http://www.lankaenews.com/Sinhala/news.php?id=12213
ජනතාව මට ලක්ෂ 14 ක් වැඩි ඡුන්ද දුන්නා: එය වෙනත් තාක්ෂණයකින් විකෘති කළා: මා පාර්ලිමේන්තු මැතිවරණයට එනවා -ජෙනරාල්
(ලංකා ඊ නිව්ස් 2010.ජන.29 පව.2.00* විශ්‍රාම ගිය යුද හමුදාපතිවරයෙකුට පිස්තෝල 4 ක් සහිත පොලිස් නිලධාරීන් 4 කගේ ආරක්ෂාවක් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කෙළේය.
ඊයේ කොළඹ පිහිටි ඔහුගේ නව නිවසේදී හදිසි මාධ්‍ය හමුවක් පැවැත් වූ අවස්ථාවේ ඔහු ඉහත කරුණු අනාවරණය කළ අතර තිස් වසරක යුද්ධය ජයග්‍රහණයක් කරා මෙහෙයවූ එල්ටීටීඊයේ වඩාත්ම ජීවිත තර්ජනයක් ඇති තැනැත්තා වශයෙන් තමාගේ ආරක්ෂාව මෙසේ බින්දුවට දැමීම හරහා තමා මරා දැමීමට රජයේ බලධාරීන් උත්සාහ ගන්නා බවට වැඩිදුරටත් කීය.
ඔහු මෙම මාධ්‍ය හමුවේදී මෙසේද කීය.
ඊයේ රාත්‍රිය වන විට මගේ ආරක්ෂාවට සිටි සියළු ආරක්ෂක භටයින් ඉවත් කළා. මුළු රටම දන්නවා මා මේ රටේ හිටපු යුධ හමුදාපති හැටියට මට ආරක්ෂාව අවශ්‍ය බව. ඉස්සර එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් ජීවිත ආරක්ාව සලසා ගන්නයි තිබුණේ. දැන් මේ රටේ ආරක්ෂාව බාර අයගෙන් මට ජීවිතය බේරා ගන්නයි වෙලා තියෙන්නේ. දැන් මට මගේ ආරක්ෂාව සඳහා සටන් කරන්න වී ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදය හා සමගයි. මට විශ්වාසයි ඔවුන්ගෙනුත් මා ජීවිතය බේරාගන්නා බව.
මේ ඡුන්දයේ මා ජයග්‍රහණය කළා. එ් බව මහජනතාව හා අප සැවොම දන්නවා. මා මහජනතාවගේ ජනාධිපතියි. අපට මිලියන 1.4 ක වැඩි ඡුන්ද තිබුණා. ඡුන්ද ප්‍රතිඵලය විකෘති කළේ වෙනත් තාක්ෂණයක් යොදවලා. මැතිවරණයේ මිලියන 1.4 ක වැඩි ඡුන්ද අපට ලබා දීම ගැන මා ජනතාවට බොහෝ සේ ස්තූති වෙනවා.
මැතිවරණ කොමසාරිස් වචනයෙන්ම පිළිගත්තා මෙහි ඡුන්ද ¥ෂණ සිදුවූ බව. මේ නිසා ආණ්ඩුව දුන් ප්‍රතිඵලය අප ඇතුළු ජනතාව පිළිගන්නේ නෑ. ඡුන්දයෙන් පසු ඉතා පහත් අන්දමින් මා ඝාතනය කිරීමට සැළසුම් කළ බව හා ඊට අදාල සියළු සැලසුම්, ඇඳපු සිතියම් පවා මට ලැබුණා. මගේ ගෙදර, කාර්යාලය, විපක්ෂ නායක කාර්යාලය, රූපවාහිනී සංස්ථාව වගේ වැදගත් ස්ථාන මෙම සැලසුම් වල තිබුණා. ඔවුන් අපව ඝාතනය කිරීමට උත්සාහ ගන්නා බව දැනගත් නිසයි ඡුන්දය දින රාත්‍රියේ හෝටලයක ගත කරන්න අප පක්ෂ නායකයින් සියළු දෙනා තීරණය කෙළේ. ලැබුණු තොරතුරු සියල්ල සනාථ කරමින් ඔවුන් එ් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළා. ඔවුන් අප සිටි හෝටලයට පවා ඇතුළු වීමට උත්සාහ කළා. මගේ ආරක්ෂක නිලධාරීන් එළියට ගෙන අත් අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබුණා.
