිල වැඩිකර බස් ගාස්තු නංවන ලදී. දුර්භික්ෂයක් නැතත් ජනයාට අවශ්‍ය තරම් ආහාර පාන නැත. බස්නාහිර පළාතෙහි ජීවත්වන පන් ලක්ෂයකට වැඩි ජනයාගේ සංචරණ අයිතිය ස' විසින් තහනම් කරන ලද්දේ කට වචන නියෝගයකිනි. ඉහළ යන සහල් මිල පාලනය කර ගැනීමට ස'ට බැරිය.

    ස' සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා එක්ව අවසන් කළ බවට බැනර් ගසා ජයකෙහෙළි නැංවූ කොවිඩ් වසංගතය මංගල්‍යය හමුවේ රට පුරා සිසාරා යයි. තතුදත් රජයේ මෙන්ම රජයේ නොවන වෛද්‍ය මතය වන්නේ කොළඹ 30,000 ක්ද රටෙහි 200,000 ක්ද තරම් කොවිඩ් අසාදිත පිරිස් සිටිය හැකි බවයි. මුට්ටි සාපය දැන් හිණිපෙත්ත කරා ගමන් කරයි.

    ආර්ථික ඌනතිවාදයේ දුෂ්ඨතම ප්‍රකාශනයක් ලෙස රටෙහි වනාන්තර විනාශ කරමින් ජාවාරම්කරුවන්ට රිසිසේ ඉඩම් කොල්ලකා ගත හැකි චක්‍රලේඛනයක් නිකුත් වූයේද මංගල්‍යයට සතියක් තියාය. මගුලක් කෙසේ වෙතත් පරිසරයට නම් මහම අවමඟුලකි. තවත් අසුභ ළකුණු සුළභය.

    රාජපක්ෂවරුන්ගේ ළඟම හිතවතකු යැයි කියැවෙන ආචාර්ය අමිල කංකානම්ගේ සිය ආචාර්ය උපාධි සහ වෙනත් සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ ව්‍යාජ සහතික යැයි සමාජ ජාල පමණක් නොව රටෙහි ප්‍රධාන පෙළ් ඉංග්‍රිසි පුවත්පතක්ද වාර්තා කළේය. පසුගිය බදාදා ඔහු තමා දැරූ මොබිටෙල් අධ්‍යක්ෂක පදවියෙන් හේතු නොදන්වා ඉවත් විය. ඔහු තවමත් ආණ්ඩුවේ ආයතන ගණනාවකම ප්‍රධාන තනතුරු දරයි.

    රාජකීය වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් නැමැත්තාට කිසිදු වෛද්‍ය උපාධියක් නැති බව ජනමාධ්‍ය විසින් දිගින් දිගටම පෙන්වා දී තිබුණි. දැන් ඔහු විසින් දෙන ලද බෙහෙතක් පානය කර නැගී එමින් සිටි නෙට්බෝල් තාරකාවියක් මිය ගිය බව ඇයගේ මාපියෝ ප්‍රසිද්ධියේම චෝදනා කරති. ඔහුට ජනාධිපති අරමුදලෙන් දහසින් බැඳි පියළි පූජා කර ඇති බවත් වාර්තා වේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව විසින් කැඳවා ඇති යකැදුරාද ඔහුය.

    හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ අංගාරක්ෂයකු තරමටම සමීප හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු රාජපක්ෂවරුන්ගේ නම විකුණමින් කොළඹ ඉඩම් මංකොල්ලයක නිරත වන්නේ යැයි චෝදනාවක් වීඩියෝ සාක්ෂි ඇතිව එල්ල විය. ඊට වහාම පිළිතුරු සැපසූ ඇමැති නාමල් රාජපක්ෂ කියා සිටියේ එම සිදුවීම්වලට රාජපක්ෂ පවුලේ කිසිවකුගේ සම්බන්ධයක් නැති බවයි.

    රාජපක්ෂවරුන්ගේ විශේෂයෙන්ම ස'ගේ නොනිළ රූපවාහිනී නාලිකා හිමිකරු අහසින් පහත් වූ ලෙස ගෙන්වන ලද ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තවත් අසුභ ආරංචියක් බවට පත්විය. ඇන්ටිජන් ජාවාරම උඩ ස'වාදී සංඝයාගෙන් පිරිසක්ද හිරු රැස් නාමින් දෙරණට දෙස් දෙවොල් දෙති. කෙසේ වෙතත් අවසානයේදී එම පරීක්ෂණ කට්ටල ආන්ඩුව විසින් මිලදී ගැනීමට හොඳටම ඉඩ තිබේ.

