හංසයා-වටා-කලාකරුවෝ-එක්වෙති
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන කලාකරුවන් පිරිසක් අද කොළඹ හිල්ටන් හෝටලයේදී මාධය හමුවක් පැවැත්විය. ප්‍රවින රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන මහතාගේ කැඳවුම්කාරීත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට ඩබ්ලිව්.ජයසිරි, රන්ජන් රාමනායක, කිත්සිරි ජයසේකර, කුමා අත්තනායක, උපේක්ෂා ස්වර්ණමාලි, චන්ද්‍රසෝම බිංදුහේවා, වසන්ත මොරගොඩ, කිංස්ලි ලෝස්, සේපාල අමරසිංහ, ස්ටැන්ලි පෙරේරා, අනුරාධ සිල්වා යන ශිල්පීන් ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ. මෙහිදී මූලික වශයෙන් පැහැදිලි කිරීමක් කරමින් ප්‍රවීන රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන මහතා මෙසේ පැවසීය.
"කලාව රටේ අනෙකුත් දේවලින් වෙන් වූ ක්ෂේත්‍රයක් නෙමෙයි. මුළු රටම විනාශයට යද්දී කලාව පමණක් බේරා ගන්න බැහැ. අපි ජෙනරාල් ෆොන්සේකා මහතාට සහය දක්වන්නේ ඔහුට රටට ප්‍රජාතන්ත්‍රවාදයත්, යටපානයත් ගෙනෙන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙන නිසයි. අපි මෙතෙනට ආවේ කලාවේ විවිධ ප්‍රශ්නවලට පොදු අපේක්ෂකයා ලවා පිළිතුරු හොයන්න බලාගෙන නෙමෙයි. අපි ආවේ රට වෙනුවෙන්.
විශේෂයෙන්ම ෆොන්සේකා මහතා ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස. ඒ නිසා සියලුම දේශපාලන පක්ෂවල අයට මේ සමඟ එකතු වෙන්න පුළුවන්. අපි රාජපක්ෂ මහතාට සහය දක්වන කලා කරුවන් වගේ වෛරයෙන් මඩ ගසන්නේ නැහැ. 27 වෙනිදා ජෙනරාල් ජයග්‍රහණය කළ පසුවත් අද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින එකම කලාකරුවෙකුට වත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ හැම ඉල්ලීමක්ම ලැබෙනවා. අපි ආවේ දේශපාලන මතයක් ප්‍රකාශ කරන්න. කලාකරුවො බලු පොරවල පැටලෙනවාට අපි එකඟ නැහැ.
මෙහිදී අදහස් දැක්වූ කලාකරුවෝ...
චන්ද්‍රසෝම බිංදුහේවා,
"කළින් අපි රටට හොඳ කලක් උදවිකරන්න මහින්ද බලයට ගෙනාවා එත් ඒක වුණේ නැහැ. ඒ වෙනුවට විවධ තර්ජන ගර්ජන මැද්දේ ජිවත් වෙන්න වුණා. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. ඒත් ආණ්ඩුවත් එක්ක ඉන්න කලාකාරයෝ මට තර්ජනය කරලා කිව්වේ ටිකක් ප‍්‍රවෙසමි වෙන්න කියලා. මෙකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය?"
කිත්සිරි ජයසේකර,
"පවතින දේශපාලන ක‍්‍රමයේ දිගටම වුණේ අපරාදේ. කලාවයි දේශපාලනයයි දෙකක්. මම මගේ සහෝදරයා වැරුද්දක් කළත් ඒක කියනවා. මේ වෙලාවේ රට වෙනුවෙන් නිර්පාක්‍ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරනවා"
උපේක්ෂා ස්වර්ණමාලී,
"හිටි හැටියේම ජනවාරි මාසයේ ෂුටිං කැන්සල් කලා. එකට සධාරණ හේතුවක් නැහැ. ජෙනරාල්ට සහය දෙනවා කිව්වාට පස්සේ තමයි වේ තත්ත්වය උදා වූණේ. ඒ ගැන තියෙන්නේ කළකිරිමක්. ආණ්ඩුවට සහය දෙන්න කියලා මට කිහිපවතාවක් ආරාධනා අවා. මම ජෙනරාල්ට සහය දක්වනවා"
කුමා අත්තනායක,
"නිර්පාක්‍සික පොදු අපේක්‍ෂ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දෙන්නේ 17 වෙනි සංශෝධන බලාත්මක කරන්න, අසීමිත විධායක බලය අහෝසි කරන්න, යහපාලනය ඇති කරන්න"
ඩබ්ලිව්.ජයසිරි,
හුණුවටයේ කථාවේ එනවා "බලන් මේ අරුමය යහපත් බවේ ශාපය" කියල. පහුගිය කාලයේ ලංකාවේ වුණේ හොඳ අයට කරදර. යහපලනයක් ඇති කරන්න ජෙනරාල්ට සහය දෙනවා"