.
ජාතික කොඩියෙන් හදපු මාස්ක් එකක් යහපාලන ආණ්ඩුව කාලේ කවුරුහරි දාගෙන හිටියනම්...
ෆේස්බුක් එකෙ වැටෙන පෝස්ට්

සිරාටයි රනියටයි කොන්ද පණ නැති නිසයි මෙහෙම වෙන්නේ. රටට ජාතියට ආදරයක් නැති දේශද්‍රෝහියෝ

මොන මගුල වුනත් රටේ අභිමානය වෙච්ච ජාතික කොඩියට වෙච්ච මේ අපහාසය නම් දරාගන්න අමාරුයි මචං. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.

පාපන්දු නෙවෙයි මොකේ සභාපතියා වුනත් මේ ජාතික කොඩිය මාස්ක් එකට දාන් ඉන්න සුද්දා
හැඳිගෑවිලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්න. තෙරුවන් සරණයි.
හයයි පනස්පහෙ හිරු ප්‍රවෘත්තිවල

ජාතික කොඩිය අනතුරේ.
රාවණ බලය සංවිධානයේ හිමිවරු රජයට චෝදනා කරයි

ෆිෆා සභාපතිව වහා නෙරපන්න. සිහල බලය සංවිධානයෙන් පොලීසියට පැමිණිල්ලක්.

ජාතික කොඩිය මුහුණු ආවරණයට වැටීමෙන් පෙනෙන්නෙ යහපාලන ආණ්ඩුවෙ දුර්වලතාවයයි. මන්ත්‍රි උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්.

ජාතික කොඩියට අපහාස කළ සුද්දා විජාතික අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක පුරුකක් විය හැකියි. වහා ජනාධිපති කොමිසමක් පත් කරනු. මන්ත්‍රී විමල් ගෙන් අභියෝගයක්.

අතන රතන ස්වාමීන්වහන්සේ ජාතික කොඩියට කල අපහාසයට එරෙහිව හෙට උපවාසයක් අරඹයි

ජාතික කොඩිය මුහුණු ආවරණයට යෙදීම පිටුපස සැඟවුනු ඇත්ත මෙන්න ඇඟකිලිපොලා යන දුරකතන හඬ පටියක් නාමල් කුමාර මුදා හරී.

ඔය එකී මෙකී නොකී ඔය සියලුම බලවේග අද නොදැක්කා වගේ ඉන්න එක නොවේද මිත්‍රවරුනි, අපි පැතූ වෙනස
