හඳුන්නෙත්ති ගෙදර ඇරියේ කවුද ?

DLoudT

Member
Jul 9, 2015
93
8
0
හඳුන්නෙත්ති ගෙදර ඇරියේ කවුද ?

aba9c77352b3c78568fdc0c729cfa186_L.jpg


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට හැකිවුණේ නැත. ඒත් සමඟම සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව හඳුන්නෙත්ති මහතා ගැන වැගිරෙන අනුකම්පාවෙන් සහ ඡන්දය නොදුන් මෙන්ම වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය දුන් ජනතාව කෙරෙහි කෝපය, පිළිකුල සහ වෛරය හැඟවෙන ප්‍රකාශ, පෝස්ටර සහ පිටු පවා ජවිපෙ හිතවාදීන් විසින් නිර්මාණය කරන්නට යෙදිණි. බොහෝ මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේම්න්තුව තුළ ක්‍රියාශීලී චරිතයක් වූ බව සැබෑය. නමුත් මෙසේ කුලප්පු වී ජනතාවට බැණ වදින සාප කරන අය හඳුන්නෙත්තිට මුහුණ දෙන්නට වූ සැබෑ තත්වය කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැත.

සුනිල් හඳුන්නෙත්ති වසර ගණනාවක් තිස්සේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. ඔහුට කොළඹ දිස්ත්‍රික්කයෙහි යම් ඡන්ද පදනමක් තිබුණු අතර මෙවර මැතිවරණ ව්‍යාපාරයෙන් නාගරික තරුණ පරපුර සෘජුව ම ඉලක්ක කර තිබුණු බැවින් ඔහුට මෙතෙක් ජවිපෙට නොලැබ්ණු අමතර ඡන්ද යම් ප්‍රමාණයක්ද රැස් කර ගැනීමට අවකාශ තිබිණි. එහෙත් ඔහුට තරඟ කිරීමට සිදුවූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයට මාරු වූ නිසාය.

අනුර කුමාර දිසානායක වසර ගණනාවක් තිස්සේ නියෝජනය කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඔහුගේ එතෙක් පැවති ඡන්ද පදනමට අමතරව පක්ෂ නායකයෙක් ලෙස මෑත කාලීනව අත්කරගත් විශේෂ ආකර්ශනයද, එජාපයෙන් ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කෙරුණු, එතරම් කැපී පෙනෙන චරිතයක් නොවූ අකිල විරාජ්ගේ වාසියද ලබාගෙන ආසනයක් කුරුණෑගලින් දිනා ගන්නට හැකිව තිබුණි. එමෙන් ම මැතිවරණ වේදිකා සහ ඒවායින් කපා ගත් යූටූබ් වීඩියෝ වන්හි ඔහු නිතර සිංහ නාද කළ පරිදි "රාජපක්ෂ මහත්තයෝ, එහෙනම් හැප්පිලා බලමු!" යන්න මහපොළවෙහි කර පෙන්වන්නට තිබුණි. එසේ වූවා නම් එජාප ඡන්ද යම් ප්‍රමාණයක් ඇදගැනීම ඔහුට ඉතා පහසු කාර්යයක් වන්නට තිබිණි. දක්ෂ කථිකයකු හා පක්ෂ නායකයකු වූ නමුත් කයිවාරුවෙහි පමණට ධෛර්යය නොමැත්තෙකු වූ හෙයින් ඔහු ආරක්ෂිත කොළඹ බලා පසු බසිනවා විනා යම් අවදානමක් ගෙන අභියෝග කරන්නට ගියේ නැත. ඔහු පමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ලාල්කාන්ත මහතාද මෙවර කොළඹට මාරු වී තිබුණේ කොළඹින් ආසන දෙකක් ලැබේයැයි බලාපොරොත්තුවෙනි.

තමා වසර ගණනක පදනමක් සහිතව සිටි දිස්ත්‍රික්කයෙන් පිටමං කර ජවිපෙ තරු ගුණයෙහි වාසිය පමණක් ඉලක්ක කර මාතර දිස්ත්‍රික්කයට පිටමං කෙරුණු සැබෑ හේතුව වසන් කරමින් පරාජයෙන් පරළ වූ ජවිපෙ හිතවාදීන් ස්වකීය අන්ධ ස්වභාවය මනාව පෙන්වන්නට වූහ. ඔවුන්ට මුලින් හසු වුණේ ගීතා කුමාරසිංහ සහ නිශාන්ත මුතුහෙට්ටිගම පාර්ලිමේන්තු යැවූ ගාල්ලේ ජනතාවයි. නොයෙකුත් නින්දා අපහාසයන් ගාල්ලේ ජනතාවට එල්ල කරද්දී ඔවුන්ට මඟ හැරුණේ ගාල්ලේ ජනතාවට වුවමනාවක් තිබුණද මාතරින් ඉදිරිපත් වූ සුනිල් හඳුන්නෙත්තිව පාර්ලිමේන්තු යැවීමට බැරි බවයි.

කටින් පමණක් බතල කොළ හිටවනා, පාර්ලිමේන්තුවේ සහ වේදිකා මත ලොරිටෝක් මගින් පමණක් අභියෝග කරනා අනුර කුමාර දිසානායක නම් පක්ෂ නායකයා නිසා හඳුන්නෙත්තිට පාර්ලිමේන්තු වරම අහිමි වූ බව නොකියන ජවිපෙ හිතවාදියෝ දැන් ඔහුව ජාතික ලැයිස්තුවට නම් කරන්නැයි කියමින් ආයාචනා වපුරති. එහෙත් එතැනද පරහක් තිබේ. ආසියාවේ හොඳම ජාතික ලැයිස්තුව ලෙස වරනඟමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන්ගෙන් පිරවූ ජාතික ලැයිස්තුවේ අරමුණු ඉටු වන්නේ පරාජිත මන්ත්‍රීන් පාර්ලිමේන්තු යැවීමෙන්ද යන පැණය ජනතාව හමුවට එන බැවිනි. පර්සක්වල ගසා කියූ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ඉන් ප්‍රශ්න කෙරෙනා බැවිනි.

Source - Lankadaily.com
http://lankadaily.com/latestnews/item/8697-2015-08-19-13-59-40

 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    මේකත් අැත්ත තමා බලනකොට..සෝලංගයටත් අැප නැති උනේ අවිස්සාවෙල්ලෙන් ඉල්ලපු නිසාලු.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ආසියාවේ හොඳම ජාතික ලැයිස්තුව ලෙස වරනඟමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන්ගෙන් පිරවූ ජාතික ලැයිස්තුවේ අරමුණු ඉටු වන්නේ පරාජිත මන්ත්‍රීන් පාර්ලිමේන්තු යැවීමෙන්ද යන පැණය ජනතාව හමුවට එන බැවිනි. පර්සක්වල ගසා කියූ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ඉන් ප්‍රශ්න කෙරෙනා බැවිනි
    :rofl::rofl:
     
    • Like
    Reactions: dimuthmike