හඳට යමුද...???

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

outer-space-flight-critical-situations-11.jpg




හඳට යමු කියලා කිව්වට හඳට යන එක ගැන නෙමේ...
අභ්‍යවකාශයට ගිය සත්තු ගැනයි මං කතා කරන්න හදන්නේ...


මිනිසා අභ්‍යවකාශය ජය ගන්න කලින් ඊට මග හෙළි කිරීමට අභ්‍යවකාශයට ගිය සතුන් හුඟක් ඉන්නවා.
චිම්පන්සින්ගේ සිට බල්ලන් හා බිම් පණුවන් දක්වා නොයෙක් නොයෙක් සතුන් උඩු ගුවනට යවා තිබෙනවා.
මිනිසා උඩුගුවන ජය ගන්නට කලින් රොකට්ටුවල ගමන් කිරීම ආරක්ෂිතද?අභ්‍යවකාශයේ ස්වභාවය මොන වගේද? මිනිසාට අභ්‍යවකාශය ජය ගැනීමට ඇති බාධාවන් මොනවාද? ශූන්‍ය ගුරුත්වය මිනිසාට හිතකර වේවිද? නැද්ද? ආදී ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අත්හදා බැලීම් වශයෙන් තමයි, මේ සතුන් උඩට ගියේ.
සමහරුන් නම් උඩට ගියා මිසක් ආපහු පොළොවට එන්න ඔවුන්ට අවස්ථාව ලැබුවේ නැහැ.
ඔවුන්ගෙන් සමහරුන් දිවි පූජා කළේ මුළු මිනිස් සංහතියේම යෝධ පියවරක් වෙනුවෙනි.
සතුන් අභ්‍යවකාශයට යවා අත්හදා බැලීම් සිදුකළ ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සි පහක් තිබෙනවා.
ඒවා නම් ඇමෙරිකාව, රුසියාව, ප‍්‍රංශය, චීනය හා ජපානයයි.




මුලින්ම ගියේ පලතුරු මැස්සෝ

මුලින්ම අභ්‍යවකාශය තරණය කළේ පලතුරු මැස්සන් කියලා කීවොත් ඔයාලා පුදුම වේවි.
මේ මැස්සන් උඩුගුවනට ගියේ අත් වැරදීමකින් නම් නොවේ. මැස්සන් උඩුගුවනට ගියේ ඉරිඟු ඇට සමඟයි.
ඒ 1947 වසරේ ඇමෙරිකාව අත්හදා බැලූ V2 රොකට්ටුවකින්.
මේ රොකට්ටුව උඩුගුවනට යැව්වේ විකිරණවලින් ඇතිවන බලපෑම් ගැන සොයා බැලීමටයි.
ඊට පසුව අත්හදා බැලීම් සඳහා යොදා ගත් වී 2 රොකට්වලින් පෙද පාසි සාම්පල උඩුගුවනට රැගෙන ගියා.



ඇල්බට් II

‘ඇල්බට් II’ ලෙසින් නම් කළ රීසස් ගණයේ වඳුරකු තමයි, මුලින්ම උඩුගුවනට ගිය වඳුරා හැටියට ඉතිහාසයට එක් වුණේ.
එයා උඩුගුවනට ගියේ 1949 වසරේ ජූනි 14 වැනිදායි.
V2 රොකට්ටුවකින් ගිය එයා ආපහු පෘථිවියට එද්දී පැරෂූටය ඇරුණේ නැති නිසා සිදුවූ අනතුරෙන් මරණයට පත් වුණා.
1950 සහ 60 දශකවල ඇමෙරිකාව අත්හදා බැලීම් සඳහා තවත් වඳුරු විශේෂ කීපයක්ම අභ්‍යවකාශයට යවනු ලැබුවා.
උඩුගුවනේ දී සිරුරේ කි‍්‍රයාකාරිත්වය විමසීමට මේ වඳුරන්ගේ සිරුරුවලට සංවේදක සවි කර තිබුණා.
රොකට්ටු ගුවන්ගත වෙද්දී ඔවුන් නිර්වින්දනය කරලයි, හිටියේ. ඇමෙරිකාව වඳුරන් උඩුගුවනට යැව්වේ ඇල්බට් II සිට IVදක්වා යානාවලයි.


