හක්ක පටාස්

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
මිනිසා ලොව සිටින දියුනුම සත්වයා වගට නූතන විද්‍යාව හා තාක්ෂණය සාක්ශි දැරුවත් මිනිස්කම මිනිසා තුලින් ගිලිහී යමින් පවතින බව මිනිසාගේම ක්‍රියාකාරකම් තුලින් මනාව ඔප්පුවන කාරනාවකි.


සතුන් දඩයම් කිරීම ගම් ආශ්‍රිතව බහුලව සිදුවන්නකි. මේ සඳහා විවිද ක්‍රමද භාවිතා කෙරේ. දුනු ඊතල, තුවක්කු, මර උගුල්,මරු වැල් මෙන්ම බැඳි තුවක්කුද යොදා ගැනේ. හක්ක පටාස් නම් සතුන් දඩයමට යොදා ගන්නා තවත් ක්‍රමයකි.

අතොරක් නැතිව සිදුවන වන විනාශය සමග තම නිජබිම් අහිමිව ගම්වදින වන සතුන් මර්දනයට වර්තමානයේ බහුලව යොදා ගන්නා උපක්‍රමය හක්ක පටාස්ය.

මහවැලි කලාප තුල පමනක් වසරකට හක්ක පටාස් වලින් මිය යන අලි ඇතුන් ගනන 15ත් 20ත් අතර වේ.


මොනවද මේ හක්ක පටාස් ?

දිවුල් ගෙඩියක් තරම් විශාල වන මෙය තුල අන්තර්ගත වන්නේ වෙඩි බෙහෙත්, ගෙන්දගම් මෙන්ම තවත් පුපුරන ද්‍රව්‍ය වල මිෂ්‍රණයකි. පීඩනයක් එල්ලවූ විට පුපුරා යන ආකාරයේ සරල යාන්ත්‍රනයකින් මෙය සකස්කර ඇත..
මේ සඳහා සතුන් ආකර්ශණය කර ගැනීමට ඉදුනු පලතුරු සහ පැනි වර්ග සමග මිශ්‍ර කර තබයි. පලතුරු වලින් වෑහෙන ඉමිහිරි සුවඳට සතුන් මේවා ගිල දමයි. සතුන් ගැවසෙන ස්ථාන වල මේවා තැනින් තැන දමා තබයි.

වල් ඌරන් මුවන් හා ගෝනුන් දඩයම් කිරීමට දඩයක්කරුවන් මේ හක්ක පටාස් බහුලව යොදා ගනී. එහෙත් මේ මර උගුල් වලට බොහෝවිට අලි ඇතුන් ගවයන් වැනි සතුන්ද ගොදුරු වේ.

හක්ක පටස් වලට ගොදුරුවන කුඩා සතුන් ක්ෂණිකව මියගියද ,අලි ඇතුන් ගවයන් වැනි විශාල ප්‍රමාණයේ සතුන් ක්ෂණිකව මියයාමක් සිදුනොවේ. මුඛය විනාශවිම මත කෑමක් හෝ බිමට වතුර නොමැතිව දිනගණන් අධික වේදනා වීඳ මිය යයි.



aSYBrf7.jpg

8gosI98.jpg

WkPiPt5.jpg







හක්ක පටාස් භාවිතය නවත්වන්නට බැරිද...?


වෙනත් පාරම්පරික දඩයම් ක්‍රම වලදී වැඩි කාලයක් ගත වීමත් මරුවැල්, බැඳි තුවක්කු මෙන්ම මර උගුල් වලට සාමාන්‍ය ජනයා හසුවීමේ අවධානමක් මෙන්ම ඇටවීමේ අවධානමක්ද පවතී. නමුත් හක්ක පටාස් ඉතා අඩු පිරිවැයකින් සදා ගත හැකි නිසාත් ඇටවීම පහසු නිසාත් දඩයක්කරුවන් අතර ජනප්‍රිය වී ඇත.


වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.


මේ වන ජීවි නිලධාරීන්ගේ සහය සහිතව උතිම් හදවත් ඇති මිනිසුන් පිරිසක් විසින් බේරා ගන්න ලද කුඩා ඇත් පැටවෙකි.

මොහුද හක්ක පට්ටාස් වලට ගොදුරු වී මරණය අභියස සිටියේ මෙලෙසිනි......

srV0D1D.jpg



ඇත් පැටවාට සාත්තු කරමින්.....

0J30Mpl.jpg



a26cXBd.jpg

hIGrkD9.jpg






මේ හක්ක පටාස් වලට ගොදුරු වූ තවත් එක් අහින්සකයෙක් පමනයි..... මෙවන් අහින්සකයන් කොපමන නම් දුක් විඳිනවා ඇතිද? මිනිසුනේ..... මේ මහා අපරාධ මනුශ්‍යත්වයේ නාමයෙන් නවතා දමන්නේ කවදාද.... ?





තවත් සත්ව හින්සාව ගැන කියවෙන පෝස්ට් එකක් මෙතැනින්.....
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ado sirawaqtama machan.okata wena piliyamak ganna puluwannam supiri mee wagee deewal walata wada .paw ahinsakayo
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං මේ ලඟදි උඩවලව ගියා.. අලි පැටියෙක් ගෙනල්ල හිටිය උගුලකට අහුවෙලා.. දැන් ඌට හරියට ඇවිදගන්න බෑ.. :angry: තව මේ ලඟකදී දළ ඇතෙක් මැරුණ නේද හක්ක පටස් වලින්.. අන්තිම කැ* වැඩක්.. :angry:
     
    • Like
    Reactions: D ran

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ado sirawaqtama machan.okata wena piliyamak ganna puluwannam supiri mee wagee deewal walata wada .paw ahinsakayo


    පර බල්ලෝ..ඕව අටවන උන්ටම ඕවා කවන්න ඕන.:angry:

    මං මේ ලඟදි උඩවලව ගියා.. අලි පැටියෙක් ගෙනල්ල හිටිය උගුලකට අහුවෙලා.. දැන් ඌට හරියට ඇවිදගන්න බෑ.. :angry: තව මේ ලඟකදී දළ ඇතෙක් මැරුණ නේද හක්ක පටස් වලින්.. අන්තිම කැ* වැඩක්.. :angry:


    Good post machan... dakkama godak duka hithenawa...

    පර බල්ලෝ..ඕව අටවන උන්ටම ඕවා කවන්න ඕන.:angry:

    hoda post ekakk

    GOOD POST!
    REP++

    නිකම්ම කියවලා යන්නෙ නැතුව අදහස් දක්වපු හැමටම ස්තුති සහෝ......
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    2011 wage paththareka mama dakka ayya hakka patas hadala malli ekak kala balala. Podi eka pupurala marila :(


    Lankawe ali elawanna kiyala dena thuwakku walin thama wadiyenma dadayam karanne. Anika gal wadapalawal walin wedi beheth un wikunanawa. hakka patas wagema wathurata dala malu marana ekenuth loku haniyak wenawa :(