හද_සසල_කල_පින්තූර‍යක_කතාව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හද_සසල_කල_පින්තූර‍යක_කතාව

    හද සසල කළ පින්තුරයක කතාව


    ජනමාධ්‍ය යනු ලෝකය හසුරුවන ප්‍රධාන යාන්ත්‍රණයකි. හොඳ වගේම නරකත් ඉතා ඉක්‌මනින් සමාජයට නිදහස්‌ කිරීමට, වැපිරීමට ජනමාධ්‍යයට ගත වන්නේ සුළු කාලයකි.
    "ජනමාධ්‍යවේදියා මිනිසුන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි" කියලා කියන්නේ.
    එහි අරුත තමයි මිනිසා මෙහෙයවීම, ඔහුට මාර්ගය කියා දීමේ වගකීම මාධ්‍යවේදියා සතුයි කියන එක.
    මාධ්‍ය කිව්වහම අද විවිධ මාධ්‍ය සඳහා වන මාධ්‍යවේදීන් සිටිනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය ලැබෙන්නේත් මාධ්‍යවේදියකුට. ඔහු ඡායාරූප මාධ්‍යවේදියෙක්‌. කෙවින් කාටර් (Kevin Carter) මේ තරුණ මාධ්‍යවේදියා 1960 සැප්තැම්බර් මස 13 වැනි දා උපත ලබන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නගරයේදී (Johannesbur).


    kevincarter.jpg


    පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉගෙනීමට තිත තබන කෙවින් බෙහෙත් වෙළෙන්දෙක්‌ ලෙස රැකියාවේ යෙදෙනවා. ඉන්පසුව ඔහු හමුදා සේවයට සම්බන්ධ වෙනවා.
    කුඩා කල සිටම වර්ණ භේදවාදයට විරුද්ධ මතයක සිටි කෙවින් එය ඉතා පහත් දෙයක්‌ ලෙසටයි සැලකුවේ.
    "කල්ලන්" හට කරන අසාධාරණකම් පිළිබඳව ඔහු සිටියේ දැඩි කලකිරීමකින්.
    වරක්‌ හමුදා නිලධාරීන් ආහාර ගන්නා ශාලාවේදී (mess hall) කළු ජාතික භෝජනාගාර සේවකයෙක්‌ (Waiter) හට නින්දා කරන අයුරු ඔහු දුටුවා. මෙයට විරුද්ධව කෙවින් නැගී සිටියා.
    එහි ප්‍රතිඵලය වුණේ ඔහුගේ සහෝදර නිලධාරින්ගෙන් හොඳ හැටි ගුටි බැට සංග්‍රහයක්‌ ලැබීමයි.
    මේ සිදුවීමත් සමගම ඔහු මානසිකව තදබල පීඩනයකට ලක්‌ වුණා.
    එම මානසික පීඩනයෙන් කෙවින් දිවිනසා ගැනීමටද උත්සාහ කළා.
    මේ සිදුවීම් නිසා හමුදාව සේවයට සමුදෙන කෙවින් ගුවන් විදුලි නිවේදකයෙක්‌ (Radio D.J.) ලෙස කටයුතු කරනවා.
    එවිට ඔහු භාවිත කළේ ඩේවිඩ් (David) යන නමයි. මේ අතර කාලයේදී ප්‍රිටෝරියා (Pretoria) හි චර්ච් ස්‌ට්‍රීට්‌ (Church Street) බෝම්බ පිපිරීම ඔහු සියෑසින්ම දකිනවා. ඒ 1983 දී.
    මෙයත් සමගම තමයි කෙවින්හට ඡායාරූප ශිල්පියෙක්‌ වන්නට සිතෙන්නේ. ඔහු මුලින්ම ක්‍රීඩා ඡායාරූපකරණයේ යෙදෙනවා.
    ඉන්පසුව තමයි කෙවින් පුවත්පත් ඡායාරූප ගැනීමේ නිරතවන්නේ.
    .....