1.jpg




උඩුගුවනට ගිය මීයා

මුලින්ම අභ්‍යවකාශයට මීයකු යැව්වේ ඇමෙරිකාව.
ඒ 1950 වසරේ අගෝස්තු 31 වැනිදා ඇල්බට් 5 මෙහෙයුමේදීයි.
V2 රොකට්ටුවක් ආධාරයෙන් මේ මීයා කිලෝ මීටර 137 ක් උඩුගුවනට ගියා.
1950 සහ 1951 වසරවල තවත් මීයන් කීප දෙනෙකු උඩුගුවනට යවා පර්යේෂණ කළා.



සයිජන් සහ ඩෙසික්

1951 වසරේ ජනවාරි 29 වැනිදා සෝවියට් දේශය ප‍්‍රථම වරට උඩුගුවනට බල්ලන් දෙන්නකු යැව්වා.
ඒ තමයි, සයිජන් සහ ඩෙසික්.
ඔවුන් දෙන්නාට කක්ෂගත වීමට තරම් ආසන්න උසකට යාමට හැකිවුණා.
මේ දෙන්නා ඉහළ ගියේ රුසියාවේ ආර්-1 III ඒ-1 රොකට්ටුවෙන්. ඔවුන්ට නිරුපද්‍රිතව ගමන අවසන් කරන්න හැකිවුණා.
සයිජන් සහ ඩෙසික් දෙන්නාගෙන් එක් අයෙක් පසුව සිදුකළ අභ්‍යවකාශ මෙහෙයුමකදී මියගියා.



මුලින්ම පෘථිවි කක්ෂයට ගිය ලයිකා

‘ලයිකා’ නම් බැල්ල ගැන ඔයාලා හොඳින් දන්නවානේ.
එයා තමයි, මුලින්ම පෘථිවි කක්ෂයට ගියේ.
ලයිකා පෘථිවි කක්ෂයට යැව්වේ සෝවියට් දේශයයි. ලයිකාව පෘථිවි කක්ෂයට අරන් ගියේ ස්පුට්නික් 2 යානයෙන්.
ඒ 1957 වසරේ නොවැම්බර් 3 වැනිදායි.
මේ පෘථිවි කක්ෂයට ගිය ලයිකා උඩු බුරලමින් අවසන් සුසුම් හෙළු බව පැවැසෙනවා.
මිනිසාට උඩු ගුවනට යාමට මඟ පාදා දුන්නේ ලයිකායි.
ඒ නිසා ලයිකා අදටත් අප අතර අමරණීයයි.
පෘථිවි කක්ෂයකට ගිය මුල්ම සත්ත්වයා ලෙස ඉතිහාසයට එක්වුණේ ද ලයිකායි.
ලයිකාගෙන් පස්සේ තවත් බලූ සුරතලූන් 10 දෙනෙකු පමණ අභ්‍යවකාශයට යැව්වා, විවිධ අභ්‍යවකාශ යානා මගින්.
ඒ සියලූ පරීක්ෂණවලින් පස්සේ තමා 1961 වසරේ අප‍්‍රියෙල් 12 වැනිදා රුසියා අජටාකාශගාමී යූරි ගගාරීන්ට ප‍්‍රථම මිනිසා ලෙස අභ්‍යවකාශයට යන්න පුළුවන් වුණේ.


2.jpg



ඇමෙරිකා හමුදාවේ ගෝඩෝ

1958 වසරේ දෙසැම්බර් 13 වැනිදා ජුපිටර් අයි.ආර්.බී.එම්. ඒඇම් 13 රොකට්ටුව ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් උඩු ගුවනට යැව්වා.
රොකට්ටුවෙන් ගියේ ඇමෙරිකා හමුදා පුහුණුව ලැබූ දකුණු ඇමෙරිකා ලේන රිළවෙක්.නම ගෝඩෝ.
රොකට්ටුව මුදුණේ ආපදාවකදී ගැළවී යන කොටසේ පැරෂූටය ඇරුණේ නැති ගෝඩෝ රොකටයත් සමග අතුරුදන් වුණා.
එම ගමන් කාලය තුළ දී විද්‍යුත් තරංග මගින් ලබා ගත් දත්ත අනුව මේ වඳුරා මිනිත්තු 8 ක් තුළ ශූන්‍ය ගුරුත්වයට සාර්ථකව මුහුණ දුන් බව සඳහන්.
ඒ වගේම රොකට්ටුව දියත් කළ අවස්ථාවේදී දස ගුණයක ගුරුත්වාකර්ෂණ බලයකටත්, සැතපුම් 10,000 ක වේගයෙන් රොකට්ටුව පෘථිවියට පිවිසීමේදී 40 ක ගුරුත්ව බලයකටත් සාර්ථකව මුහුණ දුන් බව දැක්වෙනවා.
ගෝඩෝ රැගත් රොකට්ටුවේ මුදුණේ කේතු ආකාරයේ කොටස කැනැවරල් තුඩුව අසළ මුහුදට පතිත වුනත් එය සොයා ගැනීමක් කෙරුණේ නැහැ.