    ස' බලයට ආවේ මුස්ලිම් විරෝධී දේශපාලනය කරපින්නාගත් අන්තවාදීන්ගේ සහායද ඇතිවය. තමා බලයට පැමිණයේ සිංහල බෞද්ධ ඡන්දවලින් බව කී ස'ට තමන්ගේ ලොකුම දේශපාලන ගේම වූ විස්ස සම්මත කර ගැනීමට විපක්ෂයේ දෙමළ සහ මුස්ලිම් මංත්‍රීන් බා ගැනීමට සිදුවිය. දැන් එකී බලවේග ස'ගේ නීතිඥයා වූද හිතෛශිකයකු වූද ඇමැති අලි සබ්‍රිට වටකර පහර දෙති. මේ පහරදීම් ගැන පොහොට්ටු ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් ට්විටර් පණිවිඩයක් මගින් මෙසේ කියා සිටියේය:

    'සබ්‍රිට වාර්ගික පදනමක් මත පහරදීම හෝ ඒ පදනමින් ඔහුට චෝදනා කිරීම ඉතාමත් වැරදි වැඩක්. එපමණක් නොවෙයි එය මේ මොහොතේ සිංහල බෞද්ධ මතවාදය පැත්තෙන් උපක්‍රමිකවත් හරිම මෝඩ වැඩක්. සබ්‍රි, ඉමිතියාස් වැනි ලිබරල් මුස්ලිම්වරුන් එක්කත් අපි ඇවිලෙනවා නම් අපිට ඉතිරි වෙන්නේ මූලධර්මවාදීන් පමණයි.'

    බලන්න, ඔහු සබ්‍රි පහර දෙන බලවේග හඳුන්වා ගන්නේ අප ලෙසය !

    එනයින් දැන් ස වර්ෂ පූර්ණය කරා ළඟා වන්නේ බලයට පත්වීම පිනිස තමා විසින් ප්‍රයෝජනයට ගන්නා ලද සහ උසිගන්වන ලද අන්තවාදී බලවේගයන්ගේ ප්‍රහාරයන් මැදය.

    ඒ අතරවාරයේ සබ්‍රි සිය මුහුණු පොතෙහි මෙසේ ලීවේය.

    'සුලුතරය වූ පමණින්ම මතය සාවද්‍ය නොවේ
    බහුතරය වූ පමනින්ම මතය නිවැරදි නොවේ
    මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදියකු නොවේ
    ගිරිය පුප්පාගෙන කැ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමීද නොවේ !'

    මුස්ලිම් දේශපාලනඥයකු අත්අඩංගුවට ගන්නා ලෙසත් ඒ අතරවාරයේම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩළයක් විසින්ද මිනීමරුවකු බවට තීන්දු කළ දේශපාලනඥයකුට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ස'ගේ මන්ත්‍රිවරු සියයක් අත්සන් කළෝය. ස'ගේ කණ්ඩායම අන්න ඒ වාගේය.

    ස' 2015 ට කලින් කොළඹ ලස්සන කළේය. ඔහුට අලුත් අදහස් තිබූ බවක් පෙනුණි. නමුත් ජනාධිපති ස' වැඩබැරි දාස කෙනෙක් වැන්න. පුදුම නමුත් ඇත්ත එයයි. ගෝලීය වසංගතය ස'ට පැමිණි ප්‍රධනතම අභියෝගය බවට පත්විය. ඊට හේතුව වූයේ ඔහුගේ කළමණාකරණයේ දුර්වලකම විශේෂයෙන්ම සුව සේවා කළමනාකරණයේ දුර්වලකම නිසාය. ඔහු වසංගතය පාලනය කිරීම යුද හමුදාවට සහ පොලීසියට බාර දුන්නේය. අන්තිමේදී ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස වසංගතය පරාජය කිරීමට නොහැකි බව පිළිගැනීමට ස'ටම සිදු විය.

