හදිසි ආරාධනයකින් ශ්‍රී ලංකා - ඉන්දියා එක්&#820

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
හදිසි ආරාධනයකින් ශ්‍රී ලංකා - ඉන්දියා එක්&#820

හදිසි ආරාධනයකින් ශ්‍රී ලංකා - ඉන්දියා එක්‌දින තරග පහක්‌ නොවැම්බරයේ

අසේල විතාන

ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ හදිසි ආරාධනයකට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක්‌ ලබන නොවැම්බර් මස පළමු සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඊයේ (17 දා) එකඟ වී තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් zදිවයිනZ කළ විමසීමකදී පවසා සිටියේ, "කොදෙව් තරගාවලිය අතර මග නැවතුන නිසා ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය අපෙන් ඉල්ලීමක්‌ කළා එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීමට එරටට එනන ලෙස. නමුත් අපි විස්‌සයි විස්‌ස තරගය අතහැරල එක්‌දින තරගාවලියකට සහභාගි වෙන්න තීරණය කරල තියෙනවා. එහි කාල සටහන් තව දින කිහිපයකින් හරියට අපිට දැන ගන්න පුළුවන්. කොහොම වුණත් නොවැම්බර් පළමු සතියේ සිට තරගාවලිය ක්‍රියාත්මක කිරීමට අපි දැන් සාකච්ඡා කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලිය ඉලක්‌ක කරමින් මේ ලැබුණු අවස්‌ථාව ගොඩක්‌ වටිනවා." යනුවෙන් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැත්වෙමින් තිබූ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය අතරතුර කොදෙව් කණ්‌ඩායම හදිසියේ තරගාවලියෙන් ඉවත්ව සිය රට බලා යැමට තීරණය කිරීම මත ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ලැබී තිබේ.

ක්‍රීඩක කොන්ත්‍රාත් වැඩිකිරීමක්‌ සම්බන්ධයෙන් කොදෙව් ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ එරට ක්‍රිකට්‌ ආයතනය අතර ඇතිවු මත ගැටුමක්‌ මත කොදෙව් කණ්‌ඩායම තරගාවලිය අතර මග නවතා දමා සිය රට වෙත යැමට තීරණය කළ බව කොදෙව් කළමණාකාරු විවියන් රිචඩ්සන් මහතා ඊයේ (18 දා) එරට ක්‍රිකට්‌ ප්‍රධානීන්ට සහ මාධ්‍ය වෙත දන්වා තිබේ. ඉන්දියාව සහ කොදෙව් අතර ඊයේ සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගය පැවැත්වෙමින් තිබියදී මෙම තීරණය ගෙන ඇති අතර එහිදී කොදෙව් නායක ඩ්වයින් බ්‍රාවෝ කාසියේ වාසිය උරගා බලන විට පවසා ඇත්තේ. "අපි ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ ප්‍රශ්නයට විසඳුමක්‌ හොයනවා. නමුත් කොදෙව් ක්‍රිකට්‌ ආයතනය ඒ ගැන කිසිම ඇහුන්කන් දීමක්‌ නැහැ. කණගාටුයි. අපි මේ තරගයෙන් පසුව රට වෙත යනවා." යනුවෙනි.

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ඉතිරිව තිබුණේ එංගලන්තය සමග ශ්‍රී ලංකාවේදි එක්‌දින තරග 7 ක්‌ සහ නවසීලන්තය සමග එරටදී එක්‌දින තරග පහක්‌ පමණි. නමුත් මෙම තරගයත් සමග ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව එක්‌දින තරග 17 කට සහභාගි වේ.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sanga nam kemathi na kiyala tibba unta free time eka aduwena nisa kiyala.
    Thawa test match 3k dagena tiyenawa lankawema play karanna indiya ekka 2015 di.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Sanga posted a tweet regarding this >> "Our 6 weeks of pure fitness work ends abruptly. Have a week to do a months requirement of skill work before India. Planning ahead anyone?"

    මේ දාගත්තු ඉන්දියන් series එක අපිට වාසි වෙන්නත් පුළුවන්. හැබැයි අපේ ක්‍රිකට් බෝර්ඩ් එක ක්‍රීඩකයින් එක්ක සාඛච්ච කරලා නෙමෙයි වගේ මේක දාගෙන තියෙන්නේ. ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ගැනත් හිතන්න තිබ්බා. අනිත් එක මාසෙක fitness programme එකක් කලින් plan කරලා තිබිලා තියනවා පවත්වන්න. ඒ කියන්නේ අපේ අයගේ fitness එක 100% නෑ කියලනේ. එත් ඒක දැන් සතියකට සිමාවෙනවා කියලනේ ඔය සන්ගා කියලා තියෙන්නේ. දැන් ඉතින් බැඳගත්ත බෙරේ මොලේ ඇතුව ගහන එක තමයි තියෙන්නේ, අපි indian series එක දිනන විදිහට නෙමෙයි WC එකට වාසි වෙන විදිහට. ;)