හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 

    මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
    සාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට
    විකුණා තිබෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ.
    ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි.
    ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි.

    එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සියලු දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත.
    අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි.
    එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිබෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිබෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත.
    119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලු කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ.

    පුවත්පත් දැන්වීම් ඔස්සේ සිසුදරු දැරියන් බඳවාගැනීම සිදු කළ මෙම ආයතනය මාස 6 ක නේවාසික පුහුණුව සඳහා එක් දැරියකගෙන් රුපියල් 140000 ක මුදලක් අය කර තිබුණි.
    පැන ආ 12 දෙනාට අමතරව තවත් 5 දෙනෙකුද කඳවුරේ සිරව සිටි බවට තොරතුරු ලැබුණ නිසා ඔවුන් බේරාගන්නටද පොලිසිය කටයුතු කර තිබුණි.
    මෙම ආයතනයේ දැරියන් අපයෝජනයට ලක්කිරීම මුදලට සිදුකර තිබෙන බවද කරුණු අනාවරණය වෙමින් පවතී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


    source : gossiplanka
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    english course ekak thibuna kiyala nam ahala thynva oya vage pita loketh ekka thyna connection nathi karala. me ein ekakda? munva thyanna vatinne na ban
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුන්ට පිස්සුද මේවගේ නේවාසික පුහුණු කදවුරු වලට යන්න O/L පාස් වෙන්නත්
    එකත් නිකන් නෙමේ ලක්ෂ ගණන් ගෙවලා
    මුන්ගේ මහා උන්ටත් පිස්සු
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    දෙමවුපියන්ට පිස්සු ඔහොම පොඩි කෙල්ලන්ව යවන්න :angry:
    ඕක කරපු එවුන්ව නම් තියන්න හොද නෑ අසරණ ජිවිත :(
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    okata kadawuru wlata yawanda kalin demawpiyanta hoyala balanna thibuna...ai yako oya kale ape iskole porak class 5kata giya...1.thabla class2.gitar clas 3.gatabera 4.sarpina .5thalampatatath giyada koheda ...oonna