    ස' විද්‍යාවට ඇහුම්කන් දුන්නේ නැත. හරියට ට්‍රම්ප් වාගේය. වඩ වඩා පරීක්ෂණ කරන ලෙසත් සෞඛ්‍ය සේවාවන්ට මුල්තැන දෙන ලෙසත් කරන ලද ඉල්ලීම් ස' පිළිගත්තේ නැත. දැන් ස' සිය වර්ෂ පූර්ණ මංගලය කරා පා ඔසවන්නේ සිය කොවිඩ් මර්දන බලකාය විසින් සිය ගණනාවක් මෙරට පුරවැසියන්ගේ මානව හිමිකම් කෙළෙසමින් බලහත්කාර නිරෝධායනට ගෙන ගිය සැටි ලොව පුරා ප්‍රචලිත වන අතරතුරය.

    වසංගතය ගජමිතුරන්ට ධනෝපායන උල්පතක් බවට පත් කරන ලදී. එම ගජ මිතුරන්ගේ පාලුවට ගිය හෝටල් ඇති හැකි අයගේ නිරෝධායනට වෙන් කෙරුණි. එතෙර සිට සිය රට ඒමට නම් ගුවන් ටිකට්පත් ගත යුතු වූයේද ඥාති-ගජමිතුරු ආයතනවලිනි. එසේ තිබියදීත් වර්ෂ පූර්ණ මංගල්‍යය ලබන්නේ රටවිරුවන් යැයි නාමකරණය කොට ඡන්ද ගරා ගත් විදෙස්ගත ශ්‍රමිකයින් සිය රට ඒමට නොහැකිව ගස්ගල් යට දින ගෙවත්දීය.

    කොතරම් අකෘතඥකමක්ද?

    වසංගත පාලනය යුද්ධයක් ලෙස සැළකීමේ විපාකය වූයේ නිරෝධායනය දඬුවමක් බවටත් අසාදිතවීම පාපයක් බවටත් හංවඩු ගැසීමය. නිරෝධායන ක්‍රියාවළිය බලහත්කාරයක් බවට පත්වූ අතලොස්සක් රටවල් අතර ස'ගේ ශ්‍රී ලංකාවද නමක් ගත්තේය. පීසීආර් පරීක්ෂණ කට්ටල ගෙන්වනු වෙනුවට ස' ගෙන්වා ගෙන තියෙන්නේ මහා ජනයා ගැන ඔත්තු බලන චීන ඩ්‍රෝන යානාවන්ය.

    ශ්‍රී ලංකාව වැනිම දූපත් රාජ්‍යයන් වන නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් වසංගතයේ දෙවන රැල්ල ඉතා හොඳින් පාලනය කර ගැනීමට සමත් වූ නමුත් ස'ට බැරි විය. පසුගිය බදාදා වන විට එම රටවල් තුනෙහි පිළිවෙලින් නව අසාදිතයින් වාර්තාවී තිබුණේ 1, 8, සහ 37 ක් වශයෙනි.

    අන්තිමේදී ස' කීවේ වසංගතය පැතිරෙන්නේ ජනයාගේ වරද සහ ජනමාධ්‍යය සිය රාජකාරිය නොකළ නිසා බවය. දැන් වසංගතය පැරද වූබවට පම්පෝරි ගැසූ කටවුට් නැත. ඒ කටවුට් ජනයාගේ හිස මතට කඩා වැටී තිබේ.

    ස'ගේ අවුරුද්ද පෙන්වූ වැඩක් නැත. මගේ නියෝග නීතිය යැයි කී කාලය පෙන්වා ඇත්තේ අලුක්කාලේ වැඩ කෑලි ටිකක් පමණි. දැන් රජතුමා හෙළුවෙන් යැයි කීමට කොලුවකු අවශ්‍ය නැත. ස' ෆේල්ය. එබැවින් වර්ෂ පූර්ණ මංගලයයෙන් පසු අලුත් වෙඩි මුර පත්තුවීමට ඉඩ තිබේ.

    ස'ගේ දෙවැනි වසර එක්කෝ විද්‍යාවට සහ පරිපාලන අත්දැකීම්වලට සවන් දෙන එකක් විය යුතුය. නැත්නම් යුද මානසිකත්වයේ එකක් විය යුතුය. අතරමැදක් නැත.

    ප.ලි.
    කට වචනයෙන් ලක්ෂ පහක් ජනයාගේ සංචරණ අයිතිය තහනම් කර යුද හමුදාපතිගේ නමින් ඒ් බවට නිවේදනයක් නිකුත් කිරීම සිදුවිය හැක්කේ කවර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේද ? ඒ නිවේදනය සමගින්ම යුද හමුදාවේ ඩ්‍රෝන බලකාය ප්‍රසිද්ධියට පමුණුවා බස්නාහිර පලාතෙහි සියලු දේශසීමා නිරීක්ෂණයට එම ඩ්‍රෝන බලකාය යෙදවිය හැක්කේ කුමන නිදහස් රටකද ?

    හිතල බලන්න.

    LNW
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me dote jvp nikama Rachana epa kiya kiya poth liyanawa meke. Gewal asse nikamo wage inna bimal tai baduhetti tai Hondai mewa ithin kiyawanna... 😡😡

    JVP EKATA awurudu 56i tama 3%. Habai karanne Anunge waradi hoyana eka ara kuhaka kota opa dupa gani wage 😁😁😛😛😜😜😁😁😁

    Kalpana karala balanna opa dupa gani wage inna lapaya inna kam kauda vote karanne 😁😁😜😜😁😁
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ballot ekka be ban. personal dewal walata methane adanawa

    Personnel dewal neweda thoge kuhaka kota kiwwe stage wala rajapaksha ge lamai gf ta menna mehema kiss 3k dunna kiyala nugath dote pvt uni giyapu nathi jvp ballo 😁😁😜😜😁😁

    Rajapakshalage Lamai adinne me wage shoes kiya kiya giye thoge kuhaka kota ewa personnel neweda dote nugath jvp ballo😁😁😜😜😁😁

    Jvp ballonta anunge kunu adinna hodai unta mokak hari kiwwama tama adanne kuhaka kotage gonnu. 😜😜😁😁😜😜
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දන්න එකෙක් කියපන්කො ඊබ්‍රහීම් ගෙ ලෝයර් කව්ද කියලා
    Ibrahimwa parliment genna giya pakshe jvp eke innawa lapayak tiyena kotek Anna ugen ahapan. U opa dupa gani wage. U kiyai😁😁😛😛😁😁
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට නම් "ස" හොදයි .මොකො ඩුවල් සිටිසන් ලට ජනදිපතිවෙන්න / පාර්ලිමේන්තු යන්න / එ වගේම මිනීමරලා උනත් හිරෙ ඉදන් පිං බත් ගිලින ගමන් සතියකට දෙතුන් දොහක් පාර්ලිමේන්තුවේ ෆුල් බුෆේ එකක් ගැහුවෑකි.

    තව පොඩි පොඩි දේවල් ටිකක් මට කරලා දුන්නොත් ඇති. (උඩ ඔක්කොම කරපු නිසා මේවා නැම් නැතත් කමක් නැහැ, එත් නිකමට් අකියන්නේ )

    පරිප්පුවට දාන්න කහ ටිකක් , හාල් හුන්ඩුවක් හරි සාදාරන මිලට ගන්න., පොල් ගෙඩියක් දෙකක් අඩුවට අරගන්න සහ බස් එකේ සාදාරන මිලකට යන්න වගේ කාටත් එච්චර පොදු නැති දේවල් ටිකකුත් හරි ගැස්සුවානම් මට සතුටුයි මගේ වටිනා චන්දේ රටට වැඩක් වෙච්ච එක ගැන


    මගේ වපුරගන්න බැරි වෙලා අත ඇරපු පුඅන් කුබුටක් තියෙනවා වැවක් ලග . බද්දට දෙන්න හිතන් ඉන්නේ කන්‍යාවියෝ බලන්න ඕනා ඌරු නානාලට. උන්ව වල දාල ගන්න ගානෙන් ජීවත් වෙනවා
     
    Last edited:

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    Me dote jvp nikama Rachana epa kiya kiya poth liyanawa meke. Gewal asse nikamo wage inna bimal tai baduhetti tai Hondai mewa ithin kiyawanna... 😡😡

    JVP EKATA awurudu 56i tama 3%. Habai karanne Anunge waradi hoyana eka ara kuhaka kota opa dupa gani wage 😁😁😛😛😜😜😁😁😁

    Kalpana karala balanna opa dupa gani wage inna lapaya inna kam kauda vote karanne 😁😁😜😜😁😁
    awrudu 56kata kalin loketa sapekshawa, ape rata thibuna thanai, ada thanai kalpana karala balanna, ethakota ape chanda dayakayage buddhi mattama gana adahasak ganna puluwan....🙃🙃🙃🙃
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    124618599_147406150405343_221333838390132224_n.jpg