හදවත් රොග සුව කරන ජිවකයානො..

jaya91

Member
Mar 11, 2014
25
35
0
මට මතක නෑ
හදවත් රොග සුව කරන ජිවකයානො..

වෙදැදුරුට පවා සුව පහසු ආසනයක් නොතිබුණු ඒ වෙද මැඳුරේ සේවකයෝ හත්අට දෙනෙක් හරි හරියට කිසියම් කාර්යයක නිරත වෙමින් සිටියහ. තැනෙක ලිප ගිනි මත තෙල් බෙහෙත් සිඳෙද්දී තවත් තැනෙක දෙමෝලෙන් කොටන ඖෂධ සංයෝග පරිසරය සුවඳවත් කළේය.

උඩුගම්පොල, දොඹවල ජයවීර හෙළ වෙද ගෙදරට අප යන විට තිබුණේ.

සර්වාංග රෝග පිළිබඳව ප්රතිකාර කරන රන්පටිදේවගේ අනිල් වසන්ත කුමාර ජයවීර වෙදැදුරු සෙම, හතිය හා වාත රෝගවලට විශේෂ බවක් දක්වන අතර හෘද රෝග හා ආතරයිටිස් රෝග වලට ද අති විශේෂයක් දක්වන බව අපට අසන්නට ලැබිණි.

ඩී. ඩී. වෛද්යසේකර නමැති මහා වෙදැදුරුවරයකුගෙන් වෙදකමට අත්පොත තැබූ ජයවීර එතැනින් නැවතුනේ නැත. පැලචිකුලමේ

රැපියෙල් වෙද මහත්තයා හා නාච්චදූව බෝමළුවේ වෙද හාමුදුරුවන්ගෙන් ද වැඩිදුරටත් වෙදකම හදාරා ලබාගත් දැනුම් සම්භාරය බොහෝ රෝග සුව කිරීමට මහත් පිටිවහලක් කරගත්තේය.

රෝග සුව කිරීමට ජයවීර වෙදදුරු තීරණය කරන කාල වකවානුව තරමක් පුදුම සහගතය. ඒ රෝගයේ ස්වභාවය අනුව දින 35, 28, හා 21 ඇතුළත රෝගයට විසඳුමක් ලබා දෙන බව ඔහු කියන්නේ ස්ථිරවමය.

මේ බව පැමිණ සිටි රෝගීන් ද තහවුරු කළ හෙයින් මම මුලින්ම ඔහුගෙන් ප්රශ්නයක් ඇසීමි.

"මෙතෙන ඉන්න ගොඩක් රෝගීන් ඔබ කියන දිනයට රෝගය සුවකර දෙනව කියල කියනවා. ඒක ඇත්තක්ද?"

"මම කරන ප්රතිකාර බොරුවක් නම් රෝගීන් එහෙම කියන්නෙ නැහැනේ."

"එහෙම දින නියම කරල රෝග සුව කරන බව ඔබ කියන්නේ වගකීමකින් යුක්තවද?"

"ඔව්........ වගකීමකින් තමයි මම එහෙම කියන්නේ. දැන් ඔබටම පේනවා ඇති මෙතන කොච්චර රෝගීන් ප්රමාණයක් ඉන්නවද කියලා. ඒ අය ඇවිල්ලා තියෙන්නේ මම බලල යන්න නොවෙයි. තම තමන්ගෙ රෝගවලට ප්රතිකාර ගන්න."

ජයවීර වෙදැදුරු තරමක සිනහවක් පාමින් තමන්ගේ වෛද්ය ප්රතිකාරයන්හි ඇති සුවිශේෂී බව පැහැදිලි කළේය.

"ඔබ ස්ථිරවම රෝගය සුව කරල දෙනව කියල පොරොන්දු වෙන්නෙ මොන පදනමක් උඩද?"

