හදවතත් එක්ක සෙල්ලම් එපා ►

th-ar-in-du.-

Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    හදවතත් එක්ක සෙල්ලම් එපා ►

    යාලුවෝ ටික උද්‍යානයේ සෙල්ලම් කරද්දී පීටර් හා ටීනා බංකුවක වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.

    ටීනා : ''මට හරිම කම්මැලියි. ආදරේ කරන්න කොල්ලෙක්වත් හිටිය නම්''

    පීටර් : ''ම්... ඒක ඇත්ත අපි දෙන්න විතරමයි ඉතිරි වෙලා ඉන්නේ.''

    ආපහු අහස බලන කොටම ටීනා කෑ ගැහුවා.

    ටීනා : ''පීටර් අපි වැඩක් කරමුද?''

    පීටර් : ''මො.. මොකක්ද ඒ?'' පීටර් ඇහුවේ පුදුමයෙන්. ''කියන්න බලන්න.''

    ටීනා හැඩ කරලා කතාව කියන්න ගත්තා.

    ටීනා : ''මෙහෙමයි. දවස් 100කට ඔයා මගේ boy friend වෙනවා. මම ඔයාගේ girl friend වෙනවා. කැමතිද?''

    පීටර් : ''ෂා... ඒකත් හොදයි. මටත් කිසිම වැඩක් නැතුවයි හිටියේ'' පීටර් එහෙම කිව්වා.

    ටීනා : ''අද අපේ ආදරයේ පළවෙනි දවස. අපි මොකද කරන්නේ?''

    පීටර් : ''හොඳ ෆිල්ම් එකක් තියෙනවා. අපි යමු ද ඒක බලන්න?''

    ටීනා : ''නියමයි අපි යමු.''

    2 වෙනි දවස
    පීටර් ලස්සන කී ටැග් එකක් ටීනාට තෑගී දුන්නා.

    3 වෙනි දවසේ මේ දෙන්නම ගියා යාලුවෙකුගේ උපන් දිනයට තෑග්ගක් තෝරන්න. ඒ අතරේ එක අයිස් ක්‍රීම් එකක් අරන් බෙදා ගෙනත් කෑවා.

    7 වෙනි දවසේ මේ දෙන්නා ගියා පුංචි කඳු මුදුනකට ඉර බහින හැටි බලන්න. ඉර බැහැලා හඳ නැගෙන කොට ටීනා කොදුරමින් තමන්ටම යමක් කියමින් ප්‍රාර්ථනයකුත් කළා. මේ විදිහට දින ගෙවී යනකොට ගිවිසුමකට යාලු වුන මේ දෙන්නා ගොඩාක් සතුටින් තමා හිටියේ.

    කොහොම කොහොම හරි 99 වෙනි දවසටත් ආවා.

    එදා මේ දෙන්න නගරේ වටේම ඇවිදින්න යන්න කතා කර ගත්තා. වේලාව සවස 1.23 වෙද්දී දෙන්නම බංකුවක වාඩි වුනා. ඒ අතර...

    ටීනා : ''මට තිබහයි. අපි ටිකක් ඉදලා යමු.''

    පීටර් : ''හොඳයි. එහෙනම් මම බොන්න මොනවා හරි අරන් එන්නම්. මොනවටද ඔයා කැමති?''

    ටීනා : ''අනේ ඇපල් ජූස්. ඒවා තමා මට ඕන.''

    වේලාව සවස 1.43. විනාඩි 20ක් හිටියත් පීටර් තාම නෑ. ඒත් හදිස්සියෙන් පුද්ගලයෙක් ටීනා දිහාවට ආවා.

    අමුත්තා : ''ඔයාද ටීනා කියන්නේ?''

    ටීනා : ''ඔව් ඇයි? මුකුත් උදව්වක් ඕනද?''

    අමුත්තා: ''නෑ. අතන පාරේදී පිරිමි ළමයෙක් වාහනයක හැප්පිලා. මම හිතන්නේ ඔයාගේ යාලුවා.''

    ඇය එතනට දුවලා යද්දීත් ඇපල් ජූස් බෝතලයත් අතේ තියාගෙනම ලේ විලක් මැද පීටර් වැටිලා හිටියා. හදිසි රථයෙන් ඔහුත් එක්කම රෝහලට ගිය ඇයට පැය 5ක් එතන බලා ඉන්න වුනා. ප්‍රතිකාර කරලා ඉවර වුන දොස්තර මහත්මයා කිව්වේ පීටර් ව බේරගන්න ගොඩාක් උත්සහ කලත් ඒක කරන්න බැරි වුනා කියලා. ඊට පස්සේ ඇයට තම අත වූ ලිපියකුත් දුන්නා. ගොඩාක් දුක් වුන ටීනා ටික වෙලාවකින් අර ලියුම කියවන්න ගත්තා. ඇය තව තවත් අඩන්න ගත්තා.

    ලියුමේ තිබුනේ මෙහෙමයි!

    ''ටීනා අද අපේ ගිවිසුමේ දින 100 අන්තිම දවස. මේ දවස් 100ට මම ඔයත් එක්ක ගොඩාක් සතුටු වුනා. වෙලාවකට ඔයා ගොඩාක් නපුරුයි. වෙලාවකට ගොඩාක් අහිංසකයි. සමහර වෙලාවට හරිම මෝඩයි. ඒ කොහොම වුනත් ඔයා තමා මම දැකපු හොඳම ගෑනු ළමයා. ඉතිං... මම එක දෙයක් අහන්නද? මේ දින 100 තව ටිකක් දික්කර ගනිමුද? හැමදාටම වගේ... මොකද මට සදහටම ඔයාගේ ආදරවන්තයා වෙලා ඉන්න ඕන. මම ඔයාට ආදරෙයි.''

    ටීනා දුවලා ගියා පීටර් හිටිය ඇඳ ගාවට... ඇය කෑ ගැහුවා...

    ''ඔයා මට පොරොන්ඳු වුනා දවස් 100 මා එක්ක ඉන්නවා කියලා. ඒකට තව වෙලා තියෙනවා. ඔයාට බෑ මාව දාල යන්න. මමත් ප්‍රාර්ථනා කළා මට ඔයාව සඳහටම ලැබෙන්න කියලා. ඒත් මම ඒක ඔයාට කිව්වේ නෑ. පීටර් මමත් ඔයාට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ආපහු එන්න. මා වෙනුවෙන් එන්න.''

    වේලාව ගෙවිලා ගියා, දින 100ත් ගෙවිලා ගියා. ඒත් ඇය තවමත් දුක්වෙනවා. ඔබ කාටහරි හදවතින්ම ආදරේ නම් එය පවසන්න කවදාවත්ම ප්‍රමාද වෙන්න එපා. මොකද හෙට මොනවා වෙනවද, වේවිද කියන්න කවුරුවත් දන්නේ නැති නිසා. එහේම ප්‍රමාදයක් වුනොත් එය දිගු කාලයකටම පසු තැවීමක් වේවි
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    අන්තිම ටික කියවනකොට ඇස් වලට කඳුලු ආව.ඔව් මචන් කවදත් ආඩරේ හිත ඇතුලෙ විතරක් තියාගෙන ඉඩල වැඩක් නැහැ කියන්න ඕන.
     
    Last edited:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Arabiya_Daddy.jpg

    ithin nuba ayata kamathi nam...