හඳට සහ අඟහරුට ගොස්‌ එළවළු වැවීමට සූදානමක&#3530

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
හඳට සහ අඟහරුට ගොස්‌ එළවළු වැවීමට සූදානමක&#3530

d11-2.jpg
විද්‍යාඥයන් මෙන්ම අභ්‍යවකාශගාමීන්ද මීළඟට සූදානම් වන්නේ හඳටත්, අඟහරු ග්‍රහයාටත් යැමට පමණක්‌ නොව එහි ගොස්‌ පදිංචි වී ඔබ අප නොසිතන මහා ව්‍යාපෘතියකට අත ගැසීමටය. ඔවුන්ගේ බලාපොරොත්තුව හඳට හෝ අඟහරු ග්‍රහයාට හෝ ගොස්‌ එහි පදිංචි වී මහා එළවළු වගාවක්‌ පටන් ගැනීමය. මෙය අපට නම් අදහා ගැනීමට බැරි ආරංචියකි. එහෙත් චීනයේ අභ්‍යවකාශ ගාමීන් පිරිසක්‌ මේ වනවිටත් හඳට හෝ අඟහරු ග්‍රහයාට හෝ ගොස්‌ එළවළු වගාවක්‌ පටන් ගැනීම සඳහා පර්යේෂණයක්‌ ආරම්භ කර තිබෙන බව චීනයේ, බේජින්වලින් ලැබෙන පුවතකින් කියෑවෙයි.


හඳට හෝ අඟහරු ග්‍රහයාට හෝ ගොස්‌ එළවළු වගාවක්‌ ආරම්භ කිරීමට ප්‍ර්‍රථම චීනයේ අභ්‍යවකාශගාමී පර්යේෂකයන් පිරිසක්‌ පසුගියදා අත්හදා බැලීමක්‌ වශයෙන් මීටර් තුන්සියයක්‌ විශාල මැදිරියක්‌ (කැබින් එකක්‌) තුළ එළවළු වගාවක්‌ කර සාර්ථක ප්‍රතිඵල ලබාගත් බව ෂින්හුවා පුවත් සේවය කියා සිටියි. මෙම පර්යේෂණ අනුව හඳේ හෝ අඟහරු ග්‍රහයා මතුපිට හෝ එළවළු වගා කර හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් බව ඔවුහු ස්‌ථිර වශයෙන්ම කියා සිටිති.


මෙම අභ්‍යවකාශ මෙහෙවරේදී කියුබික්‌ මීටර් 300 ක කැබින් (මැදිරියක්‌) එකක්‌ එහි ඉදිකිරීමට මෙම අභ්‍යවකාශගාමී පර්යේෂකයන් බලාපොරොත්තු වන බව ෂින්හුවා පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි. ඉන්පසු පරිසර හිතකාමී ජීවන ආධාරක පද්ධතියක්‌ (Ecological Life Support System) එතුළ ඉදිකිරීමට බලාපොරොත්තු වන අභ්‍යවකාශගාමීන් එහි එළවළු වර්ග හතරක්‌ වැවීමටද තීරණය කර ඇත. මෙම එළවළු වගාවට අවශ්‍ය වාතය, ජලය සහ කෑම වර්ග කැබින් එක තුළම නිර්මාණය වන බවද අභ්‍යවකාශගාමීහු කියා සිටිති.


බෙයිජිං හි චීන අභ්‍යවකාශගාමී පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්‌ථානයේ පර්යේෂකයකු වන ඩෙන් සිබිං මේ ගැන ප්‍රකාශකයක්‌ කරමින් මෙම අත්හදා බැලීමට සහභාගි වන පර්යේෂකයන්ට වගා කරන ලද අලුත්ම එළවළු තමන්ගේ කෑම වේලක්‌ සඳහා යොදා ගත හැකි යෑයිද කියා සිටියි. මෙහිදී පිටසක්‌වල එළවළු කඳවුරු (Extra Terrestrial Bases) කීපයක්‌ම පිහිටුවීමටද අභ්‍යවකාශගාමීහු සැලසුම් කර තිබෙන බව චීන අභ්‍යවකාශගාමී පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්‌ථානය කියා සිටියි.
පිටසක්‌වලට ගොස්‌ වගාකටයුතු කිරීම සඳහා පිටරටවල් (ඇමරිකාව ඇතුළු) කීපයක්‌ම මීට ඉහත පර්යේෂණ පවත්වා ඇති බව කියන චීන අභ්‍යවකාශගාමී පර්යේෂණ ආයතනය එහෙත් එම පර්යේෂණ සාර්ථක වී නැති බවත් මෙය චීනය විසින් පළමුවරට කරන ලද අත්හදා බැලීමක්‌ බවත් කියා සිටියි.


