හමට යටින් මයික්‍රෝවිප්

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
හමට යටින් මයික්‍රෝවිප්

මේක ලංකාවේ වෙච්ච සිද්දියක් නෙවේ එංගලන්තේ සිද්ධ වුන සිද්ධියක්. ඒ වගේ දියුණු රටවල තියනවානේ හුමාල ස්නාන ගන්න පුලුවන් තැන්(ඉංග්‍රීසියෙන් මෙහෙම තැන් වලට කියන්නේ Sauna කියලා). ඉතින් මේ වගේ තැනක කාන්තාවෝ තුන් දෙනෙක් වාඩි වෙලා හිටියා,මේ අයගෙන් දෙන්නෙක් තරුණ අය,අනිත් කෙනා නම් මැදි විය පහු කරපු කෙනෙක්.

ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට හදිසියේම "බීප්...බීප්..."කියලා සද්දයක් ආවා.

... එතකොට එක තරුණ කාන්තාවක් තමන් ගේ දකුණු උරහිස අනෙක් අතින් තද කලා,එතකොටම බීප් සද්දේ නැවතුනා. දැන් අනිත් දෙන්නට මේක හරි ප්‍රශ්ණයක්,ඒ දෙන්නා පුදුමෙන් වගේ අරයා දිහා බලාගෙන ඉන්නවා.

"ඒ මගේ පේජර් එක...:shocked::shocked:මගේ උරහිසේ හමට යටින් මම මයික්‍රෝචිප් එකක් තැන්පත් කරලා තියෙන්නේ" අර කාන්තාව ආඩම්බරෙන් උත්තර දුන්නා.

මෙහෙම තව මිනිත්තු කීපයක් යනකොට 'ට්‍රීං...රීං..." ගාලා ෆෝන් එකක් නාද වෙන සද්දයක් ආවා.එතකොට දකුණු අත කනට තියා ගත්ත අනෙක් තරුණ කාන්තාව කාත් එක්කදෝ හරි හරියට කතා කරන්න පටන් ගත්ත. ඇමතුම ඉවර උනාට පස්සේ අනෙක් දෙන්නා දිහා බලපු තරුණ කාන්තාව

"ඒ මගේ ෆෝන් එක...:shocked::shocked:මගේ අල්ලේ හමට යටින් මයික්‍රෝවිප් එකක් තැන්පත් කරලා තියෙන්නේ"කිව්වා.

දැන් මැදි වයසේ කාන්තාවට ගොඩක් අවුල්,ඇයි ඉතින් තරුණ කාන්තාවෝ දෙන්නාට වගේ නවීන තාක්‍ෂණික මෙවලම් මෙයා ලග නෑනේ. ඒත් මෙහෙම ඉදලා බෑ මොනව හරි කරන්න ඕනි කියලා හිතපු මෙයා ගියා එලියට,එලියට ඇවිත් කෙලින්ම ගියේ ඒ ලග තිබුනු බාත්රූම් එකට. බාත් රූම් එකේ ටික වෙලාවක් ගත කරපු මෙයා ආයෙත් ආවා.

එනකොට මෙයාගේ පිටිපස්ස පැත්තෙන් ටොයිලට් පේපර් කෑල්ලක් එල්ලෙනවා.මේක දැකපු තරුණ කාන්තාවෝ දෙන්නා පුදුමෙන් මෙයා දිහා බලාගෙන් හිටියා.

අන්තිමේදී මැදි වයසේ කාන්තාව ඇගට පතට නොදැනී මෙහෙම කිව්වා.


"බලන්න අද නිවාඩු දවසෙවත් මට සැනසිල්ලේ ඉන්න නෑනේ...අදත් ඔෆිස් එකෙන් ෆැක්ස් එකක් එවලා":lol::lol::lol::lol::lol:

387488_294260383946479_193218727383979_772525_1041615670_n.jpg