ඒබල් සහ බේකර් රිළවුන් දෙන්නා

ප‍්‍රථම වරට අභ්‍යවකාශ චාරිකාවකින් දිවි ගලවා ගැනීමට හැකිවූ වඳුරන් දෙන්නා තමයි, ඒබල් සහ බේකර්.
1959 වසරේ මැයි 28 වැනිදා ඇමෙරිකාවේ ජුපිටර් නම් අන්තර් කලාපීය බැලැස්ටික් මිසයිල රොකට්ටුවෙන් තමයි, මේ දෙන්නා උඩු ගුවනට යැවුණේ. ඒබල් ඇමෙරිකාවේ උපන් රීසස් වඳුරෙක්.
බේකර් පේරු රටෙන් ගෙනා ලේන වඳුරෙක්.
මිනිත්තු 16 ක එම ගමනේදී මේ වඳුරන් දෙන්නා පැයට කිලෝ මීටර 16,000 ක වේගයකටත් සාමාන්‍ය ගුරුත්වය මෙන් 38 ගුණයක ගුරුත්වයකටත් මුහුණ දුන්නා.
ගමන සාර්ථකව නිමා කළත් දවස් 4 කට පස්සේ ඒබල් දත්ත ලබා ගැනීමට සිරුරට කැවූ ඉලෙක්ට්‍රෝඩයක් ඉවත් කිරීමට කළ සැත්කමකදී නිර්වින්දනය තුළම ඒබල් මියගියා. බේකර් 1984 දක්වා ජීවත් වුණා.



බෙල්කා සහ ස්ටෙ‍්‍රල්කා

ප‍්‍රථම වරට සුනඛ සුරතලූන් යුවළක් උඩුගුවන යැවුනේ 1960 අගෝස්තු 19 වැනිදා සෝවියට් දේශයේ ස්පුට්නික් 5 යානයෙන්.
බෙල්කා හා ස්ටෙ‍්‍රල්කා නම් මේ සුනඛ සුරතලූන් නිරුපද්‍රිතව ආපහු ආවා.
මෙම මෙහෙයුමෙන් පස්සේ ස්ටෙ‍්‍රල්කා පැටවුන් කීප දෙනෙකු බිහිකළා.
ඉන් එක් සුරතල් පැටවකුගේ නම පුශිංකා.
රුසියානු ඇමෙරිකානු මිත‍්‍රත්වයේ සංකේතයක් හැටියට 1961 දී එවකට සෝවියට් අගමැතිව සිටි නිකිතා කෲෂෙෆ් විසින් ඇමෙරිකා ජනාධිපති සිටි ජොන් එෆ්. කෙනඩිගේ දියණිය වූ කැරොලීන්ට තෑගි කළේ මේ පුශිංකායි.



