හඳට ගිය ආශ්චර්යයමත් ලංකාවේ පළවෙනියා

ITapathaya

Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    හඳට ගිය ආශ්චර්යයමත් ලංකාවේ පළවෙනියා

    Tread eka Poddak awl giyaa machanla :( mee mage 2nd tread eka ... mama palleha mulu kathawama apahu dala thiyenawa .. poddak balanna ... Sooo sorry for da inconvenient again !! read below ...........
     
    Last edited:

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa

    Aiyooo balapan :no: mee mage 2nd tread eka ... mama mage yaluwekge Blog ekaka dakapu aathal kathaawak post karanna haduwe kattiyatama rasa widinna... koheda eeka hariyata post welaa naane :( :growl: shikkk ... wait I'll try it again ...
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    මේ කතාව මම හොයා ගත්තෙ " දිනුක " කියල මගෙ යාළුවෙක්ගේ බ්ලොග් එකකින්... මේක එයාම නිර්මාණය කරපු කතාවක් ... මේක කියවද්දිනම් මම බඩ අල්ලගෙන හිනා උනා... ඉතින් මම හිතුව මේ කතාව ඔයාල එක්ක බේදා ගන්න :lol:

    PART 01

    "අද මගේ ජීවිතයේ ආතල්ම දවසය.ආතල් කන් දෙකෙන් බේරෙන දවසය.අහල පහල උන්ගේ ඊර්ෂ්‍යාවට මා ඉළක්ක වන දිනයයි.මට පමණක් නොව ඕනෑම තැනක පම්පෝරි ගැසිය හැකි වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති ප්‍රෞඪ ජාතියක විශිෂ්ඨත්වයේ හිණි පෙත්තට නගින දිනය අදයි.මෙතරම් විදෙස් අත පෙවීම් දේශීය කුමන්ත්‍රණ හා පාවා දීම් මැද ජීවත් වන සකල ශ්‍රී ලාංකිකයන්ගේ සන්තුෂ්ටියේ අග්‍ර ඵලය බුක්ති විඳින්න ලැබෙන දිනය අදය.

    ප්‍රථම ශ්‍රී ලාංකිකයා රැගත් ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම අභ්‍යාවකාශ යානය මේ පුණ්‍ය භූමියෙන් වියුක්ත වන දිනය අදය.මහ රජතුමාගේ ප්‍රඥා මහිමය යටතේ සමුර්දියෙන් සෞභාග්‍යයෙන් වැජඹෙන මේ ධරණී තලයේ කළ යුතු සියල්ල අවසන් නිසා සිය සංවර්ධන වැඩ පිළිවෙල විශ්වීය කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ප්‍රථම ලාංකිකයා චන්ද්‍ර ගත කිරීමේ දැවැන්ත මෙහෙයුම මෙයයි.මහ රජතුමා සිය දෙවෙනි පදවි ප්‍රාප්තියේදී සිය යටත් වැසියන්ට දුන් ප්‍රතිඥාව කෙටි කලකින්ම මල් පල ගැන්වෙන දිනය අද ය.මේ ප්‍රථම ලාංකිකයා වීමේ භාග්‍යය ලැබුවේ, මේ ප්‍රීති කුසලානයෙන් පානය කිරීමේ වරම් ලැබුවේ මේ මම ය.

    අම්මා විසින් අපතයා ලෙස ද පෙම්වතිය විසින් නිකමා යනුවෙන්ද අමතනු ලැබූවත් මේ රටේ ජනතාවටත් මහ රජතුමාටත් මගේ අගය වැටහී ඇත.ඉන්දියාවට හෝ ඇමරිකාවට නියෝජිතයෙක් යවනවාට වඩා ඉතා බැරෑරුම් වගකීමකි මේ මට පැවරෙන්නේ.මේ වගකීම පැහැදිලි කොට මටම පවරා දීම සඳහා අප මහා රාජෝත්තමයාණන් වහන්සේ මගේ පුංචි කුටියටම එදා රාත්‍රියේ වැඩම කළ ආකාරය මගේ මතකයේ මියෙන තුරා පවතිනු ඇත.

    මහ රෑ දෙගොඩ හරි ජාමේ එක් වරම හමුදා භටයෝ පනහක් පමණ මගේ නිවසේ මගේ කුටියට කඩා වැදුනෝය.මම වහාම ඇඳෙන් පැන බිම තිබූ සරම ඇඟ ලා ගතිමි.එතෙක් ඉවත බලා සිටීමට හමුදා නිළදරුවෝ කාරුණික වූහ.