හඳේ හෝ අඟහරු ග්‍රහයා තුළ එළවළු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍ර්‍රථම පර්යේෂණ යානයක්‌ ලබන අවුරුද්දේ මුල් මාසයේදී මුලින්ම හඳට යෑවීමට චීනය දැනටමත් සැලසුම් කර හමාරය. මෙය ඔවුන්ගේ හඳට මිනිසුන් ගෙන ගොස්‌ පදිංචි කරවීමේ වැඩපිළිවෙළට අමතරව කෙරෙන්නකි. මිනිසුන් ගෙන ගොස්‌ හඳේ පදිංචි කරවීමේ වැඩපිළිවළ අතහැර නැතැයිද එය ලබන අවුරුද්දේ දී ක්‍රියාත්මක කිරීමට තමන් බලපොරොත්තු වන බවද චීනය කියා සිටියි. මේ අතර ආසියාවේ සුපිරි බලවතුන්ද ඇමරිකාවද හඳට මිනිසුන් යවා පදිංචි කරවීමේ වැඩපිළිවෙළ තවමත් අතහැර දමා නැත. ඇමෙරිකාව මේ වන විට පුද්ගලයන් දෙදෙනකු හඳට යවා ඇතත් චීනයට තවමත් මිනිසකු හඳට යෑවීමට පුළුවන්කම ලැබී නැත. එළවළු අඩවියක්‌ හඳේ හෝ අඟහරු ග්‍රහයා තුළ හෝ පිහිටුවීමට ප්‍රථම මිනිසකු හඳට යෑවීමේ වැඩපිළිවෙළ ඉක්‌මන් කිරීමටද චීනය බලාපොරොත්තු වෙයි.
අභ්‍යවකාශයට ගිය ප්‍රථම චීන ජාතිකයා යෑං ලිවීය. (yang Liwei) ගිය මාසයේ ඔහු ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ චීන අභ්‍යවකාශගාමීන් පිරිසක්‌ ළඟදීම අභ්‍යවකාශයේ දැනට පාලනයේ සිටින චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ශාඛාවක්‌ පිහිටුවීමට සැලසුම් කරගෙන යන බවයි.
පක්‌ෂයේ ශාඛාවක්‌ අභ්‍යවකාශයේ පිහිටුවීමට හැකියාව ලැබුණොත් එය ලෝකයේ ප්‍රථම වතාවට මහ ඉහළින්ම සිදුවන කටයුත්තක්‌ වනු ඇතැයිද යෑං ලිවී කියා සිටියි.


චීනය 2003 දී අභ්‍යවකාශ යානා පහක්‌ කක්‌ෂ ගත කළේය. මිනිසුන් පදිංචිය සඳහා හඳට යවන්නේ නම් ඔවුන්ට අවශ්‍ය කරන ධාන්‍ය හා එළවළු වර්ග එහි වගා කළ යුතුය. චීනය මේ සූදානම් වන්නේ එවැන්නක්‌ කිරීමටය. තමන් දියත් කළ එළවළු වගා ව්‍යාපෘතිය සාර්ථක බව චීන අභ්‍යවකාශගාමී පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්‌ථානය කියා සිටියි. මෙහි සාර්ථකත්වය නිසා නුදුරු අනාගතයේදී එළවළු කඳවුරු කීපයක්‌ම හඳේ හෝ අඟහරු ග්‍රහයාගේ හෝ ආරම්භ කිරීමට තමන්ට හැකිවනු ඇතැයිද චීන අභ්‍යවකාශගාමීහු කියා සිටිති. හඳට ගොස්‌ ව්‍යාපෘතීන් ගණනාවක්‌ ආරම්භ කිරීමට ඇමෙරිකාව, චීනය සහ ජපන් රට සූදානම් වෙද්දී ඇමෙරිකාවේ නාසා ආයතනයේ හිටපු කළමනාකරුවන් කීපදෙනකු එක්‌වී හඳට මිනිසුන් ගෙනයන ගවේෂණ චාරිකා කීපයක්‌ ආරම්භ කිරීමට සූදානම් වන බව රොයිටර් වාර්තා කර සිටියි.