"මගේ ප්රතිකාර මට විශ්වාසයි. මේකෙදි තියෙන විශේෂත්වය තමයි මේ හැම දෙයක්ම කෙරෙන්නෙ මගේ අධීක්ෂණය යටතේ. ගෙදරදී කරන්න තියෙන දේ ඉතා අල්පයි. මෙතෙන්දී මේ සෑම ඖෂධයක් ම මගේ දැනීම යටතේ පිළියෙළ වෙන්නෙ. එහෙම නොවුණොත් ඖෂධය වෙනස් වෙන්න පුළුවන්.

"කෝටිටං කියන බෙහෙත අපි ගෙනෙන්නෙ ඉන්දියාවෙන්.

මේක ආතරයිටිස් රෝගයට මහෞෂධයක්. යම් විදියකින් එවැනි රෝගියකුට මේ ඖෂධයෙන් බෙහෙතක් හදල ගන්න කිව්වොත් එයාල ගනීවි ලංකාවෙ තියෙන කොට්ටං කියන ගස් වර්ගය. එහෙම උනොත් මොකද වෙන්නේ. රෝගය සනීප වෙනවද? නෑ. කවදාවත් රෝගය සනීප වෙන්නෙ නැහැ.

අපේ රටේ කීයෙන් කී දෙනාද මේ බෙහෙත් පැළෑටි හඳුනන්නේ. විශේෂයෙන් ම මේ අලුත් පරම්පරාව මෙලෝහසරක් දන්නෙ නැහැ. අපේ පැරැන්නො නම් ගොඩක් ඖෂධ හැඳිනුවත් මේ අය දන්නෙ නැහැ."

මේ හේතුව නිසා සියලු බෙහෙත් වර්ග මගේ අනුදැනීමකින් තොරව සිදු කෙරෙන්නෙ නැහැ. මට විශ්වාසයි මගේ ප්රතිකාරය මේ දින වකවානු අවසන් වෙන කොට සුව වේවි කියලා."

අප ජයවීර හෙළ වෙද ගෙදරට යන විටත් රෝගීන් සැළකියයුතු ප්රමාණයක් ප්රතිකාර සඳහා පැමිණ සිටියහ. තෙල් ගැල්වීම්, වේදු කිරීම, විරේක කිරීම, නස්න කිරීම සහ කසාය දීම තුළින් කරන මේ ප්රතිකාරය වැරදුන කෙනෙක් නැත. රෝගීන්ගේ දැන ගැනීම සඳහා මා තවත් ප්රශ්නයක් අසමින් "ඔබට ස්ථිරවම සුව කළ හැකි රෝග පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නැයි ඉල්ලා සිටියෙමි.

"මම ලියාපදිංචි වෙලා තියෙන්නේ සර්වාංග රෝගවලට ප්රතිකාර කරන හැටියටයි. ඒත් හෘද රෝගවලට හා ආතරයිටිස්වලට විශේෂයෙන් ප්රතිකාර කරනවා. මේවාට මම දින නියම කරල ස්ථිරවම විසඳුම් ලබා දෙනවා. ඒක මට ඒ තරමටම විශ්වාසයි.

"මේ රෝගවලට අමතරව ස්නායු රෝග වැනි රෝග වලටත් ප්රතිකාර කරනවා. කොටින්ම මම පාර්කින්සන් රෝගයටත් ප්රතිකාර කරනවා. මේ බොහෝ රෝගවලට දින වකවානු නියම කරල ප්රතිකාර කළත් සමහර ඒවාට එහෙම දින දෙන්නේ නැහැ. ඒක රෝගයේ තත්ත්වය අනුව තමයි මම භාර ගන්නේ."

හදවත් රෝගවලට පිළියම්

පොල් රුප්පාවක ඉදි වූ ඒ කටුමැටි වෙද නිවසෙහි රෝගීන්ට අසුන් පනවා තිබුණේත් මහ වනයේ වූ ගස්වල අතු කැබලි ආසන සේ සකස් කර තබමිනි. තවත් තැනෙක ගොඩගසා තිබූ දර තොගය ඖෂධ නිපදවා ගැනීමට උපයෝගී කර ගන්නා බවක් පෙනුනේ අවටින් මතුවුණු දුම්ගොබය අහසට එසවෙද්දී ය.