    මොහුගේ මුල්ම කතා බහට ලක්‌වන ඡායාරූපය වන්නේ කළු ජාතිකයකුගේ බෙල්ලට ටයරයක්‌ දමා ගිනි තබන දර්ශනයක්‌ මේ ක්‍රමය 'Necklacing' යනුවෙන් හඳුන්වනවා. මෙය ඉතා අමානුෂික දණ්‌ඩනයක්‌. කෙවින් මේ පින්තුරය ගන්නේ 1980 මැද භාගයේදී.


    478e3aab3496d.jpg


    (1980දි කෙවින් කාටර් ලබාගත් ඡා‍යාරූප‍ය.)

    මෙහිදී ඝාතනයට ලක්‌වන පුද්ගලයා මාකි ස්‌කෝසනා (Maki Skosana)
    ඔහුට දඬුවම ලබාදීමට හේතුව වුණේ පොලිස්‌ නිලධාරියෙක්‌ සමග හිතවත්කමක්‌ තිබීමයි.
    මේ ඡායාරූපය පිළිබඳව පසු කලකදී කෙවින් අදහස්‌ දැක්‌වූයේ මෙසේයි.

    "මම භිරන්ත වුණා. ඔවුන් කරන දේ දැකලා. ඒ වගේම මං භිරාන්ත වුණා. මං කරපු දේ ගැන හිතලා.
    නමුත් මේ පින්තූරය ගැන මිනිසුන් කතාබහ කරන්නට පටන් ගත්තා.
    පසුව මට දැනුණා මං කළේ වැරැදි දෙයක්‌ කියලා. මේ වගේ අමානුෂික දෙයක්‌ ඇසින් දුටුවෙක්‌ වන්නට වීම ඇත්තටම වැරැදි දෙයක්‌".



    මේ කතා බහේ කෙවින් ගැන කතා කරන්න ප්‍රධානතම හේතුවක්‌ තියෙනවා.
    ඒ තමයි ඔහු තම කැමරාවේ සටහන් කර ගත් අතිසංවේදී පින්තූරයක්‌. 1993 මාර්තු මාසයේදී තමයි ඔහු මේ පින්තූරය ගනු ලබන්නේ. ඒ සුඩාන (Sudan) සංචාරයකදී.
    මේ පින්තූරයෙන් පෙනෙන්නේ මන්දපෝෂණයෙන් මරණාසන්නව සිටින දරුවෙක්‌ සහ ඒ දෙස ගොදුරක්‌ දුටුවා සේ බලා සිටින ගිජු ලිහිණියෙක්‌.
    මෙහිදී කෙවින් පින්තූරයට ගන්නට උත්සාහ කළේ කුසගිනි දැරිය කෑම ලබාදීමේ ස්‌ථානයට ළඟා වන්නට දරන ප්‍රයත්නයයි.
    නමුත් එකවරම එම තැනට ගිජු ලිහිණියෙක්‌ ද ළඟා වෙනවා.


    2007111100_obvious.pt_wanting_a_meal.jpg


    කෙවින් මේ ගැන පසු කාලයේදී ප්‍රකාශ කළේ විනාඩි 20 ක්‌ ගිජු ලිහිණියා තටු විහිදන තෙක්‌ බලා සිටි බවයි.
    නමුත් අවසානයේදී කෙවින් පින්තූරය ගෙන ගිජුලිහිණියා ද එළවා දමනවා.
    ඔහු තම කාර්ය කළා. ඔහුගේ රැකියාව පින්තූරය ගැනීමයි.
    නමුත් මේ අසරණ සිඟිත්තියට උදව් නොකිරීම ගැන ඔහුට පසුව දරුණු විවේචන, චෝදනා එල්ල වුණා.

    මේ පින්තූරය ඔහු "නිව්යෝර්ක්‌ ටයිම්ස්‌" (New York Times) පුවත්පතට අලවි කළා.
    එය මුලින්ම පළ වන්නේ 1993 මාර්තු 26 වැනිදා. ඉන්පසුව බොහෝ පුවත්පත්වල මෙය පළ වෙනවාලෝකයේ කතාබහට ලක්‌වන, අතිසංවේදී පින්තූරයක්‌ බවටබොහෝ පිරිස්‌ ප්‍රකාශ කරනවා.
    සිය ගණන් ජනයා "ටයිම්ස්‌" පුවත්පතට කතා කර සිඟිත්තියට කුමක්‌ වුණා ද යන්න ගැන විමසන්නට වුණා.