හැමෝටම පේනවා නේද කව්ද ඉඞී අමීන් කියලා. ඉඩි අමීන් විරුද්ධ වාදීන්ව අත් අඩංගුවට ගන්නවා. සීඅයිඞී එක මගේ ගෙදරට ඇවිත් මගේ බෑනාව ගෙනියන්න උත්සාහ කළා. ගුවන් තොටුපොලට දන්වා තියෙනවා අපට යන්න දෙන්න එපා කියලා. මා වැරදිකරුවෙකු නොවේ. මට විරුද්ධව උසාවි නියෝග නෑ.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සහ කඳුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරපු දිස්ත්‍රික්ක තුලින් මා ලැබූ ජයග්‍රහණය උලූප්පා දක්වා ඔවුන් ජාති බේදය අවුස්සන්න පහත් උත්සාහයක් ගන්නවා. ඔවුන් නැවත මේ රටේ දෙමළ සිංහල මායිම් ගසා ජාති බේදය වපුරන්න හදනවා. ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඉටු කරන්න නොදී ඔවුන් අපේ ජය හොරකම් කළා. මේ පිළිබඳ මා ඉතා කනගාටු වන්නේ ජනතා අපේක්ෂා බලාපොරොත්තු ඉටු කර දීමට නොහැකි වූ නිසයි. කෙසේ වුවත් මට ඡුන්දය ලබා දුන් සියළු දෙනාට මා ඉතා අවංකව ස්තූතිය පළ කරනවා. එමෙන්ම ඔවුන්ගේ බලාපොරාත්තු බිඳ වැටෙන්නට ඉඩ නොදෙන බව මා වගතකීමෙන් කියනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට මා මගේ ඉදිරි ජීවිතය කැප කරනවා.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ නීත්‍යානුකූලව පියවර ගැනීමට අප මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. මේ රජය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදීව ලබා නොදෙන බව දැන් විශ්වාසයි. ජනතාව මෙය හොඳින් දැනගෙන ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග වලට අප හා එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
ආරක්ෂක ලේකම් වරයා, ජනාධිපතිවරයාගේ නියෝග වලට අනුව මා සමග වැඩ කළ යුද හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සමහර උසස් නිලධාරීන්ට රජය පෙරලීමට කුමන්ත්‍රණය කළා යැයි පවසා කට උත්තර ලබා ගැනීමට සීඅයිඩියට කැඳවා තිබෙනවා. ඔවුන් රණවිිරුවන්ට සලකන ආකාරය ජනතාව තේරුම් ගත යුතුයි. මා සමග වැඩ කළ නිලධාරීන් මේ රටේ වැදගත් නිලධාරීන්. ඔවුන් කිසිවෙකු යුද හමුදාව තුල සිටියදී වැරදි නොකළ, විනයානුකූල ජීවිත ගත කළ අයයි.’ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.











හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාල් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ප්‍රධාන පුවත
2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:26
තමන් කෙරෙහි මිලියන 5 කට අධික ජනතාවක් විශ්වාසය තැබූ බවත්, එම ජනතාවගේ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ජෙනරාල් සරත් ෛාන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා මෙසේ ද පැවසීය.
"මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා. ඒ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් ඉදිරියටත් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ජනතා බලාපොරොතුතව වගේම ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී මම ඉදිරිපත්වීමට අපේක්ෂා කරනවා."
මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දැන් හැමෝම හංසයව දන්නව. හැම කෙනෙක්ම දැන් හංසයව හොයනව. හංසය ගැන විශ්වාසය තියල තියෙනව. ඒ නිසා ඉදිරි මහ මැත්වරණයේදී මම හංසය ලකුණින්ම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසීය.
LT
WISH U ALL THE BEST SIR..
![]()
add rep+ if u like my post
වංචාවෙන් ලබා ගත් කිරුලු දරන්නේ නෑ
සියලු වංචා , දුෂණ අහුරා දමමින් ජය ගැනීමට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා!![]()





