හන්තානට පායන සඳ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හන්තානට පායන සඳ

    01.jpg



    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු
    ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු
    ගානක ඉදන් love කරනවා.දෙන්නම
    කලේ කලා විශයන්.සිoහල tuition clz යන්න
    ඔන නිසා දෙන්නම ගියා නුවර clz
    එකකට.කොල්ලා බොක්කෙම්ම love
    කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz
    ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.

    දවසක්
    සිoහල සර් දෑක්කා interval එක
    වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල
    කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන්
    ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන්
    වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන්
    උපරිමෙන්ම ලිව්වා.
    result එන දවසත් ලo උනා.කෙල්ලට
    A3.කොල්ලගෙ result ටිකක් අවුල්.

    අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල
    සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත්
    සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක්
    උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල
    කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට
    වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු
    ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස්
    උනා.

    ”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල
    කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම
    උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට
    පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය
    සර්.මට යන්න බෑරි
    උනා.එයාගෙ ලොකේ ගොඩක්
    වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන්
    පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව
    සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත්
    එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති
    කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන්
    එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

    මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට
    වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර්
    මේ විදියට ලියන්න පටන් ගත්තා.
    _______________

    හන්තානට පායන හද
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද
    ඔබට හෑකිය දකින්න”.

    ඇදුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යනකල
    එපා තනිය දෑනෙන්න

    ලතා මඩලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගෑන මතකය ගුලි කර
    මහවෑලියට දමන්න



    කියවලා විඳගන්න
    සුන්දර අත්දැකීමක්
    ෆේස්බුක් එකේන් උපුටා ගන්නා ලදී. නම්ගම් සඳහන් කර තිබුනේ නැත. සියළු ප්‍රශංසාවන් මෙය කට්ට කාගෙන ලියු ලිපියේ පරම අයිතිකරුට යායුතු බව කරුනාවෙන් සලකන්න

    මට රෙප් එකක් දුන්නා කියලා මයේ කිසිම තරහක් නෑ ඕං
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක දෙතුන් වතාවක්ම කිරියේ දාල තිබුනා බන්..
    දැකපු නැති උන්ටත් එක්ක බම්ප්