සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා.
හිටපු ගරු විගනකාධිපතිතුමා. (2000-2006)
අති විශිෂ්ට රාජ්‍ය සේවකයෙක් සහ පරිපාලකයෙක් ලෙස අති මහත් වූ කීර්තියක් දිනා ගත් නිකැලැල් සේවාවක් සහිත රාජ්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකටයි. එතුමන් ඉදිරියේ ඒ කාලේ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා කල, යටි මඩි ගැහූ නිලධාරීන්, දේශපාලකයන් වෙව්ලුවා. ඉතාම ශක්තිමත් පිට කොන්දක් සහිත මනුස්සකම් දන්නා කෙනෙක්. මේ රටේ මූල්‍ය විනයක් ඒ කාලයේ ඇති වුනා ද ඒ ඇති වුනේ මෙතුමා ගේ අනනුකම්පීය, දැඩි, විගනන ක්‍රමවේද නිසායි. එපමණක් නොව එතුමා කෝප් කමිටු ඉදිරියේ කෙලින් ම ඒ අදාල නිලධාරීන් සහ අමාතයවරුන් නම් කිරීමට මැලි වූයේ නෑ.