හඳුනාගන්න “Face Book” අවදානම් සහිතයි, ප්‍රවේසමෙන්…

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    හඳුනාගන්න “Face Book” අවදානම් සහිතයි, ප්‍රවේසමෙන්…

    “ෆේස් බුක්” යනුවෙන් සඳහන් කල විට වත්මන් ලෝකයේ අති බහුතරයක් දෙනාට ඒ කුමක්දැයි තව තවත් විස්තර කිරීම් අවශ්‍ය නොවේ. මේ වනවිට ලොව අංක 1කේ සමාජ ජාල වෙබ් අඩවිය බවට පත්ව තිබෙන්නේ ෆේස්බුක්ය. සිංහල ඌරුවට සකසාගෙන කිවහොත් මුහුණු පොතය. මේ වන විට ෆේස් බුක් හි සාමාජිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 800කි. ශ්‍රී ලංකාවේ සිටින ෆේස් බුක් ‘යුනික් යුසස්ලා‘ හෙවත් ‘නිත්‍ය සාමාජිකයන්‘ ගණන කිව හැක්කේද මිලියන ගණන් වලිනි.

    මේ ආකාරයට ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය ලෝක ව්‍යාප්ත ජාලය ඔස්සේ ලොව පුරා ව්‍යාපත් වීමත් සමගම ඇති වූ ෆේස්බුක් උප සංස්කෘතිය නිසා සිදුවූ නොයෙකුත් හොඳ, නොහොඳ ක්‍රියාකාරකම් පිලිබදව අප රටෙන් පමණක් නොව සමස්ත ලෝකයාගෙන්ම අපට නිරතුරුව අසන්නට ලැබේ. ෆේස් බුක් වෙබ් අඩවියේ ඇතැම් වෙබ් පිටු සදහා සීමිත වාරණයක් පැනවීමට රජය තීරණය කරන්නේද පසුගිය කාලයේ ෆේස් බුක් හරහා සිදුවූ අපරාධයන් වේගයෙන් ඉහල ගිය බැවිනි.

    ඒ කෙසේ වුවද මේ කතා කරන්නට යන්නේ මුහුණු පොත නිසා සිදුවන සමාජ අපරාධ පිලිබදව නම් නොවේ. ෆේස් බුක් වෙබ් අඩවිය භාවිතා කිරීම නිසා ඔබට, මට මුහුණ දීමට සිදුවිය හැකි වෙනස්ම ආකාරයේ අනෙක් පැති කඩවල් පිලිබදවයි.

    කාලයෙන් කාලයට ලෝකය පුරා උන්මාදයන් පැතිර යයි. වර්තමාන කාලයේද ඉතා වේගයෙන් එක්තරා උන්මාදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට සමාජ විශ්ලේෂකයන් අනතුරු අගවා තිබේ. ඒ වෙන කිසිවක් නොව, ‘ෆේස් බුක් වෙබ් අඩවියට පිවිසීමේ උන්මාදයයි‘. මේ තත්වයට “Facebook Addiction Disorder” ලෙස සමාජ විශ්ලේෂකයන් විසින් නමක්ද ලබාදී තිබේ. මෙය සිංහලට හරවා ගතහොත් ‘ෆේස් බුක් වෙත ඇබ්බැහි වීමේ ආබාධය‘ ලෙස කිව හැක. මෙය මානසික රෝගයක් යැයි තවමත් නිසැකවම තීරණය කර නැතත් පොදුවේ මෙම තත්වය ‘උන්මාදයක් නැත්නම් ඇබ්බැහියක්‘ ලෙස පිළිගනු ලැබේ.
    FAD හෙවත් “Facebook Addiction Disorder” පිලිබදව මේ වන විට ලොව ප්‍රකට සමීක්ෂණ ආයතන ගණනාවක් විසින් පරීක්ෂණ මෙහෙයවා තිබේ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා පරීක්ෂණය කර තිබුනේ “oxygen media හා Lightspeed Research“ යන සමීක්ෂණ ආයතන යුගලය විසිනුයි.

    මෙම සමීක්ෂණයට වැඩිහිටියන් 1605ක් සම්බන්ධ කරගෙන තිබුනි. මෙහිදී හෙලිවූ කරුණු මඟින් අනවශ්‍ය ආකාරයට ෆේස්බුක් වෙත නැඹුරු වීමේ විපාක අපූරුවට තේරුම් ගත හැක. සමීක්ෂණයට සහභාගි වූ වයස අවුරුදු 18ත් 38ත් අතර කාන්තාවන්ගෙන් 34% පැවසූවේ තමන් උදෑසන අවදි වීමෙන් පසුව සිදු කරන පලමු කටයුත්ත තම ෆේස් බුක් ගිණුම පරික්ෂා කිරීම බවයි. ඔවුන් මුහුණු කට සෝදා ගන්නෙත් ඉන්පසුවය.
    කාන්තාවන්ගෙන් 21% පැවසුවේ මාධ්‍යම රාත්‍රියේ ඇහැරී ෆේස්බුක් ගිනුම පරික්ෂා කිරීමට තමා පුරුදු වී සිටින බවයි.

