හත්තිකුඡ්ඡි~විහාරය
සිරිසඟ බෝ රජතුමා ගැන හැමෝම අහලා ඇති. ඇත්තටම සිරිසඟ බෝ රජතුමා හිස දන් දුන්නේ කොහේද?
සමමර අය කියනවා අත්තනගල්ලේ විහාරයේ කියලා. තවත් සමහරු කියනවා අනුරාධපුරේ හත්තිකුඡ්ඡියේ කියලා. තවමත් ඇත්තටම මේ සිදුවීම වෙලා තියන්නේ කොහේද කියලා තහවුරු කරන සාධක නෑ. අද එලකිරි සංචාරකයා තුලින් මම ඔයාලාව ගෙනියන්න හදන්නේ හත්තිකුඡ්ඡි උයන වෙතටයි.
ත්රෙඩ් එක පටන් ගන්න කලින් ස්තුතිවන්ත වෙන්න ඕනා අපේ සාමාජික ~Aurora~ ට්. ත්රෙඩ් එකේ සියළුම පින්තූර මට ලබා දුන්නේ ~Aurora~
එලකිරි සංචාරකයා වෙනුවෙන් ~Aurora~ ට මාගේ ස්තුතිය පුද කරනවා.
හත්තිකුඡ්ඡි විහාරය තියෙන්නේ (වෙනත් නමකින් කියනවා නම් රාජාංගනය) අනුරාධපුරය කුරුණෑගල පාරේ පාදෙනියත් ගලිගමුවත් අතරයි. අනුරාධපුරේ ඉඳලා කි.මී.40 ක දුරක් තියනවා. අනුරාධපුරේ වන්දනාමාන කරගන්න එනවා නම් මේ ඉපැරණි නටඹුන් බලන්න එන්නත් අමතක කරන්නට එපා.තව දෙයක් කියන්න ඕනා. හත්තිකුඡ්ඡි කියන්නේ විහාරයක් නෙවි. අර අනුරාධපුරේ මහමෙව්නාව වගේ ඒ කාලෙ තිබුන උයනක්. නැත්තම් භාවනා අසපුවක්. තාපස වරු මේකෙ භාවනා කරන්න යොදා ගත්තු උයනක්. භාවනා කුටි 500ක් විතර දැනුත් තියෙනවා.
දිවුල් ගස් වලින් නම් අඩුවක් නෑ. අපේ වියලි කලාපේ පුරාම දකින්නට තියන පළතුරක්නේ දිවුල් කියන්නේ.
ඉපැරණි ශෛලමය නටබුන්
මේ නටඹුන් වසර 1300ක් විතර පැරණියි. වටදාගෙක් තිබුනා කියන්න සාධක තවමත් ඉතිරි වෙලා තියනවා.
වටදාගෙයත් විහාර සංකීර්ණයත් අතරින් ඇති කුඩා අඩිපාරේ ගමන් කිරීමෙන් අතීත භාවනා කුටි සංකීර්ණය එත ලඟාවෙන්න පුළුවන්. මෙය තට්ටු තුනකින් යුතු ගල් පර්වතයක්.
අවට පරිසරය ගොඩාක් ලස්සනයි. වියළි කලාපයේ සුන්දරත්වය හොඳින් විඳ ගන්න පුළුවන්.
මේ දේවල්වලට ආදරය කරන්න. අනාගත පරපුරටත් දැක බලා ගැනීමට පුළුවන් වෙන්න මේ දේවල් ආරක්ෂාකරගන්න.

Last edited: