හබරණ ඇතාට සීගිරියෙදී වෙඩි තියල මරලා
හබරණ ඇතාට සීගිරියෙදී වෙඩි තියල මරලා
http://www.mawbima.lk/40-79504-news-detail.html
සීගිරියේදී තවත් දළ ඇතකුට ජීවිතය අහිමි වුණා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. අපේ රටේ මිනිසුන්ගේ තියෙන තණ්හාව නිසයි. රටට ලෝකෙට සම්පතක් වුණු දළ ඇතෙක් මරලා දාල ඒ ඇතාගේ දළ දෙක කපාගෙන තමන්ගේ ජීවිතය ජීවත් කරන්න තරම් පහත් තැනට වැටුණු මිනිස්සු අපේ රටේ ඕන තරම්. ඒ වගේ පාපතරයන්ගේ තවත් ආත්මාර්ථකාමී වැඩක් නිසා සීගිරියේ බටුයාය වෙලේදී හබරණගේ ඇතාගේ ජීවිතයත් අවසන් වුණා.
අවුරුදු 35-40ක් විතර මේ සද්දන්තයාගේ උස අඩි නවයකට වැඩියි. දළ දෙකත් අඩි තුනක් විතර දිගයි. ඇතාගේ දළ දෙක ගන්න හිතාගෙන ඇතාට වෙඩි තියන්න ඇති කියලා තමයි සැක කරන්නේ.
ඒ මොන අදහසින් ඇතාට වෙඩි තිබ්බත් සිද්ධ වුණේ වඳවෙලා යන අපේ ඇත් පරපුර නියෝජනය කරපු තවත් එක් සද්දන්තයෙක් රටට අහිමි වීම විතරයි.
අලි-මිනිස් ගැටුම අද වෙනකොට ලංකාවේ ලොකු ගැටලුවක් වෙලා. ඒ ඒ අවස්ථාවෙදි ප්‍රබල වෙන චරිතය දුබලයාව විනාශ කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න කටයුතු කරනවා. ඒ නිසයි එක් වෙලාවකදි අලින් මිය යන්නෙත් තවත් වෙලාවකට මිනිස්සු මිය යන්නෙත්.
ඒක වෙනමම කතාවක්. සීගිරියෙදි පාපතරයෙක්ගෙන් වෙඩි කාලා අකාලේ මරණයට පත් වුණු මේ ඇතා ගැන වෙනම පැත්තකින් කතා කරන්න වෙනවා. ඒක තමයි අපේ රටේ අලින්ගේ ජීවිතවල තියෙන දුක්බර පැත්ත. මේ ඇතා තමයි හබරණ කුණු වළේ කුණු කන්න ප්‍රසිද්ධ වෙලා හිටපු ඇතා. ඇතාගේ මරණ පරීක්ෂණයට කපලා බලද්දි ඇතාගේ බඩවැල්වල තිබුණේ පොලිතින්, යෝගට් කෝප්ප වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි මේ ඇතාගේ අභ්‍යන්තර මේද තට්ටුව අසාමාන්‍ය විදියට තිබුණා. හදවතේ පවා මේදය තැන්පත් වෙලා තිබුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ඇතා අසීමිත විදියට "ඉඳුල්" කාලා තියෙනවා කියන එකයි.
ඒ විදියට ඇතාගේ ඇතුළු පැත්ත ගැන අපිට කිව්වේ පොළොන්නරුව සහ ත්‍රිකුණාමල කලාප භාර පශු වෛද්‍ය නිලධාරි ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා.
අද ලංකාවේ ඉන්න අලි ඇතුන්ගේ ආහාර රටාවන් සෑහෙන වෙනස් වෙලා. දවසෙන් දවස කැලෑ ගහනය අඩු වෙනකොට අලින්ට ආහාර හොයාගන්න ප්‍රශ්න මතු වෙනවා. එතකොට අලි අහුවෙන දෙයක් කාලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට ඒ 'ඉඳුල්ද" පොලිතින්ද කියලා නැහැ. තියෙන ඕන දෙයක් කන්න අලි හුරු වෙනවා. ඒ තමයි අපේ සමහරු මහ ලොකුවට කතා කරන අපේ රටේ අලින්ගෙ ඇත්ත.
අපේ රටේ හරිහටි අලි කළමනාකරණ වැඩපිළිවෙළක් නැති නිසා මේ ප්‍රශ්න දවසෙන් දවස ඉහළ යනවා. කොහේ හරි අලියෙක් මැරුණොත් හරි අලි ගහල මනුස්සයෙක් මැරුණොත් හරි අලි මිනිස් ගැටුම ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ සඳහා වෙන් වෙච්චි දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ අවශ්‍යතාව ඉටු කරන්න අපේ රටේ කිසිම බලධාරියෙක් හරි නිලධාරියෙක් හරි කටයුතු කරන බවක් නම් අපිට පේන්න නැහැ.
නමුත් ඒ වැඩසටහන සඳහා අලුත් මුහුණුවරක් දීලා අලුත් විදියේ රටට ගැළපෙන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙලා තියෙනවා.
මොකද සීගිරියෙදි වෙඩි කාලා මැරුණු "හබරණ ඇතා" ලංකාවෙදි මැරුණු අවසාන ඇතා නෙවෙයි. හැබැයි ඒ ඇතා ලංකාවෙදි අකාලේ මැරෙන අවසන් ඇතා බවට පත් කරන වැඩපිළිවෙළක් හදන්න අවශ්‍ය කාලේ ඇවිත් තියෙනවා.
හැබැයි ඒ සඳහා අවශ්‍ය වෙන්නේ අලියෙක්, ඇතෙක් මැරුණොත් ලකුණු දාගන්න එන නිලධාරීන් බලධාරීන් නෙවෙයි. ඇත්තටම අලින්ට-ඇතුන්ටත් මිනිසුන්ටත් එක වගේ ආදරය කරන බලධාරීන් නිලධාරීන් විතරයි.
දිලංක ගුණතිලක