හැම් චිම්පන්සියා


1961 ජනවාරි 31 වැනිදා රෙඞ්ස්ටෝන් රොකට්ටුවක් යොදාගෙන මර්කරි කැප්සියුලයකින් යැවූ ගුවන් ගමනට එක් වුණේ හැම් නම් චිම්පන්සියායි.
ඒ මෙහෙයුම හැඳින්වූයේ මර්කරි රෙඞ්ස්ටෝන් 2 කියලයි. අභ්‍යවකාශ යානයක දී යම් යම් ලීවර ඇදීමටත්, විදුලි සැර නොවැදී සිටීමටත් මේ චිම්පන්සියා පුහුණු කර තිබුණා.
හැම්ව මේ සඳහා පුහුණු කළේ සන්තෝසමක් හැටියට කෙසෙල් ගෙඩි දීලයි.
උඩු ගුවනේ දී සන්තෝසම් හැටියට ලැබුණේ කෙසෙල් ගෙඩිවලින් තැනූ පෙත්තක්.
මේ ගමනේ දී විමසා බැලූණේ යම් යම් කාර්යයන් කි‍්‍රයා කාරීමේ හැකියාවයි.
මෙහෙයුම අවසානයේදී මර්කරි කැප්සියුලය මුහුදට වැටුණා. යූඑස්එස් ඩෝනර් නැව තමයි, හැම්ව ගලවා ගත්තේ.
ඒ අවස්ථාවේදී හැම්, නැවේ කපිතාන්වරයාට අතට අත දීමට ද අමතක කළේ නැහැ.
මර්කරි රෙඞ්ස්ටෝන් මෙහෙයුමෙන් මාස 3 කට පස්සේ තමයි, ඇමෙරිකාව ඇලන් ෂෙපර්ඞ් උඩුගුවනට යැවුවේ.
ඇමෙරිකාවේ ප‍්‍රථම අභ්‍යවකාශගාමියා වුණේ ඔහුයි.



ඊනෝස් චිම්පන්සියා

1961 නොවැම්බර් 29 වැනිදා උඩුගුවනේ කක්ෂගත වූ පළමු චිම්පන්සියා තමයි ඊනෝස්. එයා ගියේ ඇට්ලස් 5 රොකට්ටුවකින්.



රුසියාව, ප‍්‍රංශය හා චීනය

1961 මාර්තු මාසයේදී වොස්ටොක් 3 ඒ ගුවන් ගමන්වලදී සෝවියට් රුසියාව මීයන්, රට හාවුන් සහ මැඩියන් උඩුගුවනට යැව්වා.

1961 පෙබරවාරියේ සහ 1962 වසරේ ඔක්තෝබර් මාසයේ ප‍්‍රංශය පළමු වරට මීයන් උඩුගුවනට යැව්වා.
1963 ප‍්‍රංශය ෆීලික්ස් නම් බළලා උඩුගුවනට යැව්වා.
සංවේදක කි‍්‍රයා කරන අයුරු අධ්‍යයනය කරන්න ෆීලික්ස්ගේ හිස් කබලට සන්වේදක බද්ධ කරලයි තිබුණේ.
ෆීලික්ස් ගමන සාර්ථකව නිමකළත් ඉන්පසු යැවූ බළලා මියගියා.
1967 වසරේ මාර්තු මාසයේ අවසන් වතාවට ප‍්‍රංශය උඩුගුවනට යැවූ සතුන් වුණේ වඳුරෝ දෙදෙනෙක්.
චීනය 1964 සහ 1965 වසරේ මීයන් සහ 1966 බල්ලන් දෙන්නෙක් ද උඩුගුවනට යැව්වා.



වෙටරොක් හා උගොලියොක්

රුසියාව වොස්කෝඞ් වැඩසටහන යටතේ බලූ සුරතලූන් දෙන්නෙක් උඩු ගුවනට යැව්වා.ඒ 1966 පෙබරවාරි 22 වැනිදායි.
ඔවුන් දෙන්නා තමයි, වෙටරොක් හා උගොලියොක්.
ඔවුන් ගියේ කොස්මෝස් 110 යානයෙන්.
දවස් 22 ක් ඔවුන් පෘථිවි කක්ෂයේ සිට මාර්තු 16 යළි පෘථිවියට ආවා.
සතුන් දෙදෙනෙක් පෘථිවි කක්ෂයේ වැඩිම කාලයක් ගත කළ කිරීමෙන් පිහිටු වූ මේ වාර්තාව අබිබවා යන්න වෙන කිසිම බලූ සුරතලකුට හැකිවුණේ නැහැ.
මිනිසා ඒ වාර්තාව ඉක්මවා ගියේ 1974 වසරේදීයි.
ඒ ස්කයිලැබ් 2 අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටි ගගනගාමීන් පිරිසයි.