    සමීක්ෂණයට යොමු වූ සමස්තයෙන් 58% දෙනා ෆේස්බුක් භාවිතා කරන්නේ “වියරු වැටුනු පුද්ගලයන් ආකාරයට බැව්“ සමීක්ෂණ ආයතනය පෙන්වා දී තිබේ. මේ පිලිබදව තවදුරටත් අදහස් දැක්වූ සමීක්ෂණ ආයතනය පෙන්වා දී ෆේස් බුක් උන්මාදයට බහුලව ගොදුරුව සිටින්නේ නව යොවුන් වයසේ ගැහැණු ළමයි බව පෙන්වා දී තිබේ.

    මේ තත්වය මේ ආකාරයෙන්ම ලාංකික සමාජයට බලපා ඇතැයි අප කියන්නේ නැත. එනමුත් ෆේස්බුක් නිසා යම් තරමකට හෝ අපේ සමාජයද, විශේෂයෙන් තරුණ ප්‍රජාවට බලපෑම් සිදුවන බව පිළිගැනීමට සිදුවන කරුණකි. මේ වනවිට ලංකාවේ බහුතරයක් පුද්ගලික ආයතන විසින් තම පරිගණක ජාලය හරහා ෆේස් බුක් වෙත පිවිසීමේ හැකියාව වාරණය කර තිබේ.
    සමාජ ජාල වෙබ් අඩවියක් වන “ෆේස් බුක්“ යකෙක් හෝ රකුසෙක් නොවේ. එනමුත් “වැඩි සෙනේ දබරෙටයි“ කියන්නාක් මෙන් අනවශ්‍ය ආකාරයට නිරතුරුවම ෆේස්බුක් වෙත යොමුවීම ඔබේ ජීවිතය පසුගාමී කරලීමටත්, ජීවිතයේ නොයෙක් ආකාරයේ ගැටුම් ඇති කිරීමටත් හේතුවනු ඇත. ඇමරිකානු මනෝ වෛද්‍ය විශ්ලේෂකයින් පවසන්නේ නිරතුරුවම ෆේස්බුක් සමග බැදී සිටීම, එක්තරා ආකාරයකින් “සයිබර් මත්ද්‍රව්‍යයක්(Cyber Drug)“ ලබා ගැනීමට සමාන බවයි. ඇබ්බැහියක් ඇතිවීමට ගත වන්නේ සුළු කාලසීමාවකි.
    ඇතැම් පුද්ගලයින් උදෑසන අවදි වූ සැනින් තම ෆේස් බුක් ගිනුම පරික්ෂා කර එය යාවත්කාලීන කිරීම(update) කරති. ඉන්පසු දිනකට 5-6 වතාවක්වත් තම ගිනුම පරික්ෂා කරති. පැය 4-5ත් සහ අතර ෆේස් බුක් වෙනුවෙන් මරා දමති. මෙම තත්වය දිගින් දිගටම පැතිරවීම යනු අනිවාර්යෙන්ම Facebook Addiction Disorder තත්වයයි. එනම් ෆේස්බුක් උන්මාදයයි.

    ෆේස් බුක් උන්මාදය හදුනා ගැනීමට මනෝ වෛද්‍ය චිකිත්සකයින්ම අවශ්‍ය නොවේ. ඔබ මෙතෙක් ෆේස් බුක් උන්මාදය හෙවත් Facebook Addiction Disorder පිලිබදව දැන සිටියේ නැත. නමුත් දැන් ඔබ දනී. පහත සරල කරුණු කාරණා හොඳින් විමසා බැලීමෙන් ඔබත් අවදානම් තත්වයේ පසුවනවාදැයි පහසුවෙන් වටහා ගනු ඇත.
    * ඔබේ එදිනෙදා වැඩ කටයුතු, අධ්‍යාපනයට වෙන්ව ඇති කාලය, සමාජ ස්වේච්ඡා කටයුතු, ඔබේ විනෝදාංශය, ඔබේ ප්‍රියතම ටෙලි නාට්‍යය ආදිය අමතක කර දමා ෆේස් බුක් වෙබ් අඩවිය පරික්ෂා කිරීමටත්, ඔබේ සහ ඔබේ පවුලේ ඡායාරූප අප්ලෝඩ් කිරීමටත් පෙළඹී සිටිනවාද ?