    "මොකද මේ මාව මොකක් හරි අපරාධෙකට පටලළා ද? නැත්තං චැනල් ෆෝ එකේ සාක්කි කාරයෙක් විදිහට මාවත් පෙන්නුව ද?මම ඉතිං රජතුමාට එක එක ඒව කිව්වට හොඳ රාජ පාක්ෂිකයෙක්"මම කබ කඩමින් පැවසුවෙමි."නෑ නෑ මිස්ට ජයකොඩි" කියමින් හමුදා නිළධාරියා කතාව පටන් ගත්තේය.
    "අම්මේ මෙන්න මූට හමුදාවෙ අය මිස්ට ජයකොඩි කියනවෝ.ඕකට මිස්ට ජයකොඩි කියනවනං මට ජයකොඩි උතුමාණෝ කියලවත් කියන්ඩ ඕනෙ."අපේ අයියා සාලේ සිට බෙරිහන් දුන්නේය.
    "උඹ කට වහපං.ඌ ඔය අපත වැඩ කළාට උඹට වඩා වැදගත් විදියට ඉන්නවා."අම්මා කොඳුරනු මට ඇසුනි.

    "මේකයි මිස්ට අපිට මිස්ටගෙ කාමරේ පරීක්ෂා කරන්ඩ ඕනෙ."හමුදා නිළදරුවා කීවේය.
    "ඒ අහවල එකකට ද?.මේකෙ මම ආයුද තියං ඉන්නව කියල හිතුව ද?.කුඩු ගංජා පාවිච්චියකුත් නෑ දැං.සල්ලි නැති නිසා.ඔය ඉතිං වැල ටිකක් නං...."මම හිස කසන්නට වීමි.
    "නෑ නෑ මිස්ට.මේකයි, තව ටිකකිං මහ රජතුමා මෙතනට සැපත් වෙනවා.මෙව්වා ඉතිං කළ යුතු පරීක්ෂා විතරයි.නැතුව අපිට මිස්ටව සැක නැහැ."
    "මළ කෙළියයි.උන්නාන්සෙට ඉඳගන්නවත් දෙන්නෙ මොකේ ද? අම්මා සීනිත් ඉවරයි කිව්වා.තේ ටිකක් වත් දෙන්න විදිහක් නැහැ."මම ඇඳ මත වාඩි උනෙමි.
    "මහ රජතුමා වැඩි වෙලා ඉන්නෙ නැහැ.වැදගත් දෙයක් කතා කරන්ඩ එනව කිව්වෙ.ඉක්මනට ආපහු යනවා."හමුදා නිළදරුවා මාව අස්වසන්න විය.
    "හරි ඕනෙ මගුලක් පරීක්ෂා කරන්ඩ.මගෙ කොම්පියුටර් එකේ ඔය සමාජ විරෝධී එව්ව මෙව්ව ටිකක් ඇති.ඒත් රාජ්‍ය විරෝධී ඒව නෑ." හමුදා නිළධාරියෝ පිළිවෙලට පරීක්ෂාව පටන් ගත් හ.මට ද සොයාගැනීමට අවශ්‍යව තිබූ මගේ යට ඇඳුම් කීපයක්, මගේ පැරණි පෙම්වතියගේ ඡායා රූපයක්, කැරපොත්තන් 8ක්, හූනන් 5ක්, මකුළුවන් 11ක් හා එක් පත්තෑයෙක් ඔවුන් සොයාගත් දේ අතර විය.
    මේසයේ පොත් අතර තිබී එක් බටයෙක් පුවත් පතක් ඇද ගත්තේය.
    "සර් ජේවීපී එකක්".හමුදා නිළධාරියාගේ ඇස් හීන් විය.
    "ආ ඕක මම මේ මේසෙ පිහදාන්නයි, සපත්තු මදින්නයි අරං ආවෙ.අම්ම ඕනෙ කරන එකක් කියල හිතල පොත් අස්සෙන් දාන්න ඇති."මම හති ලෑවෙමි.
    "කොහොමත් රජ්ජුරුවන් වහන්සෙට පේන්න තියන්න එපා.මිස්ටටත් නායක්ත්ව පුහුණුව දීල තමයි නවතින්නෙ." හමුදා නිළධාරියා මට රහසින් පැවසීය.
    "මම මේක ගෙනියනවා මූලස්ථානෙට."හඬ නඟා පැවසූ ඔහු මට අනිත් අයට හොරෙන් ඇහැක් ගැහුවේය.අනිත් අයද එකිනෙකාට හොරෙන් මා දෙස අනුකම්පාවෙන් බැලුවෝය.මම හිත යටින් සැනසුම් සුසුම් හෙලුවෙමි........
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    ටික වේලාවකින් 'ගුඩු ගුඩු' ගාමින් මුළු පළාතම වියරු සුළඟින් ආලෝලනය කරමින් හෙලිකොප්ටරයක් අපේ මිදුලට සැපත් විය.අපේ නිවසේ වහලයේ උළු ටකරං පොල් අතු සියල්ල එහෙට සහ මෙහෙට විය.උනු සංගෙදිය හරියටම බලාගත හැකිවන්නේ ආයේ වහින කාලය ආවාමය.මිදුලේ පොල් ගස් තුනේම ඇට්ටි මෙන්ම කලටිද ඔක්කොම එක ගොඩේ බිම වැටිලාය.අම්මා හූල්ලමිං කම්මුලේ අත තබා ගත්තාය.