1980 සිට 2011 දක්වා


1980, 1990 දශකයේදීත් පණුවන්, මැඩියන්, ඇමීබාවන්, දිලීරි, පුස්, පෙද පාසි, දෙඹරුන්, කුහුඹුවන් වැනි නොයෙක් සත්ත්ව විශේෂ රැසක්ම උඩු ගුවනට යවනු ලැබුවා.
2003 වසරේ අවසන් කොලොම්බියා ෂටල මෙහෙයුමේදී සේද පණුවන්, මකුළුවන්, මීමැස්සන්, කුහුඹුවන්, වටපණුවන් සහ මත්ස්‍යයන් උඩු ගුවනට යැවුණා.
ඒත් අවාසනාවන්ත ලෙස ඒ ෂටලය මෙහෙයුම ආරම්භයේදීම විනාශ වුණා. පරීක්ෂණ සඳහා රැගෙන ගිය වටපණුවන් කීප දෙනෙක් පණ පිටින් සිටිනු ෂටලයේ සුන්බුන් අතරින් හමුවුණා.
කොලොම්බියා, එන්ඩෙවර්, ඩිස්කවරි හා ඇට්ලැන්ටිස් යන ෂටල මෙහෙයුම් ආරම්භ කළ අවදියේදී ප‍්‍රාථමික හා උසස් පාසල් සිසුන්ගේ මෙන්ම සරසවි සිසුන් වෙනුවෙන් ද විවිධාකාරයේ පර්යේෂණ අභ්‍යවකාශයේදී සිදු කෙරුණා.
මේ පාසල් ව්‍යාපෘති සඳහා කුහුඹුවන්, කෘමීන්, සලඹයන් ආදී සතුන් යොදා ගැනුණා.
පෘථිවි කක්ෂයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පර්යේෂණ කටයුතු සඳහාත් කීප වරක්ම වට පණුවන් හා පණු බිත්තර යොදා ගෙන තිබෙනවා.
2006 වසරේ ජූලි 12 වැනිදා තමයි, ඇමෙරිකාවේ බිගලෝ ගුවන් හා ගගන විද්‍යා ඒකකය ‘ජෙනිසිස් 1’ මොඩියුලය උඩු ගුවනට පිටත් කර හැරියේ.
මේ අභ්‍යවකාශ මොඩියුලය ඇතුළේ සිදුවන දේවල් දැක බලා ගන්න කැමරා සවි කරලයි තිබුණේ.
ජෙනිසිස් 1 අභ්‍යවකාශයට පිටත්ව ගියේ බිගලෝ ගුවන් හා ගගන විද්‍යා ඒකකයේ සේවකයන්ගේ යෝජිත පුංචි පුංචි පරීක්ෂණ, සෙල්ලම් බඩු ආදියත් සමඟයි.
ඒ සමඟ ශාක සහ කෘමීන්ගේ එකතුවක් ද තිබුණා. මැඩගස්කර කැරපොත්තන්, සලඹ කීටයන් සහ මෙක්සිකො බෝංචි ඇට මේ එකතුවට අයත් වුණා.
ප‍්‍රථම වතාවට සතුන්ටම පමණක් සීමා වූ පෞද්ගලික අභ්‍යවකාශ සවාරිය ලෙස සැලකෙන්නේ මේ ගමනයි.
බිගලෝ ගුවන් හා ගගන පර්යේෂණ ඒකකය ජෙනිසිස් 2 මොඩියුලය උඩු ගුවනට යැව්වේ 2007 වසරේ ජූනි 28 වැනිදායි.
එය ජෙනිසිස් 1 මොඩියුලයට හුඟක් සමීපයි.
දකුණු අප‍්‍රිකා ගෝනුස්සන්, කුහුඹුවන් සහ මැඩගස්කර කුරුමිණියන් තමයි ජෙනිසිස් 2 සමඟ උඩුගුවනට ගියේ.




rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif
rocket.gif

 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ටින් ටින් එක්ක ස්නොවී , කැප්ටන් , තොම්සන්ලත් හදට ගියේ :yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Supirine Ban
    Mamath Asama Subject Ekak Thamai Macha අභ්‍යවකාශ Gaweshanaya Kiyanne
    Supiri Kawadahari Yanna Ethnam Hadata Supirima Thamai
    Issara NASA Eken Gedarata Pics Letters Ehema Ewuwa Den Ewanne Nedda Danne Ne Ne
     
    • Like
    Reactions: Fire Eye