    * ඔබේ ජංගම දුරකථනය හරහා දිනකට කීප වරක් ෆේස් බුක් වෙත පිවිසෙනවාද ? එසේත් නැතිනම් ඔබේ සහ ඔබේ ෆේස් බුක් මිතුරන්ගේ ගිනුම් පිලිබදව නිරතුරුවම තොරතුරු දැනගැනීමේ “දොල දුකක්“ ඔබට තිබෙනවාද ?
    * ඔබේ සහකරුගේ,සහකාරියගේ, ඔබේ දෙමව්පියන්ගේ, පක්ෂ විපක්ෂ කරුණු දැක්වීම් තර්ක විතර්ක හා එකඟ නොවීම් මධ්‍යයේ ඔබ වෙනදා මෙන්ම ෆේස් බුක් පරිහරණය කරනවාද ?
    * කිසිම ආකාරයකින් දන්නේ, හදුනන්නේ නැති පුද්ගලයින් ඔබේ මිතුරු මිතුරියන් ලෙස ඇතුළු කරගනිමින් ඔබගේ ෆේස් බුක් ගිනුම විශාල කරගැනීමේ “පිස්සුවකින්“ පෙලෙනවාද ?
    ප්‍රවේසම් වන්න ! මෙය “FAD” තත්වයේ ප්‍රධානතම ලක්ෂණයක් ලෙස සැලකේ.
    * ෆේස් බුක් තුලින් යම් පුද්ගලයෙකු සොයාගත නොහැකිවූ විට ඔබ ඒ පිලිබදව ඉච්ඡාභංගත්වයට පත්වෙනවාද ?

    * අවම වශයෙන් දිනකට 3 වතාවක්වත් ෆේස් බුක් ගිනුම පරික්ෂා කරනවාද ? දිනයේ පලමු කාර්යය වශයෙන් ෆේස් බුක් පිරික්සීමත් ඔබේ විවේක කාලයෙන් වැඩි ප්‍රමාණයක් ෆේස් බුක් වෙත වැයකිරීමත් ඔබේ කාර්යයක්ද ?
    * ඔබේ සහ ඔබේ පවුලේ ඕනෑම ඡායාරූපයක් ෆේස් බුක් වෙත ඇතුළු කිරීමට (අප්ලෝඩ්) කිරීමට ඔබ පෙලඹෙනවාද ?

    ඉහත කරුණු වලින් 5කට හෝ ඊට වැඩි ප්‍රමාණයකට ඔබේ පිලිවෙත “ඔව්“ යන්න නම්, වහාම ෆේස්බුක් වෙතින් මඳක් ප්‍රවේසම් වන්න. එය ඔබේ ජීවිතයට පමණක් නොව ඔබ වටා සිටින අන්‍යයන්ගේ ජීවිත වලටද හොඳ වාතාවරණයක් ලබාදෙනු ඇත.

    අනෙක් අතට, “ෆේස් බුක් උන්මාදය“ නිර්ණය වන්නේ ඔබ ෆේස් බුක් තුල රැදි සිටින කාලය මතම නොවේ. එදිනෙදා ජීවිතයේ ඔබගේ රාජකාරි, යුතුකම්, වගකීම් පැහැර හරිමින් ෆේස් බුක් තුල කාලය ගත කරයිද යන්න මතයි. නමුත් යමෙකු ෆේස් බුක් උන්මාදයට යොමු කරවන ප්‍රධාන සාධකය ඔහු ෆේස් බුක් තුල ගත කරන කාලය බව අමතක නොකල යුතුය.
    පාසල් වියේ සොඳුරු මතක අවදි කරගැනීමටත්, රට රටවල යාළුවන් හදුනාගැනීමටත්, දුරස් වෙමින් පවතින හිතවත්කම් අළුත් කරගැනීමටත් වර්තමාන සයිබර් අවකාශයේ ඇති හොඳම සේවාවක් ලෙස “ෆේස්බුක්“ හැදින්විය හැක.

    “ඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා“ යැයි කටවහරේ කියන්නාක් මෙන්ම, ෆේස් බුක් වුවද භාවිතා කල යුත්තේ සීමාවක් තබා ගනිමිනි. ඊට ගැටළුවක් ඇත්තේ නැත. මේ වදන් පෙල තිබුනේද ෆේස් බුක් තුලමය. ඒ තුල සිතන්නට යමක් තිබේ.
    “ මිනිසා ෆේස් බුක් අප්ලෝඩ් කරයි; ෆේස් බුක් මිනිසා ඩවුන්ලෝඩ් කරයි “
    -


    මේකේ ඇත්තක් තියෙනවා එකයි දාන්න හිතුනේ මට.....:yes::yes::yes::yes::yes::yes:

    සැ.යු. මෙය මන් කියන එකක් නෙමේ උපුටා ගැනීමකි. ලියල තියෙන්නේ.

    -පී.ඒ.දර්ශන චන්දිමාල්-
     

    Similar threads