හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.

    අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය....
    කොහොමෙන් හරි මඟුල් දවස ආවේය..

    පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත... ඇය ආවාය... ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය... තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ දුටුවිට මනමාලියම තුෂ්නිම්භූත විය.. "මේ මොකාද??" ආයෙමත් උලනවාය.... පාට පාට ගාන්නීය... ඇස් පාට කොරනකම් උඩ බලන්, එහෙ බලන් , මෙහෙ බලන් ඉඳ බෙල්ලද උලුක්කුය..

    තැල්ල තියන නැකතට මව් පැමිණ දෝණි සොයා ගත නොහැකිව අන්ද මන්දය.... හතර පහ වෙනකොට මූණ අලුත් කොර කොණ්ඩය දමා අවසන්ය.. මූණේ ⁣බර ග්‍රෑම් 920 කින් පමණ වැඩි වෙලාය.. කොණ්ඩය, කොණ්ඩ කටු, හෙයා(ර්) ස්ප්‍රෙ , හවරි, තැලි, ඉර හඳ සමඟ දැන් ග්‍රෑම් 1200 ක් පමණ වැඩි වෙලාය... උදේ හයහමාර පමණ වන විට කිලෝ එකහමාරක් දෙකක් පමණ බර සාරියද, තව කිලෝවක් පමණ බර ආභරණද පැළඳ අවසන්ය...
    බෙල්ලට දෙවියන්ගේ පිහිටය...

    එයින් ගැළවී හුස්මක් ගන්ඩත් කලියෙන් ෆොටෝ ග්‍රැෆ(ර්) තව දෙන්නෙක් සමඟ කඩා පාත් විය... "මෙයා මාර වෙලාවක්නෙ ගත්තෙ... අපට වෙලාවත් මදි වෙනවා... උන්ගේ දෝස් මුරේය"
    එහෙට හැරෙන්න, මෙහෙට හැරෙන්න, අංශක හැටට ඔළුව හරවන්න, එකසිය අසූවට කකුල් ඈත් කරන්න, තුන්සිය හැටට අත වනන්න, දිග අරින්න , නැවෙන්න, දුවන්න, පනින්න, ඊසානෙට ඔළුව දාලා කඳ උතුරට හරවන්න, මනමාළයාව කොනිත්තල දුවන්න, මන මාළයට පයින් ගහල දුවන්න, උඩ පැනල හූවක් තියල කැරකිල බල්ටියනක් ගහල එන්න... කෙළවරක් නැති නියෝගය....
    අඟල් හතර පහේ අඩි උස දාගත් කකුල් වලට බුදුසරණය.. කොන්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටය....

    පෝරුවේ චාරිත්තර දැන් ඉතින් ස්ටයිල් එකට නිසා පැය භාගෙන් බේරෙගන්නට හැකිවිය... හරියටම කොළා නම් පැයක් හමාරක් යනවාය... හද්දා පිපාසෙන් බොන්ඩ ගත්ත පෑණි බීම වීදුරු වල ලුණුය.. නොදකින්ය... ඒ රැග්ය.. හද්දා බඩගිනි වුවත් කන්නට බැරිය.. නියපොතු අලවාපු නිසා අතින් මෙලෝ හත්තිලව්වක් අල්ලන්නට නුහුරුය.. හැඳි ගෑරැප්පු නම් කරුමයක්ය... කන්නෙත් ජායාරූප සිල්පියාට ඕනෑ විදියටය... කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලන් සිටිය යුතුය... ඒ අස්සේ කපල් ඩාන්ස්ය... සෙකන්ඩ් වෙන්නත් බැරිය... උලව් නැටුම් නටන්නත් බැරිය..හත්මුතු පරම්පරා දෙකකටම වැඳලා වැඳලා ⁣වැඳලා කොන්දෙ පොට ගොහින්ය... දැන් කොන්ද නිකමුත් නැවෙනවාය... යන නැකත ආවත් මුන් යන්ඩ දෙන්නේම නැත, දෙපැත්තෙන් තරඟෙට පම්පෝරි කතන්දරය.. ඒ මදිවාට සෝ සුසුම් හඬා වැලපිලිය... අඩන්නත් පණ නැත.. ඇඬෙන්නේ ඇඟේ රුදාවටය..." නැකත කිට්ටූයි..."

    කාටදෝ පිංසිද්ධ වෙන්ඩ
    බොහොම අමාරුවෙන් පැන ගත්තෝය..
    කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවාය,ගලවනවාය ඉවරයක් නැතිය.. කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණනින්ය... මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක්ය... දැනටම හොඳ පණ ගොහින්ය.... කකුළ් ඉදිමිලාය....කොන්දක් අැතුවා නැතුවා සේය...බෙල්ලේ පොට ගොස්ය, නාන මල යටම නින්ද යන්නේ මහන්සියටය.... පොටෝ වලට මනමාළි උස්සලාම මනමාලයාගේ ෂොක්ඇබ්සෝබර් බැස ගොස්ය... ඒ මදිවාට හද්දා බඩගින්කය.. ලස්ස ගණන් වියදම් කොරත් හරියක⁣ට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය... දැන් මොන පළමු රැයද, පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය....


    :yes::yes::yes:

    - බුකියෙන් ඉස්සුවේ -
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    Okkoma katta kawath kamak na. Nayata magul kana eka nam mahama maha mooda kamak. Rep+
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලන් සිටිය යුතුය..
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට

    කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවාය,ගලවනවාය ඉවරයක් නැතිය.. කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණනින්ය... මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක්ය... දැනටම හොඳ පණ ගොහින්ය.... කකුළ් ඉදිමිලාය....කොන්දක් අැතුවා නැතුවා සේය...බෙල්ලේ පොට ගොස්ය, නාන මල යටම නින්ද යන්නේ මහන්සියටය.... පොටෝ වලට මනමාළි උස්සලාම මනමාලයාගේ ෂොක්ඇබ්සෝබර් බැස ගොස්ය... ඒ මදිවාට හද්දා බඩගින්කය.. ලස්ස ගණන් වියදම් කොරත් හරියක⁣ට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය... දැන් මොන පළමු රැයද, පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය....

    සහතික ඇත්ත බන් :lol: ඔය වැඩේ මටත් ඔහොමම උනා :D