තවත් තැනෙක කාන්තාවෝ බෙහෙත් වර්ග අඹරද්දී අනෙක් පසින් කිසියම් බෙහෙතක් වනේ දමා කොටනවා දැක ගන්නට ලැබිණි. මේ සියල්ලට අමතරව කල්දේරම් තුළ සිඳෙන ඖෂධ අවට පරිසරය සුවඳවත් කරමින් බොහෝ රෝගීන්ට ආශිර්වාදයක් සැපයූහ.

"ඇත්තටම අද අපේ රටේ හෘද රෝගීන්ගේ සංඛ්යාව ඉතාමත් වැඩියි. මේ අයගෙන් හදවත් සැත්කම් කරන්න ඕන අයගෙ පෝලිමට එකතු වෙච්ච ප්රමාණය දහස් ගණනක්. සමහර අයට රෝහල්වලින් සැත්කම් කරන්න දීල තියෙන දිනය වසර දෙක තුනකින් විතර ඈතට ගිහිල්ල. මේකෙන් තේරෙන්නේ කොච්චර ප්රමාණයක් ජීවිත අවදානමෙන් ඉන්නවද කියලා."

"නමුත් මම වගකීමෙන් එක දෙයක් කියනවා. ඕනෑම හදවත් රෝගියකුට සීමිත කාල පරාසයක් තුළ ඒ හෘද රෝගය මුළුමනින් ම සුවපත් කර දෙන්න මට හැකියාව තියෙනවා."

"ඔබ කොහොමද ඒක ස්ථිරවම කියන්නෙ."

"මට මං ගැන විශ්වාස නිසා. මගේ ප්රතිකාර විධි ගැන මට අවබෝධයක් තියෙන නිසා."

"සාමාන්යයෙන් හෘදරෝග එකක් දෙකක් නෙවෙයි ගොඩක් තියෙනවා. සමහර වෙලාවට හදවතේ සිදුරක් තිබීමත් හෘද රෝගයක්. එතකොට ඔබ ඒවාටත් ප්රතිකාර කරනවාද?" මං වෙදැදුරුගෙන් ප්රශ්න කරමින් ඇසීමි.

"සාමාන්යයෙන් මෙහෙමයි. ඔබ කිව්ව වගේ හෘද රෝග විශාල ප්රමාණයක් තියෙනව. අපි මෙතෙන්දී කියන්නෙ නැහැ ඒ හැම එකකටම අපේ ප්රතිකාර විධි හරියනව කියල. අපි නිකමට හිතමු ඔය කියපු හදවතේ සිදුර වහන්න ශල්යකර්මයක් කරන්නම වෙනවනේ. එතෙන්දී අපට ඒක කරන්න පුළුවන්ය කියනව නම් ඒක ඇත්තක් වෙන්න බැහැ."

"අපි හෘදය වස්තුව ගැන යමක් කියනව නම්, මිට මොලවාගත් අතක් තරම් මහත ඇති මිනිස් හෘදය බරින් අවුන්ස දහයහමාරක් විතර ඇති. ඒක හැදිලා තියෙන්නේ කිරීටක වාහිනී නමැති රුධිර වාහිනී සමඟ දැඩි සේ එකට ගෙතුන පේෂික තන්තුවලින්. මොලයේ සංවේදක මධ්යස්ථානයක් සමඟ කෙළින්ම සම්බන්ධ වී ඇති ස්නායු පද්ධතියක් මගින් වුවමනා වන පරිදි හෘදයේ ක්රියාකාරිත්වය අඩු කිරීම හෝ වැඩි කිරීමේ අවශ්යතාවන් හෘදය වෙත දන්වනවා. එම තත්ත්වය යටතේ කිරීටක ධමනිවල ඇතිවන අවහිරතා තුළින් මතුවන හෘද රෝග සියල්ලටම මම ප්රතිකාර කරනවා. මෙතෙන්දී වෛද්ය වාර්තා මට කිසිවක් අවශ්ය නැහැ. එවැනි රෝගීන් කිසියම් ශාරීරික වෙහෙසීම් කරන විට පවුවේ අමාරුකම් එන එවගේම 'බයිපාස්' සැත්කම්වලට පවා නියම වූ අය සුවපත් කිරීම මම වගකීමකින් යුක්තව බාර ගන්නවා."

