හන්තානට පායන සඳේ ඇතුළු කථාව

obama99

Banned
Sep 30, 2014
93
13
0
හන්තානට පායන සඳේ ඇතුළු කථාව




අද නම් තරමක් වෙනස් විදියේ දෙයක් ගැන කතා කරන්නයි මම ලෑස්ති. අපි හැමෝම විනෝදාංශයක් විදියට, එහෙමත් නැත්තම් සමහරු කාලේ ගෙවාගන්න කරන දෙයක් තමයි සින්දු අහන එක. සමහරු කැමති වේග රිද්ම, බයිලා, තවත් සමහරු කැමති ශාස්ත්‍රීය ඒවාට, තවත් සමහරු කැමති හින්දි, ඉංග්‍රීසී සින්දු වලට, සමහරු විරහ ගීත වලට. ඔය කොයි විදියට බැලුවත් අඩු වැඩි වශයෙන් ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම එක එක විදියේ සින්දු අහන්න ආසයිනේ. ගොඩක් දෙනා අහලා ඇති නේද අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන හන්තානට පායන සඳ සින්දුව. ඒක ගොඩක් දෙනා අතර ජනප්‍රිය සින්දුවක් වගේම අනිත් සින්දු වලට සාපේක්ෂව ටිකක් විතර කෙටි සින්දුවක්. ඒ කොහොම උනත් අද මට හිතුනා මේ සින්දුව ගැන සටහනක් ලියන්න. මේ සින්දුවට පසුබිම් වුන කථාව නම් සමහරු නම් දන්නවත් ඇති. පහලින් තියෙන්නේ ඒ සින්දුවයි පද රචනයයි.


හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
…මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න//

අඳුරු ලලා වහිනා විට සරසවි බිම තෙමෙන්න//
කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න

ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න//
…මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
මා නොදකින පුරහඳ ඔබට හැකිය බලන්න//
… …
ටිකක් විතර නිදහසේ පදවැල් ටික කියවන්නකෝ, මොනවගේ හැඟීමක් ද එන්නේ කියලා බලන්න. ම්ම්ම්.... විරහව නේද දැනෙන්නේ. ඔයාලා හරි. මේ සින්දුවට පසුබිම් වුන කථාවත් ටිකක් දුක හිතෙන එකක්.

මේක රත්නපුර පැත්තේ වුන සිදුවීමක්. තරුණයෙක් සහ තරුණියක් අතරේ ආදරයක් ඇතිවෙනවා, හැබැයි ඔවුන් දෙදෙනා තවමත් පාසල් යනවා. ඔය විදියට කාලයත් එක්ක ඒ දෙන්නාගේ ආදරය ගලාගෙන යද්දි පාසල් කාලයෙත් අවසානය ටික ටික ළං වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගය ළං වෙනවා. සාමාන්‍ය විදියට දෙන්න ම විභාගය අවසන් කරලා , ඊට පස්සෙත් බොහොම ආදරණීය විදිය මේ දෙන්නා මාස කිහිපයක් ඉද්දී තමයි විරහව කියන දේ තරුණයා ට දැනෙන සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් තරුණිය පේරාදෙණිය සරසවියට තේරිලා. ඒ වුනත් තරුණයාට ඒ කියන්නේ පෙම්වතා ට සරසවි පිවිසුම අහිමි වෙලා.

පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක් කියලා. මේ වෙලාවෙදි තමයි පෙම්වතා ට විරහා වේදනාව දැනෙන්නේ. ඔහුට දැනෙනවා සරසවියට ඈ ගියා ම ඔහුට ඇය ව නැතිවෙයි කියලා. සාමාන්‍යයෙන් ලස්සන තරුණියක් තනියම සරසවියට ගියා ට ඇය එළියට එන්නේ තනියම නෙවෙයි කියලා සමාජයේ තියෙන කතාව පෙම්වතා ට මතක්වෙනවා. ඒ හින්දා ම ඔහු කියනවා "මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න" කියලා. සරසවියක් කියන්නේ එක එක විදියේ අය ගැවසෙන තැනක්. ඒ විශාල පිරිස මැද්දේ ඈ තනිවෙයි කියලා පෙම්වතා ට පුංචි බයකුත් දැනෙනවා. ඇගේ ආරක්ෂාව ගැන ඔහු ගමේ ඉඳන් ලත වෙනවා මේ විදියට "කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න". ඒ හින්දා ම පෙම්වතා ටිකක් විතර දරුණු තීරණයක් ගන්නවා. "ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න". ලතා මඬුළු ළඟ ඉඳන් අත වනන ප්‍රේමවන්තයන්ගෙන් කෙනෙකුට ඈ කැමති නම් ඔහු ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කරනවා මේ විදියට "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න". පේරාදෙණිය සරසවියයි මහවැලි ගඟයි කියන්නේ එකිනෙකට බද්ධ වුන වස්තූන් දෙකක්නේ . ඒ නිසා ම පෙම්වතියට කැමති නම් ඔහු නම් ගැන මතකය, ආදරය හැමදේම මහවැලි ගඟට සදහට ම දාන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. …

