හද මගේ පිනවූ කුමරි නුඹයි
මේක මේ මම මගේ ආදරණීය සුරංගනාවිය වෙනුවෙන් ලියපු පොඩි නිසඳැසක්..
හද මගේ පිනවූ කුමරි නුඹයි 
ඔබ මුදු පහසින් දෝ මෙතරම් මා සිනාසුනේ
හමනා ඔබේ සුවඳින් දෝ මා නැහැවුනේ
ඇසෙනා ඔබේ මිහිරි වදනින් දෝ මා දෙසවන් අවදි වුනේ
ඔබමයි මා පැතුවේ
සැමදා මා හදේ....
සොඳුරුයි නුඹේ කිරි කැටි සිනාව
වරලස නුඹේ නිමවයි මගේ විඩාව
පියකරුයි නුඹේ සුදු මුහුන
ගෙනයයි නුඹේ පැටියා සුරලොව තුරුලට....
සුරඟනකි ඔබ සත්තකින්ම මට උරුමා
නැහැ කිසි දිනෙක මා ඔබ තනිකරනා
තුරුලු කරගනිමි ඔබ සුරඟන මා ළයේ....
මවයි ඔබ ආදර හැඟුමන් මා ඉදිරියේ
සැතපිලා ඔබ උකුලේ
හැඩකාරි නුඹයි සැමදා මා දෙස් පිනවනා...
ඔබේ නෙතු අග සිර වූ ආල බැල්මෙන්
මුසු කරයි ඔබ රසයක්
මා හද පතුලේ...
වෙලී ආලයෙන් නුඹේ හදින් පිටවනා
මුසු කරමි මා දෙතොල් නුඹේ මුව හරහා....
දැම්ත් මගේ නුඹේ කර හා බඳ වටා
පිනවමි මා නුඹේ ගත, වැසි වසමින් හාදු.....
පැතුමන් දහසකි හිතේ තද කරගෙන
නමුත් ප්‍රථම පැතුම නුඹමයි මා සුරඟන...
සිටිනු මා තුරුලේ සැමදා මා සුරඟන සේ,
බැඳ තබනු මා නුඹේ ආලයෙන් සැමදා....!
-LCP-
මේක මේ මම මගේ ආදරණීය සුරංගනාවිය වෙනුවෙන් ලියපු පොඩි නිසඳැසක්..

හද මගේ පිනවූ කුමරි නුඹයි 
ඔබ මුදු පහසින් දෝ මෙතරම් මා සිනාසුනේ
හමනා ඔබේ සුවඳින් දෝ මා නැහැවුනේ
ඇසෙනා ඔබේ මිහිරි වදනින් දෝ මා දෙසවන් අවදි වුනේ
ඔබමයි මා පැතුවේ
සැමදා මා හදේ....
සොඳුරුයි නුඹේ කිරි කැටි සිනාව
වරලස නුඹේ නිමවයි මගේ විඩාව
පියකරුයි නුඹේ සුදු මුහුන
ගෙනයයි නුඹේ පැටියා සුරලොව තුරුලට....
සුරඟනකි ඔබ සත්තකින්ම මට උරුමා
නැහැ කිසි දිනෙක මා ඔබ තනිකරනා
තුරුලු කරගනිමි ඔබ සුරඟන මා ළයේ....
මවයි ඔබ ආදර හැඟුමන් මා ඉදිරියේ
සැතපිලා ඔබ උකුලේ
හැඩකාරි නුඹයි සැමදා මා දෙස් පිනවනා...
ඔබේ නෙතු අග සිර වූ ආල බැල්මෙන්
මුසු කරයි ඔබ රසයක්
මා හද පතුලේ...
වෙලී ආලයෙන් නුඹේ හදින් පිටවනා
මුසු කරමි මා දෙතොල් නුඹේ මුව හරහා....
දැම්ත් මගේ නුඹේ කර හා බඳ වටා
පිනවමි මා නුඹේ ගත, වැසි වසමින් හාදු.....
පැතුමන් දහසකි හිතේ තද කරගෙන
නමුත් ප්‍රථම පැතුම නුඹමයි මා සුරඟන...
සිටිනු මා තුරුලේ සැමදා මා සුරඟන සේ,
බැඳ තබනු මා නුඹේ ආලයෙන් සැමදා....!
-LCP-


uba kavi liyanna giya nam harine bn 