    නමුත් ඔවුන් කියා සිටියේ එය නොදන්නා බවටත්, සමහරවිට ඇය ආහාර ලබා දීමේ ස්‌ථානයට ළඟා වන්නට ඇති බවත්ය.
    1994 මේ පින්තූරය පුලිට්‌සර් සම්මානයෙන් (pulitzar Prize) පිදුම් ලැබුවා.
    මේ පින්තූරය පිළිබඳව "ජොආඕ සිල්වා" (Joao Silva) නම් ඡායාරූප ශිල්පියෙක්‌ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කළා. මේ සුඩාන සංචාරයට කෙවින් සමඟ ඔහුද එක්‌වුණා.
    "කෙවින් තරමක්‌ තැතිගෙන සිටියේ, මක්‌ නිසාද සාගතයක්‌ ඔහු දුටුවේ ප්‍රථම වතාවට. "
    මේ සිඟිත්තාගේ පින්තූර කෙවින් වගේම සිල්වාත් තම කැමරාවේ සටහන් කර ගත්තා. නමුත් ඒවා ප්‍රසිද්ධ කළේ නෑ.
    මෙහිදී සිදුවන්නේ, එක්‌සත් ජාතීන්ගේ ගුවන් යානා පැමිණ ආහාර ද්‍රව්‍ය බෙදා දෙනවා. එවිට කූඩාරම්වල සිටින ගැහැනු ආහාර ගැනීමට ගුවන් යානය වෙත දිව යනවා.
    එවිට මේ දැරියගේ මවද එම ස්‌ථානයට ගොස්‌ තිබෙන්නේ. එනම් දැරිය දමා ගොස්‌ නොව, මේ ආකාරයෙන් ඉන්නේ සුළු මොහොතකටයි.
    මේ අවස්‌ථාව තමයි කෙවින් පින්තූරයට ගන්නේ. නමුත් මේ ස්‌ථානයට ගිජුලිහිණියෙක්‌ පහත් වෙනවා. කෙවින් ඉතා පරෙස්‌සමෙන් මේ දෙදෙනාම හසුවන සේ පින්තූර ගන්නවා.
    ඉන්පසුව තමයි ඔහු මේ ගිජුලිහිණියා එලවා දමන්නේ.
    එසේම ආසන්න වශයෙන් මීටර් 20 ක පමණ දුරකින් මේ ගිජුලිහිණියා සිටින බවට එම ස්‌ථානයේ පින්තූර ගනිමින් සිටි ස්‌පාඤ්ඤ (Spanish) ජාතික ඡායාරූප ශිල්පීන් දෙදෙනෙක්‌ද පසුව ප්‍රකාශ කර තිබුණා.

    කෙසේ වෙතත් 1994 ජුලි 27 වැනිදා කෙවින් විෂ ශරීරගත කරගෙන සියදිවි නසා ගත්තා.
    "මම අධෛර්යයට පත්වෙලා ඉන්නේ, දුරකථනය නොමැතිව, කුලී ගෙවන්න සල්ලි නැතුව, දරුවන්ට උදව් කරන්න මුදල් නැතුව, ණය ගෙවන්න සල්ලි නැතුව... සල්ලි... මම හොල්මන් වෙනවා සමහර මතකයන් එක්‌ක. මිනීමැරුම්... කවන්ධ, ක්‍රෝධය, වේදනාව, පුංචි දරුවන්ගේ කුසගින්න, තුවක්‌කුවේ කොකා ගස්‌සලා සතුටුවන පිස්‌සො, බොහෝවිට පොලිසිය, වධකයෝ... මම යනව එකතුවෙන්න "කෙන්" සමග සමහර වෙලාවට මං වාසනාවන්ත ඇති."

    කෙන් යනු ඔහුගේ හිතවත් ඡායාරූප ශිල්පියෙකි. ඔහුද වයස 31 දී මිය ගියේය.

    මේ සිදුවීම් පාදක කොට ගෙන පසුකලක එනම් 2010 දී ''The Bang Bang Club'' යනුවෙන් සිනමා නිර්මාණයක්‌ද බිහිවිය.