පද රචකයා ගොඩක් අපූරුවට පෙම්වතාගේ විරහව අකුරු වලට ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ම ඇත්තට ම ඒ දෙන්නා අතරේ නියම ආදරයක් තියෙනවා නම් ඒ දෙන්නට වෙන් වෙන්න වෙන එකකුත් නැති වේවි කියලා මට හිතෙනවා, ඒත් ඔය වගේ අවස්ථා වලදී සම්බන්ධය නොබිඳී තියෙනවා මම දැකලා තියෙන්නේ නම් ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ කෙල්ල කැම්පස් ඇවිත් කොල්ලා එලියේ ඉන්නවා නම්. ඒත් කොල්ලා කැම්පස් ඇවිත් කෙල්ල එළියේ ඉන්නවා නම් කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය ස්ථාවරයි. ඒ අතරේ කැම්පස් එකේ ඉද්දි තනියට කියලා තවත් කෙල්ලෙක් එක්ක සෙට් වෙන කොල්ලොත් නැතුවා ම නෙවෙයි. අර මුලින් කිව්ව විදියට වෙන්න හේතුව අනාගතයේ ඒ දෙන්නගේ සමාජ ස්ථර අතර ඇතිවෙයි කියලා හිතන ඝට්ටනය වෙන්නෝන මම හිතන්නේ. එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද?

ඒ කොහොම වුනත් මොන අවස්ථාවකදි වුනත් කොල්ලෝ මේ තරම් පරිත්‍යාගශීලී විය යුතු ද? මගේ මතය නම් ඔව් කියන එක. තමන්ට වඩා හොඳ කොල්ලෙක්, තමන්ගේ කෙල්ලට ලැබෙන්න යනවා නම් ඒකට තියෙන බාධාව තමන් නම් අනිවාර්යෙන් ම ඇත්තට ම කෙල්ලට ආදරේ කොල්ලෙක් කරන්නෝන කෙල්ල ගෙන් අයින් වෙන එක කියලා මම හිතනවා. කොහොමත් මේ ගැන එක එක්කෙනාගේ එක එක විදියේ අදහස් තියෙන්න පුළුවන්. කොහොම වුනත් යාළුවනේ මේ ගැන සංවාදයට විවෘතයි. ඒ නිසා ඔයාලාගේ අදහසුත් එකතු කරන්නකෝ මේ ගැන. මේ ගීතයේ පද රචකයා සහ තනු නිර්මාපකයා ගැන නම් හොයාගන්න බැරිවුනා. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් සටහනක් තියන්න. මොකද සින්දුවක් කියන්නේ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා කියන තුන්දෙනාගෙම සාමූහික උත්සහයක ප්‍රතිඵලයක් නිසා...

 
Last edited:
  • Like
Reactions: maxboysl

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මම ආසම කරන සින්දුවක්. මේකට පසුබිම් වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීමක්ද? හරිම සංවේදී සිදුවීමක්. සින්දුව අහල තිබුනට පසුබිම් කතාව අහල තිබුනේ නැහැ. ආදරය කියන්නේ පරිත්‍යාගයක් තමයි. ආදරය කියන්නේ අපි ආදරය කරන කෙනාව අපේ ජීවිතයට බලෙන් බැදලා තබා ගැනීමක් නෙමෙයි. අපිට පුළුවන් ආදරය කරන්ඩ විතරයි. ඒ ආදරයට පෙරලා ආදරය කිරීම ඇය සතු දෙයක්. සම්බන්දයක් පවතින්නේ ආදරයට පෙරලා ආපසු ආදරය ලැබෙන තෙක් පමණයි. ඇයට ජීවිතයෙන් යන්ඩ අවශ්‍යනම් ඒකට ඉඩ දෙන්ඩ ඕන. ඒක හුගක් අමාරු දෙයක්. එතැනදී තමයි විරහව ඇති වෙන්නේ. විරහව මොන තරම් වේදනාවක් උනත් සැබෑ ප්‍රේමය තුල විරහව කියන්නේ වේදනාව මුසු සුන්දර හැගීමක්.

    එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද?

    මේකටනම් මට එකග වෙන්ඩ බැහැ. වෙන්වීමකින් පස්සේ යාළුකමක් තියා ගන්ඩ බැහැ. ප්‍රේමය තුල පෙම්වතියකටසේ අමතල, පස්සේ යාලුවෙකුට වගේ අමතන්නේ කොහොමද? ඒක වෙන්වීමක්ම පමණයි. මමනම් කැමති ඒක නමක් නැති සම්බන්දයක් වෙනවට.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata



    මේකටනම් මට එකග වෙන්ඩ බැහැ. වෙන්වීමකින් පස්සේ යාළුකමක් තියා ගන්ඩ බැහැ. ප්‍රේමය තුල පෙම්වතියකටසේ අමතල, පස්සේ යාලුවෙකුට වගේ අමතන්නේ කොහොමද? ඒක වෙන්වීමක්ම පමණයි. මමනම් කැමති ඒක නමක් නැති සම්බන්දයක් වෙනවට.

    ow machan .. atta , wen unaa passe yaluwek wage aye ashraya karanna baha ..... kochchara haduwath dennagen ek kenekta ehema inna ba