හකීම්-සහාය-සජිත්ට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හකීම්-සහාය-සජිත්ට

    ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට දුන්නොත් මගේ සහය සජිත්ට ලැබෙයි..!




    ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එහිදි ඔහු පැවසුවේ ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

    නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොලැබුණ බවද ඒ මහතා පැවසීය.

    කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළබෙන සතිය තුල ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඉන් අනතුරුව තම පාර්ශවයේ තීරණය අනෙකුත් සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බවද ඔහු පවසයි.

    එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාට, තමාගේ සහය ලබා දීබේ වැඩි නැඹුරුවක් පවතින බවයි.

    කරු ජයසූරිය මහතාට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ එතුමාගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හකීම් විතරක් නෙවෙී... බදුර්දීන් ඇතුලු මුස්ලිම් ප්‍රජාව.... දෙමළ සන්ධානය... මේ හැමෝම සජිත් එක්ක..... දෙමළ සන්ධානෙත් එක්ක තිබුණ සාකච්ඡාත් සාර්ථකයි කීව.... බලය වෙනුවෙන් මොන දේ දෙන්න පොරොන්දු උනාද දන්නේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හකීම් විතරක් නෙවෙී... බදුර්දීන් ඇතුලු මුස්ලිම් ප්‍රජාව.... දෙමළ සන්ධානය... මේ හැමෝම සජිත් එක්ක..... දෙමළ සන්ධානෙත් එක්ක තිබුණ සාකච්ඡාත් සාර්ථකයි කීව.... බලය වෙනුවෙන් මොන දේ දෙන්න පොරොන්දු උනාද දන්නේ නෑ


    උන් දැන් එකෙක්ට හේත්තු වෙනවා පස්සේ අවුරුද්දකින් විතර දිනන පැත්තට යනවා. කොයි පැත්තෙන් එන එකත් උන්ට නැමෙනවා ආයේ දෙකක් නැ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    උන් දැන් එකෙක්ට හේත්තු වෙනවා පස්සේ අවුරුද්දකින් විතර දිනන පැත්තට යනවා. කොයි පැත්තෙන් එන එකත් උන්ට නැමෙනවා ආයේ දෙකක් නැ

    අනිවා.... උන් දැනට යුඑන්පියට වැඩි ඇල්මක් තියෙන නිසා සජිත්ට හේත්තු උනත් ගෝ ටා දින්නොත් අනිවා ඌට මුක්කු ගහනවා ඔය සුලු පක්ෂ ඔක්කොම.....