මෙම ගවේෂණ චාරිකා මෙහෙයවීම සඳහා “ගෝල්ඩන් ස්‌පයික්‌” (Golden Spike) නමින් සමාගමක්‌ද ආරම්භ කර ඇත. හඳට යන මෙම ගවේෂණ චාරිකාවන් සංවිධානය කිරීම සඳහා යන වියදම ඩොලර් බිලියන 1.5 කි. කාටත් මේ ගමන යැමට පුළුවන් ගාස්‌තුවක්‌ අපි අය කිරීමට බලාපොරොත්තුව වෙනවා. හිටපු ඇපලෝ ගුවන් චාරිකා අධ්‍යක්‍ෂ ගෙරී ග්‍රිෆිත් කියා සිටියි. ගෝල්ඩන් ස්‌පයික්‌ ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන්නේද ඔහුය.


මෙම ගවේෂණ චාරිකා සඳහා නාසා ආයතනය ප්‍රයෝජනයට ගත් රොකට්‌ සහ අභ්‍යවකාශ යානා යොදා ගැනීමට තම සමාගම බලාපොරොත්තු වන බව කියන ගෙරී ග්‍රිෆිත් වැඩි පිරිසකට යා හැකිවන පරිදි මෙම යානා නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියි.
2020 දී මෙම ගවේෂණ චාරිකාව මුලින්ම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කියන ගෙරී ග්‍රිෆිත් හඳට යන මුල් චාරිකාවට අනුග්‍රාහක කී දෙනෙක්‌ සහභාගි කරවා ගන්නවාද යන්න දැන්ම ප්‍රකාශ කිරීමට නොහැකි බව කියා සිටියි.


මේ අතර “ගෝල්ඩන් ස්‌පයික්‌” සමාගමේ ප්‍රධානියා වන ඇලන් ස්‌ටර්න් මෙම ගවේෂණ චාරිකාව ආරම්භ කිරීම සඳහා මූලික වශයෙන් ඩොලර් බිලියන හතක්‌ හෝ අටක්‌ හෝ ආයෝජනය කිරීමට සිදුවනු ඇතැයිද කියා සිsටියි. එසේම මිනිසුන් දෙදෙනකු හඳට යෑවීම සඳහා ඩොලර් බිලියන 1.5 ක මුදලක්‌ වැය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
හඳට යැම සඳහා ආරම්භ කර තිබෙන මෙම චාරිකාවලින් තමන්ට ලාභයක්‌ අත්වේදැයි කීමට නොහැකි බව කියන ස්‌ටර්න් වැඩි පිරිසක්‌ මෙම චාරිකාව යැමට පැමිණියහොත් ඒ අනුව ලාභයක්‌ සොයා ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියි.


හඳට යන චාරිකා ආරම්භ කිරීමට ප්‍රථම ගෝල්ඩන් ස්‌පයික්‌ සමාගම රටවල් කීපයකටම ගොස්‌ සමීක්‍ෂණයක්‌ ආරම්භ කළේය. මෙම සමීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව රටවල් පහළොවක හෝ විසිපහක හෝ සිටින සුළු පිරිසකට මෙම ගමනට එක්‌වීම සඳහා හැකියාව තිබෙන බව හෙළිවී ඇතැයි ඇලන් ස්‌ටර්න් කියා සිටියි. මෙයින් කියෑවෙන්නේ හඳ ගමනට එක්‌වීම සඳහා අවසර ලැබෙන්නේ කෝටිපතියන්ට පමණක්‌ බවයි. හඳට යැම සඳහා කාටත් මිලදී ගත හැකි ටිකට්‌ පතක්‌ නිකුත් කිරීමට ගෝල්ඩන් ස්‌පයික්‌ සමාගම බලාපොරොත්තු වෙයි. එහෙත් එම ටිකට්‌ පතේ මිල ඩොලර් මිලියන කීයක්‌ දැයි එම සමාගම තවමත් හෙළිකර නැත. කෙසේ වෙතත් මිනිසුන් හඳට යන – එන චාරිකා 2020 න් පසු අනිවාර්යයෙන්ම ආරම්භ කිරීමට තමන් සූදානමෙන් සිටින බව ඇලන් ස්‌ටර්න් වැඩිදුරටත් කියා සිටියි.



