හග්ගලටත් කෙලියා
හග්ගල රක්‍ෂිතයේත් අක්කර 03ක් එලි කරයි..
March 2, 2020 at 12:40 pm | lanka C news ජෛව විද්‍යාත්මක පර් යේෂණ කටයුතු සඳහා පමණක් ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයේ කන්දේ ඇළ ජලාශයට ආසන්න භූමියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර ගොඩනැගිලි හතරක්ද ඉදිකර ඇත. එම ගොඩනැගිලි ආශ්‍රිත භූමිය තුළ මහා පරිමාණයෙන් පළිබෝධනාශක යොදා ගනිමින් වගා කටයුතු සිදුකර තිබේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හක්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය තුළ වගා කටයුතු සිදු කිරීම, ගොඩනැගිලි ඉදි කිරීම සපුරා තහනම් වන අතර එය තුළ විද්‍යාත්මක පර් යේෂණ කටයුතු පමණක් සිදු කිරීමට ඉඩ ලබාදේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හක්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය මෙලෙස එළි පෙහෙලි කර ගොඩනැගිලි ඉදිකර ඇත්තේ අදාළ භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවරා ගැනීමකින් තොරව බවටද අනාවරණය වී ඇත. මෙලෙස අනවසර වගා කටයුතු කිරීමේදී දැඩි ස්වභාවික රක්ෂිත කලාපයේ සතුන්ගේ වාසස්ථාන රැසක්ද විනාශයට ලක්ව තිබෙන බව පරිසරවේදීහු පවසති.
එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක් ආරම්භ වන්නේද හග්ගල දැඩි ස්වභාව රක්ෂිත කලාපයෙනි. හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙස 1938 පෙබරවාරි මස 25 වැනිදා ගැසට් කරන තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහි අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සහ වගා කටයුතු සිදු කිරීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ බලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
– aruna