"මගෙන් ප්රතිකාර ගන්න එන රෝගීන්ට මම එකම දෙයයි කියන්නේ. ඔය දහස් ගණන් වියදම් කරල කරගන්න පරීක්ෂණවල වාර්තා මට ඕන නැහැ. හදවත් රෝගයක් තියෙනවනම් ඒ රෝගය මම නාඩි පරීක්ෂාවකින් තීරණය කරගෙන ප්රතිකාර කරනවා. බිය විය යුතු කිසිම දෙයක් නැහැ. අනිවාර්යයෙන් ම දින 35 ක් වැනි ඉතා කෙටි කාලයකින් මම සුවපත් කරනවා. අන්න ඊට පස්සෙ වෛද්ය වාර්තා අරගෙන තමන්ගෙ රෝග තත්ත්වය බලා ගත්තාට කමක් නැහැ."

මෙතෙන්දී මම කිසිම කෙනෙකුට තමන්ට හොයාගෙන බෙහෙත් කර ගන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ හැම බෙහෙතක්ම හදල දෙන්නෙ මමයි. හැම තැවිල්ලක්ම, තෙල් සාත්තුවක්ම කරන්නෙ මමයි. ඒක නිසා වරදින්න තැනක් නැහැ."

මම මේ සෑම බෙහෙතක් ම ගේන්නෙ අනුරාධපුර, පොලොන්නරුව වගේ මහ කැලෑවලට ගිහිල්ලා. මොකද හරියට බෙහෙත් පැළෑටිය හඳුනා නොගත්තොත් එහි ඖෂධීය ගුණය අඩුවන නිසා.

"මම මේකට හොඳ කතාවක් කියන්නම්. පසුගිය දවසක මෙතෙන්ට රෝගියෙක් අරගෙන ආව. එයාට වෙදකම් කරල තිබුනෙ කවුද කියල අහන්න මම ගියේ නැහැ. සමහර වෙලාවට මට හමු නොවුනා නම් ඒ රෝගියා මිය යන්නටත් තිබුණා. එයාට සිදුවෙලා තිබුණේ තමන්ගෙ රෝගයට දීපු කසාය වට්ටෝරුවෙ තිබුන කරඳපොතු වෙනුවට කදුරුපොතු දාල කසාය බීපු එක."

"ඉතිං කදුරුපොතු මිශ්ර කසායක් බීපුවාම වෙන්න ඕන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වෙදැදුරු තරමක සිනහවක් පාමින් කීවේ නිවසේදී එවැනි කසායක් සකස් කර ගැනීමට රෝගියකුට පැවරීමෙන් වන අනිසි ප්රතිඵල විස්තර කරමිනි.

"හෘද රෝගීන්ට ඔබට දිය හැකි සුබදායී පණිවිඩය කුමක් දැයි මම අවසාන වශයෙන් ජයවීර වෙදැදුරුගෙන් ඇසිමි.

"මම දෙන පණිවිඩය කොහොම වෙතත් හෘද රෝග සෑම එකකටම ප්රතිකාර කරනව කියල මට ස්ථිරවම කියන්න නොහැකි වුණත් ඔය කිරීටක ධමනිය හරහා වන ලේ කැටි හිරවීම් තුළින් මතුවන සෑම දෙයකටම මම ප්රතිකාර කරල සුවයක් අරන් දෙනවා. ඒකට වසර ගණනක් මම ගත කරන්නෙ නැහැ. අනික තමයි 'බයිපාස්' කියන සැත්කම කරන්න ඉන්න අයත් ලිස්ට් එකේ ඉන්නෙ නැතිව මා ගාවට ආවොත් මම ස්ථිරවම ශල්ය කර්ම කරන්නට ඉඩ නොතබා සුවයක් අරගෙන දෙනවා."
විමලසිරි අගලකඩ - දිවයින


බොහො අයගෙ හිතසුව පිනිස මෙය bump කරන්න .මට rep දෙන්නත් අමතක කරන්න එපා..:)