- ආතර් යූ. අමරසේන / Divain
 
Last edited:
  • Like
Reactions: bemylover

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Rep 2+ බොරු වැඩක් නෙ බන්, :dull:කොච්චර ආයොජනයක් කරන්නද​, :baffled: අයෙ ඕව මෙහෙට ගේන්න වෙනවනෙ, හදේ හාවට කන්න දෙන්නයි, :Dප්ලස්ටික් පෙට්ටි වල දාල ලොරි වල එවන්නයි,:rolleyes: මිනිස්සු කෝටි ගානක් කුස ගින්නෙ මැරෙනකොට ඔච්චර දුර යන්නෙ නැතිව​, වවන්න පුලුවන් පරිසර තියන අපි වගේ රටවල් වලට ආධාර කලානම් හරිනෙ,:yes: නැත්නම් ඔය ඇති කරන ක්‍රුතිම ගොවිපලවල් මෙ ලෝකෙ වවන්න බැරි පැතිවල ඇති කරන්න පුලුවන්නෙ,( කාන්තාර​, අප්‍රිකාව​) ලොකු ලයින් එකට නම් හොදයි ඔය වැඩේ බිලියන ගනන් වියදම් කරල​, අර කලින් කීව වගේ, " එන්න මහත්තය​, හදෙන් ගෙනාපු අලුත් බඩු, දැන් රොකට එකෙන් බැවෙ, ලාබයි ලාබයි අඩු කරල දෙන්නම් අරන් යමු කියයි :rolleyes::rofl::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Rep 2+ බොරු වැඩක් නෙ බන්, :dull:කොච්චර ආයොජනයක් කරන්නද​, :baffled: අයෙ ඕව මෙහෙට ගේන්න වෙනවනෙ, හදේ හාවට කන්න දෙන්නයි, :Dප්ලස්ටික් පෙට්ටි වල දාල ලොරි වල එවන්නයි,:rolleyes: මිනිස්සු කෝටි ගානක් කුස ගින්නෙ මැරෙනකොට ඔච්චර දුර යන්නෙ නැතිව​, වවන්න පුලුවන් පරිසර තියන අපි වගේ රටවල් වලට ආධාර කලානම් හරිනෙ,:yes: නැත්නම් ඔය ඇති කරන ක්‍රුතිම ගොවිපලවල් මෙ ලෝකෙ වවන්න බැරි පැතිවල ඇති කරන්න පුලුවන්නෙ,( කාන්තාර​, අප්‍රිකාව​) ලොකු ලයින් එකට නම් හොදයි ඔය වැඩේ බිලියන ගනන් වියදම් කරල​, අර කලින් කීව වගේ, " එන්න මහත්තය​, හදෙන් ගෙනාපු අලුත් බඩු, දැන් රොකට එකෙන් බැවෙ, ලාබයි ලාබයි අඩු කරල දෙන්නම් අරන් යමු කියයි :rolleyes::rofl::rofl::rofl:
    :lol: yako ewa hadanne apita kanna newei, moon based ekak gahuwa dawasaka ewai inna unta kanna :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :dull::dull::dull: ai bn hadata yanne mehe ida madida :shocked::shocked::shocked:. mehe minissu kochchara badiginne innawada, eyalata owa denne nadda :(
    hande base ekak haduwama ita ehata planet walata ehema yanna lesilu :oo:
    hande gravity adui , rocket ehe indan yawanna lesilu.
    anika handath bedagena kanna kattiyata asa athi :cool: eke military based hadala missiles tikak ehema deploy karanna asa athi supiri balawath ratawal walata :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇමෙරිකාව මේ වන විට පුද්ගලයන් දෙදෙනකු හඳට යවා ඇතත්...


    meka waradi :oo:
    handata me wenakota 12 gihilla thiyenawa(awidala) okkoma american

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    hande base ekak haduwama ita ehata planet walata ehema yanna lesilu :oo:
    hande gravity adui , rocket ehe indan yawanna lesilu.
    anika handath bedagena kanna kattiyata asa athi :cool: eke military based hadala missiles tikak ehema deploy karanna asa athi supiri balawath ratawal walata :P

    අප්පට උබෙ ටිකිරි මොලේ, රතු කන්ඩායමට ආඩම්බරයක් උබනම් :rolleyes::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇමෙරිකාව මේ වන විට පුද්ගලයන් දෙදෙනකු හඳට යවා ඇතත්...


    meka waradi :oo:
    handata me wenakota 12 gihilla thiyenawa(awidala) okkoma american

    12 මම..:yes: මං හඳට ගිහින් බඩුවක් ගැහුවා..:love:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ හඳ අයිති මොන රටටද?:rolleyes::rolleyes:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    hande base ekak haduwama ita ehata planet walata ehema yanna lesilu :oo:
    hande gravity adui , rocket ehe indan yawanna lesilu.
    anika handath bedagena kanna kattiyata asa athi :cool: eke military based hadala missiles tikak ehema deploy karanna asa athi supiri balawath ratawal walata :P
    :yes::yes:

    rocket ekakata guruthwakarshanayen eliyata yanna fuel usage eken 60% kata wada yanawa
    :cool::cool: