හනිමුං යන්ඩ පණ මදිය මට බැරිය
හවස වැඩ ගොඩය. ණය නිසා හිත නිදහස් නැතිය... එක එකාට කෝල් කරලාම කටේ කෙල නැතිය. රෑ දොලහටත් වෙඩිම ඇති හෝටලයේ ය. අඩුපාඩුවක් උනාදැයි සිතමින් ඇදට එනවිට වෙලාව එකය. ඒත් නින්දක්නම් නැතිය..
ඇහ පියවුනා විතරය.පාන්දර 3ට අන්දන්නට යන්න ඕනෑයැයි අම්මාගේ හොරණෑවය.පැය දෙකක නින්දෙන් සැලුන් යන පිජාමයෙන් ඇවිදින ඊජිප්තු මමියක් තව හොඳය.
ආ වෙලේ පටන් රවුල හෙමින් කපනවාය. කරකවනවාය. කොන්ඩේ උගුල්ලනවාය. ජෙල් උලනවාය.ගෑනුන්ගේනේ යකෝ ඇහි බැමි ගලවන්නේ යැයි නිදිමත හින්දා කියන්නට කට ඇරෙන්නේ නැතිය. තොල් වේලිලාය. මූණේ ආවාට පොටි දමා වසා පහලොවේ වැලිකඩදාසියෙන් මැද්ද පසු යන්තං ඇතිය. ඒත් ඉවර නැතිය.
උඩරට අත්තෙක් මුත්තෙක් තියා කැරපොත්තෙක්වත් පවුල් දෙකේම නැතිය. නමුත් නිලමේ වෙන්නට බැරි නැතිය.
රෙද්දක් හතර පහකට නමා ඔතා කෙලින් ඉන්න කියා ඇද හුක් ගෑවෙන ගැටයක් දැම්මා ය. තව යාර 7-8 කකුල අස්සෙන් ඔතා කරකවා නවා හික් ගෑවෙන්නට තව ගැටයක් දැම්මාය. තව යාර 8-9 ගෙන නවා ඇග වටා ඔතා මමියක් කල පසු හුස්ම ගන්නටවත් බැරිය. ඉන් පසු අත් තඩි බොඩි ආමරයක් උඩට අන්දා ආච්චිගේ නාහෙවත් නොකැපෙන පිත්තල පිහියක් ඉනේ ගැසුවාය. කිලෝ පනස් හයේ මා දැන්නම් එකසිය විසි ගානට බරය. මෝල්ගස් 3-4 ගිල්ලා සේ නැමෙන්නටවත් ඉද ගන්නටවත් බැරිය. ඉස්මූර්තාව හැදුන තාරාවා සේ ගමන පහසුත් නැතිය.
මහන්සියට බොන වතුර උගුරත් බෙල්ලෙන් පල්ලට යන්නේම නැතිය.
කලුගලක බර තොප්පියක් ඔලුවට ඔබා එහි පිත්තල මල සෙට් වෙන තඹ ගුලිය හිස් මුදුනේ වදිද්දී හෙනම සැපය. ඇගිලි වලට ටයිල් ඇල්ලූ තඩි මුදුය. අත් දෙකට කිලෝ ගානක වළලුය. බෙල්ලට ඇට මාලය. ඉනට හවඩිය. ඇඟිලි බෑ බෑ කියා මිරිකන සපත්තුය. කණ්නාඩියකින් බැලූ පසු
"අම්මටහුඩු මේ මොකාද "
හිතුනේ නැතිනම් ඒ ඇතිය.
සින්දුවක් කීමට බාත් රූම් ගියත් ජුන්ඩා හොයන්නටවත් නැතිය. විනාඩි 10කින් එය අමාරුවෙන් හොයා ගත්තත් සිංදුව බිංදු දෙක තුනක් වෙන්නට යටි බඩ හිරවී කොර වී ඇතිය. තටබාගන්නටවත් පණ නැතිය. රටක් පාලනය කොරන්ඩ කලින් සුලු දියක් දාන්ඩ ඇහැකි ඇඳුම් හොයානොගත් , පයක් තියන්නට වේල් හතක් කා උපයාගත් නිවුටන් පන්දාහක ආයාසයක් දරන්නට සැලස්වූ නිලමේලාගේ මව් පියන්ට හරි පින් ය. බෙරිහන්දී විප්ලව කර මේකම අන්දන්න අරාදින උන්ට අමාමහ නිවන් ය.
ඉර පායන්නට කලින් කැමරා 4-5 උස්සං ඊට පස්සේ හෙනම කෝලං ය. කිලෝ 60ක මගේ එකී විච්චූරන හින්දා කිලෝ දෙසීයකි. උන්දෑ උස්සලාම කොන්දත් දැන් නැතිය. බෙලි හරවලාම උලුක් වී ඇති හැඩය. කැමරා අයියාට බුදුසරණ වෙන්න කියන දේ කරලා කරලාම තුන්කාලටම මැරිලාය. ඉන්පසු කැන්දන් විත් පෝරුව උඩ කෝලම් ය. පැයක් තිස්සේ ලෝකයේ ඇති සියලූම අෂ්ඨක කියා අවසන් කර තව පැය භාගයක් කටේ කෙල හිදෙනකල් බොරු කියා යන්තං ඒකත් ඉවරය.
හද්දා බඩගින්නේ කන්නට ගත්තත් බෙල්ලෙ ගිලෙන්නේ නැතිය. වෙනදා අල්ලට ගෑවෙන්න බත් අනා කන අද කන්නට දෙන්නෙත් නැතිය. කැමරා කාරයන්ට කීයක් හෝ දී ආපු තැනකට අකුලන් පල කියන්නට සිතෙන්නේ හැන්දකට කෑම ගෙන පින්තූරයක් වදින තෙක් ඒක දිගා බලාන ඉන්න කී විටය. ෆ්ලෑෂර් වැදිලාම ඇස් වල නිලංකාර අකුණු ගසනවාය. ඔලුව වටේ කිචි බිචි කුරුල්ලන් සරනවාය. ඒ අස්සේ ඒසී පිට ඒසී තිබ්බත් දෙලොව රත් වෙලාය. දාඩිය ගලා ගොස් ඇඳුම් තෙත් වෙලාය. වෙනදා ෆුල් හුස්මක් ගත්තත් අද හුස්ම කාලෙන් පණ ගැහෙන්න බඩ උලුප්පන්නේ හෙනටම තටබලාය. ඒ අස්සේ කපල් ඩාන්ස් ය. කෙලින් ඉන්නට බැරි අස්සේ අඩියක් උස්සන්නට බැරි අස්සේ ඩාන්ස් යනු කරුමයක් මාරකයක් හා කෙහෙම්මලකි. නෑදෑ හැත්ත බුරුත්තට වැදලාම කෙලින් ඉන්නට බැරිය. ජොයින්ට් වල පොට ගොස් ඇත. සුෂුම්නාව අක්මාව උන්ඩුක පුච්චය හිටං අඬනවාය. මහා බඩ වැල මිරිකිලාය. වෘෂණ කෝෂනම් ඉතිරි වී ඇති බව සැක සහිතය. ආනන්තරිය පාප කර්ම වල ආපාය එලය. මේ විඳින දුක් එක්කං ඒවා ලොවෙත් කැලේය.
දෙයියනේ කියලා යන නැකතට ආවත් අඬනවාය දොඬනවාය.මිරිකනවාය. බදා ඉඹිනවාය. කිලෝමීටරයක් දුර හෝටලයට යන නිසා මෙසේ වඳ විය යුතු නැති බව කීයන්න හිතුනත් පණ නැතිය. වඳෙන් පොරෙන් බේරී හොටෙල් කාමරයට යනවිට අපිට වෙරිය.වෙරිමතේ යාර 10-12 මායියාට කියා ගලවා හුස්මක් ගත්තේ මැරෙන්න හුස්ම අදිමින් ඉද්දීය. උදේ සිට හිර කරගෙන ආ ශරීර අවයව වතුරෙන් තෙමන විට ගැටගැසූ තැන්වල කියත් ඉරි වලට වතුර ගොස් හෙනම සැපය. ඉනවටා අගලක ගැඹුර ඇති කාණුය. උරහිස් සීරිලා රතු වෙලාය. පොල්කටු පන්සීයක් පිරෙන්නට මූත්රා කරත් ඉවර නැත. අවසානයේ කොමඩය උඩ නින්ද ගොස් සිටි අතර
"ඔයා එන්නේ නැද්ද"
යැයි අසන විට තිගැස්සී ඇහැරිණ. අනතුරුව ඇයද වස්ත්ර ආභරණ ශ්රමදානය ද මේකප් වොෂ් එකද බොඩි වොෂ් එකද අවසන් කලාය. දැන්නම් පාන්දරත් තුනය.
ලක්ස ගණනක් වියදම් කර වතුර වීදුරුවක් හෝ නිදහසේ බොන්නට බැරිය. මගුල මහ මගුලක් ය. හනිමුං නං අද බැරිය... මොළේ ඇති උන් කලින් හනිමුන් යන්නේ මේ හින්දා වෙන්නටත් බැරි නැතිය... ගලේ ගැහුවා සේ මම දැන් නිදිය...