    හෙලිකොප්ටරයේ තටු නවතින්නත් පෙර කොල්ලෙක් මෙන් ඔහු බිමට පැන්නේය.අපි කාගෙත් තාත්තා, ඉංදියාවේ නංගීගේ භාර කාරයා වන අපේ මහ රජතුමාගේ ශ්‍රී පාදස්පර්ශය ලැබීමට මා කුඩා කල දවල්ට වැලි බත් ඉවූ, රෑට චූ දැමූ අපේ මිදුලද වාසනාවන්ත විය.හෙලිකොප්ටරයේ හුළං සැරට සාටකය උඩ ගියේය.එය උන්නාන්සේ දෑතින්ම තද කර අල්ල ගනිද්දී සරම උඩ ගියේය.රාජ ඌෂ්ණයෙන් අපේ නෙත් බිමට හැරවුනි.

    අපි නැවත නෙත් ඔසවා බලන විට උන්නාන්සේ දුවන්ට සැරසෙන ඉරියව්වෙං සිටගෙන ඉන්නවා දුටිමු.එවිට ගෝලයෙක් පැමිණ උන්නාන්සේගේ තේමා සංගීතය සිය ජංගම දුරකතනයෙන් වාදනය කරවද්දී උන්නාන්සේ අපේ නිවස දෙසට ගමන් ඇරඹූ සේක.රජතුමා අපේ නිවසට පා තබද්දී අම්මගේ නෙත් කඳුලෙන් බර උනේ රජතුමා පැමිණීමේ සතුටටද නැත්නම් වැටුණු පොල් ඇට්ටි ගැන සිතාදැයි මටනම් වැටහුනේ නැත.

    රජතුමා කඩාගෙන බිඳගෙන කෙලින්ම ගියේ මගේ කාමරයට ය.මටත් වඩා උන්නාන්සේ මගේ කාමරය දන්නා හැඩය.මමත් මුලු මහත් හමුදා නිළදරුවොත් උන්නාන්සේ පස්සේ දායාද ඉල්ලමින් යන රාහුලලා මෙන් ඇදුනෙමු.අම්මා තවම ඇඬූ කඳුලෙනි.අයියා පේන්න නැත.මතට තිත වැඩසටහන නිසා අයියා රජ්ජුරුවෝ ලඟට එන්නට බය ඇති.රජ්ජුරුවන් වහන්සේ ලඟින්නම් මට ටිකක් සැර ඌෂ්ණයක් ආවේ ය.

    "මේකයි ජයකොඩි" රජ්ජුරුවෝ මගේම නමින් මා ඇමතූ සේක.මගේ සියලු රස නහර පිනා ගියේය.අම්මාගෙන්ද හිනාවක් නැඟෙනු මට ඇසිණි.අම්මාට ද පොල් ඇට්ටි ටික අමතක වී ඇතුවා මෙනි.මම දෙකට නැමුනෙමි.උන්නාන්සේ මගේ ඇඳ උඩ වාඩි වූ සේක.මගේ පැද්දෙන, හපුටු ගඳ නික්මෙන මගේ ඇඳ, මගේ සියලු කැත කුණු දරා පුරුදු මගේ ඇඳ මත ඒ රාජ පස්ස තබා උන්නාන්සේ වාඩි වූ සේක.මගේ අසරණ ඇඳට කෙඳිරි ගෑවිනි.

    "මේකයි, ඔබතුමා දන්නවනෙ මේ රටේ අපිට ඕනෙ විදිහට වැඩක් කරගන්න මොළයක් ඇති එකෙක් හොයාගන්න තියෙන අමාරුව.අපි ළඟ ඉන්න උන්ගෙ කට විතරයි.ඒක වරද්දගෙනත් කොච්චර ප්‍රශ්නද.ඔක්කොම යන්නෙ මගෙ කර උඩින්නෙ අයිසේ."රාජ කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්නට පටන් ගත්තේය.හමුදා නිළදරුවෝ ද පිළිවෙළින් අඬන්න පටන් ගත්තෝය.

