"හබල්" වෙනුවට "ජෙම්ස් වෙබ්
මේවන විට අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී දැවැන්ත මෙහෙයක් ඉටුකරමින් සිටින හබල් දුරේක්ෂයට තවත් වසර දෙකකින් පමණ සමුදීමට නාශා විද්‍යාඥයෝ සැලසුම්කොට තිබේ. ඒ වෙනුවට ඔවුන් අති නවීන පහසුකම්වලින් සමන්විත ජෙම්ස් වෙබ් නැමැති දුරේක්ෂය සේවයේ යෙදවීමට ලහි ලහියේ සූදානම් වෙති.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වෙනුවට අභ්‍යවකාශ ගත කිරීමට නියමිත මෙම ජෙම්ස් වෙබ් දුරෙක්ෂය හබල් දුරේක්ෂයට වඩා බෙහෙවින් විශාලවේ. අධෝරක්ත කිරණ දුරේක්ෂයක්වන මෙහි අවනෙත මීටර් 6.5ක් පමණවේ. එය ශඩශ්‍රාකාර කණ්ණාඩි 18 ක එකතුවකින් සමන්විත වේ. ඇල්බමාවේ අක්සිස් ටෙක්නොලොජිස් (Axsys Technologies) සමාගම නාසා ආයතනය වෙනුවෙන් මෙම කණ්ණාඩි නිර්මාණය කිරීමේ වගකීම භාරගෙන තිබේ.
මෙම දුරේක්ෂය නිපදවීමේ ව්‍යාපෘතිය 2002දී NGST(Next Generation Space Telescope) ලෙස නාසා ආයතනය විසින් නම් කරනු ලැබීය. European Space Agency (ESA), සහ Canadian Space Agency (CSA) ය නාසා ආයතනය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. Goddard Space Flight Center විසින් මෙහි සංවර්ධන කටයුතු සිදුකරයි. දුරේක්ෂය කක්ෂගතවීමෙන් අනතුරුව Space Telescope Science Institute විසින් එහි පාලන කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙම දුරෙක්ෂය 2014 අගදී කක්ෂගත කිරීමට සැලසුම්කර තිබේ. මෙය කක්ෂගත කිරීමේ ප්‍රධාන අරමුණු 4කි. මහා පිපුරුමත් සමඟ විශ්වයේ බිහිවූ චක්‍රාවාට වලින් නිකුත්වන අධෝරක්ත තරංග අධ්‍යයනය කිරීම. චක්‍රාවාට බිහිවීම හා ඒවායේ විකාශය පිළිබඳව අධ්‍යයනය කිරිම. චක්‍රාවාටවල පවතින සෞරග්‍රහ මණ්ඩල පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සෞරග්‍රහ මණ්ඩලවල පවතින ග්‍රහලෝකවල කිසියම් ජීවයක් පවතී නම් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීම යනු එම ප්‍රධාන අරමුණු හතරයි.
ඒ අනුව පෘථිවිය මෙන් ජීවීන් සහිත ග්‍රහලෝක හඳුනාගැනීමට ජෙම්ස්වෙබ් සමත්වේ නම් එය නිසැකවම මානව ශිෂ්ටාචාරයේ නව පරිච්ඡේදයක නොමැකෙන සටහනක් තබනු ඇත.
මේවන විට අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී දැවැන්ත මෙහෙයක් ඉටුකරමින් සිටින හබල් දුරේක්ෂයට තවත් වසර දෙකකින් පමණ සමුදීමට නාශා විද්‍යාඥයෝ සැලසුම්කොට තිබේ. ඒ වෙනුවට ඔවුන් අති නවීන පහසුකම්වලින් සමන්විත ජෙම්ස් වෙබ් නැමැති දුරේක්ෂය සේවයේ යෙදවීමට ලහි ලහියේ සූදානම් වෙති.
ඒ අනුව පෘථිවිය මෙන් ජීවීන් සහිත ග්‍රහලෝක හඳුනාගැනීමට ජෙම්ස්වෙබ් සමත්වේ නම් එය නිසැකවම මානව ශිෂ්ටාචාරයේ නව පරිච්ඡේදයක නොමැකෙන සටහනක් තබනු ඇත.
ම්ම හිතන්නේ මේ උබේ දෙවනි ත්‍රෙඩ් එක වෙන්න ඇති දෙකම වැදගත් දේවල් ඔන්න මම ගානේ රෙප්++