    දිව‍යින පුවත්පතෙන් උපුටාගනු ලැබූවකි.(ඡා‍යාරූප අන්තර්ජාල‍යෙන්.)

    Repost නම් sorry......
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ මන්ද බං.. මම නම් අහල තියෙන්නෙ ඕක ඔය pic එක capture කලාට පස්සේ ගිජුලිහිණිය ඔය ලමයව උස්සන් ගියා වගේ සිද්දියක්.. ඕකට සම්මානෙ හම්බෙලත් ඔය සිද්දිය දරාගන්න බැරුව දිවි නැහ ගත්ත වගේ සීන් එකක් තමා මතක කොහොමද දන්නෙ නෑ හරියට..:D

    nice post
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මන්ද බං.. මම නම් අහල තියෙන්නෙ ඕක ඔය pic එක capture කලාට පස්සේ ගිජුලිහිණිය ඔය ලමයව උස්සන් ගියා වගේ සිද්දියක්.. ඕකට සම්මානෙ හම්බෙලත් ඔය සිද්දිය දරාගන්න බැරුව දිවි නැහ ගත්ත වගේ සීන් එකක් තමා මතක කොහොමද දන්නෙ නෑ හරියට..:D

    nice post

    දිවි නැහ ගත්ත :yes:අනික නම් ටොම් පචයක්...මොකද මොකක් වුනාද කියලා ඌවත් දැකලා නැහැ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්ද බං.. මම නම් අහල තියෙන්නෙ ඕක ඔය pic එක capture කලාට පස්සේ ගිජුලිහිණිය ඔය ලමයව උස්සන් ගියා වගේ සිද්දියක්.. ඕකට සම්මානෙ හම්බෙලත් ඔය සිද්දිය දරාගන්න බැරුව දිවි නැහ ගත්ත වගේ සීන් එකක් තමා මතක කොහොමද දන්නෙ නෑ හරියට..:D

    nice post
    ඔහොම කතාවක් මමත් කලින් අහලා තිබුනා මචන්..... ඒත් ඊට වැඩි‍ය මේ කතාව වෙන්න පුලුවන් කි‍යලා හිතෙනවා....:rolleyes::rolleyes::rolleyes:
    දිවි නැහ ගත්ත :yes:අනික නම් ටොම් පචයක්...මොකද මොකක් වුනාද කියලා ඌවත් දැකලා නැහැ :dull:
    :dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    the-bang-bang-club.jpeg




    මම මේ ෆිල්ම් එක බලලා තියනවා ,,,,
    ඒත් මෙය පිටුපස මෙතරම් අනුවේදනීය කතාවක් ඇති කියලා සිතුනේ නැහැ ...
    බොහෝම ස්තුතියි සහෝ ...........

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්ද බං.. මම නම් අහල තියෙන්නෙ ඕක ඔය pic එක capture කලාට පස්සේ ගිජුලිහිණිය ඔය ලමයව උස්සන් ගියා වගේ සිද්දියක්.. ඕකට සම්මානෙ හම්බෙලත් ඔය සිද්දිය දරාගන්න බැරුව දිවි නැහ ගත්ත වගේ සීන් එකක් තමා මතක කොහොමද දන්නෙ නෑ හරියට..:D

    nice post
    :oo::oo::oo:
    අනේ මන්දා ,,,,
    තොපි වගේ කතා හදන එවුන් ......
    උබ ඔය මුදෘකාංග හොරකම පැත්තකට දමලා.
    gossip9 එකේ වැඩට පලයන්.
    ආයේ ඉතින් ගොඩම තමයි ..............
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    matath foto eka dakkama hithune podi ekata monawa wenna athda kiyala
    මේ පින්තූර‍ය දකින ගොඩක් අ‍යට හිතෙන්නේ ඒක තම‍යි.....
    මම මේ ෆිල්ම් එක බලලා තියනවා ,,,,
    ඒත් මෙය පිටුපස මෙතරම් අනුවේදනීය කතාවක් ඇති කියලා සිතුනේ නැහැ ...
    බොහෝම ස්තුතියි සහෝ ...........

    Comment එකට ස්තුතියි නුවන් අ‍යි‍යේ......


    (Rep දුන්න කට්ටි‍ය හැමෝටම reply rep දුන්නා.)
     

    Similar threads