හන්තානේ අතරමං වූ සරසවි සිසුහු සොයා ගැනෙති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හන්තාන තරණයට ගොස් අ.මං වූ රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180 දෙනා පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව පැය හයකට අධික කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සොයාගැනීමට හෑකිවූ බව මහනුවර පොලීසිය කියයි.
    වෛද්‍ය පීඨ සිසුවියන් 120 දෙනෙකු හා සිසුන් 60 දෙනෙකු මෙම කඳු තරණය සඳහා සහභාගී වී ඇති අතර ඔවුන් සිට ඇත්තේ මහනුවර පොලිස් වසමේ හන්තාන හතරේ කණුව ප්‍රදේශයෙනි.

    සොයා ගත් සිසු සිසුවියන්ට ඇතිවී තිබූ ආසාත්මිකතාවන්ට ප්‍රථමාධාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමට කඳු පාමුලට පැමිණ සිටි වෛද්‍ය කණ්ඩායම් සමඟ පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම හා වන සත්ව ගවේෂක අනිල් විජේතුංග යන පරිසරවේදීන්ද යුහුසුලුව ක්‍රියා කරණු දක්නට ලැබුණි.

    මේ අතර සිසු සිසුවියන් කීපදෙනෙකු වැඩිදුර ප්‍රථිකාර ලබාදීම සඳහා එහි පැමිණ තිබූ ගිලන් රථ මඟින් වහා රෝහල් ගත කිරීමටද පියවර ගැණුනි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    තමන් බේරා ගැනීම පිළිබඳ සරසවි සිසුන් ඔවුන්ගේ දෙමාපියන් හා සියලු හිත මිත්‍රයින් අති උතුම් ජනාධිපති තුමටත්, සාගල මැතිදුන්ට ත්, අගමැති, විපක්ෂ නායක, වෙන්න ජනපති ඇතුළු සියලු මැති ඇමති වරුන් හා ආරංචිය ඇසු සැනින් ක්‍රියාත්මක වි පවනට බඳු වේගයෙන් මහා ගන කැලය පීරමින්, ගංගා ඇළ දොළ දිය කඩිති තරණය කරමින්, අපා දෙපා සිවූපා උන් සමග කරට කර සටන් කරමින් අප වෙත සපැමිණි ඒ උදාර වීරෝදාර සටන් කාමි යුද, නාවික, ගුවන් අපේම සහෝදරයන් හා පොලිස් උතුමාණන් ලා හටත් ඔවුන් මෙහෙයවූ අති දක්ෂ නිර්භීත පොලිස් පතිතුමත්, නාවික, යුද, ගුවන් හමුදා පති වරුන් හට හද පතුලේ න් ම නැගෙන ස්තුතිය පුද කර සිටි. ඔබ සියලු දෙනාට ම මහත් පින්.

    කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ගිය තවත් කේදනිය ආරම්භයක් සනිටුහන් කරමින් දිවයිනේ අති දක්ෂ විශිද්ට සිරුරු 180 පොළොවට පස් කෙරීමට නොහරු ඒ අභීත කාර්ය සූර්ය ඔබට බොහෝ පිං. තව එකදු තප්පරයක් හෝ ප්‍රමාද වූවා නම් ඉතිහාසේ මහා කේදාවචකයක් වීමට ගිය ඒ කතන්දරය වැලකු ඔබ සැබෑ ම වීරයන්.


    සෘජු හා වක්‍ර ව හෝ TAX ගෙවූ ඔබ සැමටත් පින්.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අතරමං වෙලා? 180 ක්?

    Owl Reaction GIF by Honda
     
    • Haha
    Reactions: Honda.putha

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    180 ඉඳලත් අතරමං වෙන්නේ කොහොමද බොල? මුන් නම් මිනිස්සු වෙන්න බෑ.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    මෝඩ පොන්නයො ටිකක් යන්න ඇත්තෙ. නැත්තන් ඔහොම අතරමන් වෙනවද. :lol: