හතා ගැන කතාවක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හතා ගැන කතාවක්

    කලාවට ආදරේ කරන , ඉගෙන ගන්න , ඉගෙන ගන්න කැමති , උගන්නන , ඒ වගේම මුකුත්ම නොදන්නා ඔයා වුනත් කමක් නෑ ඇතුලට එන්න ...

    හතා :oo: කවුද මේ හතා ? ඇත්තටම හතා ගැන කතා කරන්න මම සුදුසු නැති තරම් ...
    ඒ හින්ද මම වටින් පිටින් හොයා ගත්තු අහල දැන ගත්තු කතා ටික මම මෙතන දාන්නන් ... වැරදි තියේ නං බවලත් උදවිය සමාව දෙත්වා ! :dull:

    Gamini%20Haththotuwegama%202.jpg

    හතා .. එහෙමත් නැත්තන් ගාමිණි හත්තොට්ටුවේගම ... කවුද මේ ගාමිණී හත්තොට්ටුවේගම ?

    ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා තමයි ගාමිණි හත්තොට්ට්වේගම මහතා කිව්වොත් මම වැරදි නෑ .. එත් ඔය මම කිව්වේ හැමෝම කියන විදිහට ... හතා කියන නම ඇහුන සැනින් හතා ගැන දන්න හැමෝටම මතක් වෙන්නේ වීදි නාට්‍ය .. හැබැයි එතුමාව වීදි නාට්‍ය කලාවට විතරක් පුරෝගාමී වුනු වීදි නාට්‍යයට විතරක් සීමා කරන කෙනෙක් විදිහට දකින එකට නං මං එච්චර කැමති නෑ .. මොකද හත්තොට්ටුවේගම මහතා මොකක් හරි රෙදි කඩමාල්ලක් ඇඟේ ඔතාගෙන තමන්ගේ සගයොත් එක්ක පාරවල් ගානේ ඇවිද ඇවිද තැනින් තැනට ගිහිල්ල නාට්‍ය පෙන්නුවේ එතුමාට වෙන කරන්න දෙයක් නැති කමට කියල මම නං හිතන්නේ නෑ .. මොකද දන්නවද එහෙම හිතන්නේ ... ඉංග්‍රීසි භාෂාව පිලිබඳ පරිණත දැනුමක් තිබුණු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ට පාරවල් ගානේ යමින් නාට්‍ය පෙන්නනවට වඩා ඕනේ තරම් කරන්න වැඩ තිබෙන්නට ඇති ... එත් එතුමන් එදා මම වගේ නොහිතපු නිසා තමයි අද එතුමන් ගැන හැමෝම කතා වෙන්නේ කියලයි මට හිතෙන්නේ ..

    ශ්‍රී ලංකාවේ දේශපාලන , සමාජයීය , ආර්ථික වශයෙන් ගත කරපු අමාරුම කාල වලදී මුළු රට පුරාම ලොකු ලොක්කන්ව විතරක් ඉලක්ක කරගන්නේ නැතුව පොඩිම මිනිහා වෙනුවෙන් කැප වුනු ගාමිණි හත්තොට්ටුවේගම මහතා විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ගොඩනගන්න පුරෝගාමී වෙමින් සල්ලි ගෙවල වේදිකා නාට්‍යයක් බලන්න යන්න වත්කමක් නොතිබ්බ මිනිහගේ ඉඳල දේශපාලඥයා වෙනකම්ම ලොකු බලපෑමක් කරන්න සමත් වුනා .. එහෙම පටන් ගත්ත විවෘත වීදි නාට්‍ය කණ්ඩායමත් අද වෙනකම් ලංකාවේ වීදි නාට්‍ය කලාවට වගේම නාට්‍ය කලාවටත් කරන සේවය අවතක්සේරු කරන්න අපිට හැකියාවක් නෑ ..

    :yes: :yes: :yes:

    ඉතින් ඔය විදිහට 1974 ආරම්භ වුනු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට 41 වසරක් සපිරීම නිමිත්තෙන් "හතා එක්ක විවෘත වීදි නාට්‍ය කණ්ඩායම" නමින් පොත් පිංචක් එලි දක්වන්න වෙන සුදානම ගැන අපේ එළකිරියේ සෙට් එක දැනුවත් කරන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ... ලබන ජුනි 23 වෙනිදා හවස 2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ලැස්ති කරලා තියෙන මේ වැඩේට අපේ එළකිරියේ මේ ගැන උනන්දුවක් දක්වන කැමැත්තක් දක්වන කුතුහලයක් තියෙන කව්රූ හරි කෙනෙක් ඉන්නවා නං ඒ හැමෝම එදාට එන්න කියල මම අරාධානා කරනවා :D

    oUzmYQf.jpg
    MiJMJAE.jpg

    ඒ වගේම මම මේකත් කියන්න ඕනේ .. මගේ දැනුමේ හැටියට .. මම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමත් , ගාමිණි හත්තොට්ටුවේගම මහතා ගැනත් , වීදි නාට්‍ය ගැනත් දන්නේ බොහොම පොඩ්ඩයි .. ඒ නිසා මේවා ගැන කතා කරන්න , දැනගන්න කැමති අය ඉන්නවා නං වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    owwa campus gihama karanta ithuru karaganin. issaralama O/L pass wela imuko :rolleyes:

    ඉතින් ඔය විදිහට 1974 ආරම්භ වුනු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට 41 වසරක් සපිරීම නිමිත්තෙන් "හතා එක්ක විවෘත වීදි නාට්‍ය කණ්ඩායම" නමින් පොත් පිංචක් එලි දක්වන්න වෙන සුදානම ගැන අපේ එළකිරියේ සෙට් එක දැනුවත් කරන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ... ලබන ජුනි 23 වෙනිදා හවස 2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ලැස්ති කරලා තියෙන මේ වැඩේට අපේ එළකිරියේ මේ ගැන උනන්දුවක් දක්වන කැමැත්තක් දක්වන කුතුහලයක් තියෙන කව්රූ හරි කෙනෙක් ඉන්නවා නං ඒ හැමෝම එදාට එන්න කියල මම අරාධානා කරනවා :D
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උබ හිතනවද ඔහොම කරලා A/L pass වෙන්න පුලුවන් කියලා? අපරාදේ බන් කාලේ, කරන එක හරියට කරපන් නැත්නම් foundation එකක් කරලා HND හරි කරපන්. දැන් උබ ඕක fail වුනොත් අවුරුදු 3 ක් වතුරේනේ? ඊට පස්සේ foundation -> HND කරත් ගිය කාලය ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ හිතනවද ඔහොම කරලා A/L pass වෙන්න පුලුවන් කියලා? අපරාදේ බන් කාලේ, කරන එක හරියට කරපන් නැත්නම් foundation එකක් කරලා HND හරි කරපන්. දැන් උබ ඕක fail වුනොත් අවුරුදු 3 ක් වතුරේනේ? ඊට පස්සේ foundation -> HND කරත් ගිය කාලය ගන්න පුලුවන්ද?

    ලබන ජුනි 23 වෙනිදා හවස 2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ලැස්ති කරලා තියෙන මේ වැඩේට අපේ එළකිරියේ මේ ගැන උනන්දුවක් දක්වන කැමැත්තක් දක්වන කුතුහලයක් තියෙන කව්රූ හරි කෙනෙක් ඉන්නවා නං ඒ හැමෝම එදාට එන්න කියල මම අරාධානා කරනවා :D