    "ඔව්වා ගණන් ගන්න එපා ලොක්කා.දැං මොනවද මගෙන් වෙන්න ඕනෙ" මට මිනිස්සු අඬනවා බලං ඉඳීම අප්පිරියා නිසා ඇසුවෙමි.
    "හිත හැදෙන්නවත් මොනව හරි කියන්ඩ ඉන්නෙ තමුසෙල වගේ උන් විතරයි.අරුං ඔක්කොම මග ඇරල යනවා.පල් හොරු" උන්නාන්සේ සාටකයෙන් කඳුළු පිසදා ගත් සේක.ඉන්පසු සරම උස්සා නහය එහි සඟවා හොටු හූරන තුරු ඉවත බලා සිටි මම නැවත ප්‍රශ්නාංකය දල්වා උන්නාන්සේ දෙස බැලුවෙමි.
    "අපි හැදුවා රොකට එකක්.හඳට යන්න ඒක තව සතියකින් අභ්‍යාවකාශගත කරන්න හිතං ඉන්නවා"
    "ටීවී එකේවත් කිව්වෙ නැහැනෙ.පුදුමයි" මම කීමි.
    "අපිට කළිං එව්වා වැරදුනේ එතන තමයි.අපි දැනං හිටියෙ නෑ පම්පෝරි ගැහිය යුතු විදිය.හැමදාම අපි කළේ වැඩක් පටන් ගන්න මාස ගාණකට කලිං ඉඳන් පටංගන්න එක පම්පෝරිය.ඊට පස්සෙ හෙන ලොකුවට මල්වෙඩි ගහලා විසිල් ගහලා වැඩේ පටං ගන්න.පස්සෙ විපක්ෂෙ උං අහද්දි අරකට මොකද උනේ?.අරක ඉවර කරන්නෙ කවද්ද?.අපිට කට උත්තර නෑ.ඉතිං මෙදා පාර අපි තීරණය කළා හොරෙං පටං ගන්ඩ වැඩේ.කොරලා ඉවරවෙලා දෙනවා පුල් පබ්ලිසිටියක්.ටීවී එකේ ඇඩ් දානවා.පාරෙ කටවුට් ගහනවා.නිවුස් වලට පෙන්නනවා.හැම පත්තරේම දානව ෆුල් පේජ් ඇඩ්, නළු නිළියො දෙතුං දෙනෙක් ලව්වා හොඳ කියෝලා දානවා ටීවී එකේ.'මීට ගම් වැසියෝ' කියල හැම ගමකම අපි ගානෙ බැනර් දානවා.නාට්‍ය යද්දි යටිං අර පොඩි තීරුවෙත් දානවා." කියලා හති වැටී එතුමා නතර වූයේය.
    "ඉතිං දැං මම මොකද කරන්ඩ ඕනෙ.මට ඔය පම්පෝරි කතා ලියලනං හුරු නෑ.මට පුළුවං කාටහරි මඩ ගහන්න විතරයි."මම හිස කැසුවෙමි.
    "නෑ පබ්ලිසිටි වැඩේට මට කට්ටිය ඉන්නවා.මට ඕනෙ හඳට යන්න කෙනෙක්."
    මට මූත්‍රා අඩස්සියක් හැදුනා මෙන් දැනුනි.මොන මළ ඉළව්වක්ද මේ.හඳට යන්න මම?.මේ පුංචි දිවයිනෙන් එළියට ගොස් නැති මම අඩුම තරමේ එයාර් පෝට් එකකටවත් ගිහින් නැති මම?
    "මට මට......."මට නිදහසට කරුණක් මතක් නොවිණි. "මේ පාස් පෝට් එකක් නැහැනෙ"
    "ඒ මඟුළක් ඕනෙ නෑ.මම තමුසෙව යවන්නෙ මම කියන දේ ඒ විදිහට කරයි කියල මට විස්වාස තමුසෙව නිසා.තමුසෙට කරන්ඩ තියෙන්නෙ රොකට් එකට නඟින්න කළිං තියෙන ප්‍රෙස් කොංෆරන්ස් එකේදි මගේ ගුණ වණන්න.මගේ නම පුළුවන් තරං වැඩි වාර ගාණක් කියන්න.මගෙ පුතා ගැනත් ටිකක් කියන්ඩ ඕනෙ.නැත්තං මට ගෙදර ගිහිං කනක් ඇහිල ඉන්න නැහැ.අපේ මායියා ගන්නෙත් උගෙ පැත්තමයි."
    අනේ මොන තරං ප්‍රශ්න තියෙන මනුස්සයෙක්ද.නළල රැළි වැටී ඇත්තේ දුක් කම්කටොළු නිසාම වෙන්නැති.
    "ඊට පස්සෙ හඳට ගිහාම ඉස්සෙල්ලම කියන කතාවක් තියෙනවනෙ.නිකං උදාන වාක්කියක් වගේ එකක්."රජ්ජුරුවෝ දිගටම කියාගෙන යන්නෝය.
    "ඒ කිව්වෙ" මට ඔය වගේ එව්වා ගැන එච්චර තේරුමක් නැත.
    "ඒ කිව්වේ, දැං ඔය නීල් ආම්ස්ට්‍රෝං ගිහිං ඉස්සෙල්ලම කිව්වෙ මේක මිනිහෙක්ගෙ පොඩි අඩියක්ය, ඒ උනාට මිනිස් සංහතියෙම යෝධ මෙව්වා එකක්ය කියලා.ඒක ඒ යකා ඒ වෙලේ හිතලා කියපු එකක් නෙමේ බං.සෑහෙන්ඩ කට පාඩං කරවලනෙ යවන්ඩ ඇත්තෙ.ඉතිං තමුසෙ ගිහිල්ලා කියන වාක්කියෙ මං ගැන මොනා හරි කියන්ඩ ඕනෙ.නැත්තං මෙච්චර කට්ටක් කාලා, ලෝකෙ තියෙන පොරොන්දු දීලා ණය අරං, එක එකා යටි මඩි ගහද්දිත් මේ කරපු ඉලව්වෙ මට වෙන්නෙ අත ලෙව කාල නිකං ඉන්ඩ.තමුසෙට තේරෙණවනෙ අපේ ඔය අනිත් එකෙක් යැව්වොත් උං කරන්නෙ උං ගැන හෙනට පුම්බලා කියලා මාව බල්ලට දාන එක."රජ්ජුරුවෝ නැවත ටැප් එක ඇරියෝය.උන්නාන්සේ මගේ කොට්ටය ගෙන එහි මූණ ඔබාගත් සේක.උන්නාන්සේගේ දුකේ තරම උන්නාන්සේට කොට්ටයේ ගඳ නොදැනීමෙන්ම මට වැටහුනි.මගේ හදවත පාණ්ඩුකම්බල ශෛලාසනය මෙන් උණු විය.

    "ඔය කඳුළු වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ දෙයියො.මම හඳට නෙමෙයි ඉරට උනත් යන්නං.දැං ඇඬුවා ඇති නේද ......"මට හීල්ලුනි.
    "එහෙනං මං යන්නං."උන්නාන්සේ මගේ කොට්ටයට අන්තිම හොටු ටික ද සීරූහ.අද රෑට නිදියන්න වෙන්නෙ ඉහට තිබූ කොට්ටයද නැතිවය.හෙට උදේම කොට්ටය ගැඹුරු වලක් කපා වල දැමීමට මම ඉටා ගතිමි.
    "මං කියන්නං පස්සෙ කියන්ඩ ඕනෙ දේවල්.දැනට මේ ටික ලෑස්ති කර ගන්ඩ."උන්නාන්සේ මට කොලයක් දී පිටවී ගිය සේක.සාලයේදී අපෙ අම්මා සමඟ සතුටු සාමීචියේ යෙදී ඉන්නවා මෙන් පේන ලෙසට ඡායා රූපයකට ද පෙනී සිටි උන් වහන්සේ ඉන්පසු පිටවී ගියේද තේමා වාදනයත් සමඟය.

    උන්වහන්සේ යන විටත් හෙලිකොප්ටරය පණ ගන්වා තිබූ බැවින් අපි කවුරුත් දෙවෙනි රාජ දර්ශනයක භීතියෙන් බිම බලා ගතිමු.සියල්ලෝ නික්ම ගිය පසු මම අර කොලයේ වූ දෑ කියවන්නට පටන් ගතිමි.

    සුදු කැන්වස් සපත්තු ජෝඩු 1 යි.
    නිල් කොට කලිසම්
    සුදු ඇඳ රෙදි
    පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 යි
    ට්‍රැක් බොටම්
    දත් බුරුසුවක් සහ දත් බෙහෙත්
    හාෆ් ශීට් හා සී ආර් පොත්

    ලොක්කා වැරදිලා මට වෙන කොලයක් දීලාය.මේ දවස්වල කාට උනත් දෙන්න නිතරම ගෙනියනවා ඇත්තේ මේ කොල ය." :lol:
     
    • Like
    Reactions: chami_84