හමර් හැදිල්ල

Japan mechanic

Junior member
  • Nov 2, 2020
    5
    36
    13
    ලංකාවෙ ලෝඩ් පකීර් ටයිප් වාහනයක් වුන හමර් එක ගැන කියන්න තමයි ජපන් මිකැනික් අද සූදානම් වෙලා ඉන්නෙ. ඇත්තටම කියනවා නම් මිලිටරි වාහනයක් වුන Humvee රථයෙ ආකෘතිය අනුසාරයෙන් නිපදවපු රෝඩ් ලීගල් රථයක් විදිහට තමයි ඔය හමර් එක මුලින්ම එලියට ආවෙ..

    ඒ 1992 දි වෙලඳපොලට නිකුත් වුනු හමර් H1 කියන සීරීස් එක. මේ බ්‍රැන්ඩ් නේම් එකේ අයිතිය AM general කියන සමාගමෙන් 1998දි General motors සමාගම මිලට ගන්නවා. ලෝකෙටම වහුතු වුන වහුකුණු මරාල අටවන සමාගමක් වෙච්චි ජෙනරල් මෝටර්ස් සමාගම මේ බ්‍රෑන්ඩ් එක මිලට අරගෙන කක්කා කරලා දැම්මෙ නැත්නම් හමර් කියන්නෙ අදටත් මේ මහපොළොව උඩ පවතින වාහන. ඒකට හොඳම උදාහරණය තමයි H1 කියන මාදිලිය. නිශ්පාදනය 2006දි අත්හැරදමන තෙක්ම AM General සමාගම මගින් නිපදවා General motors හරහා විකිණූ H1 වල මාකට් එක අදටත් ඒ විදිහමයි. ගූ නොවී මහපොලොව මතඅදටත් පවතින වාහන..

    තමන්ගේම නිශ්පාදනයක් විදිහට 2002දි Hummer H2 නිශ්පාදනය කරන ජෙනරල් මෝටර්ස් සමාගම තමන්ගෙ ජරහන්ත ලොංපකීර් චීන ඉලෙක්ට්‍රොනික්ස් සහ අවශ්‍යතාවය නිසා නැතිව තියෙන නිසා පාවිච්චි කරන අහවල් ඉන්ද්‍රියේ පද්ධති මේකට ඇතුලත්කරලා තඩි සයිස් ගොං මීමෙක් ඇට තලලා සොපින් බෑග් වලින් ඔතලා වෙලඳපොලට ඉදිරිපත් කලා. ඔන්න මිතුරනේ හමර් වල මළගම පටන් ගත්ත තැන. මේ තඩි සයිස් මීමා පෙට්‍රල් ටැංකිය බීලා ඉවර කරනවා විතරකින් නොනැවතී නානාප්‍රකාර ලෙඩ දෙන්න පටන් ගත්තා. Program issues, battery issues, වගෙ එව්වට අමතරව මේ මගුල හදලා තිබ්බ ප්ලාස්ටික් සහ ෆයිබර් කන්දරාව නිසා කාලයත්‍ එක්ක අව්වට වැස්සට අජපල් වෙන මැටීරියල් අරාබි රටවල් වල යූසර්ලට එහෙම සෑහෙන ආතල් දුන්නා. ඒ මදිවට ජෙනරල් මෝටර්ස්ලගෙ තියෙන අජපල්ම ට්‍රාන්ස්මිශන් ටිකත් අපරාදෙ කියන්නෙ නැතිව ඔබලා දැම්මා 4L60 4L65 කියන 4 forward ට්‍රාන්ස්මිශන් දෙක වගෙම 6L80 කියන 6 forward ට්‍රාන්ස්මිශන් එකත් මෙව්වගෙ ඔබලා ආවා.



    2005 දි H3 රථය හඳුන්වා දුන් ජෙනරල් මෝටර්ස් සමාගම 2009 දි H2 නිශ්පාදනය කස්ටමර් රිවීව් සහ කම්ප්ලේන් නිසාම නවත්වන්න තීරණය කරනවා. තුන්වෙනි මාදිලිය විදිහට නිශ්පාදනය වුන H3 ගැනත් ඉතින් කියන්න තියෙන්නෙ අර උඩ කරුණු ටිකම තමයි. ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රිකල්ස් සහ දෙපැත්තටම නැති ඉන්ලයින් 5 සිලින්ඩර් එන්ජිම එක්ක 4speed ඔටෝමැටික් ගියර්සිස්ටම් එක නොසෑහෙන්න ටෙක්නීශියන්ලට වද දුන්නා.. ඒ කාලෙ හමර් දකිනකොට ටෙක්නීශියන්ලා හැංගෙනවා. v8 එන්ජිමක් සහ මැනුවල් 5Speed ගියර පද්ධතියක් සහිතව සාමාන්‍යයෙන් දුවාගන්න පුළුවන් මට්ටමේ කිහිපයක්. ඒ ඇරුණහම ඉතිරි සියල්ල අම්බ වහුකුණු. හදලා ගෙදර අරගෙන යන ගමන් කැඩුණු හමරුත් තිබ්බා කියලා කියනවා නෙ.. කොහොමහරි හොඳට තිබ්බ බ්‍රෑන්ඩ් එකකට අවුරුදු 12ක් තිස්සෙ පශ්චාත් භාගෙ රමණය කරපු ජෙනරල් මෝටර්ස් සමාගම 2010දි හමර් නිශ්පාදනය අත්හැරලා දැම්මා.

    අදටත් ඔය H2 H3 අරගෙන ගියහම වර්ක්ශොප් වල එවුන් ටිකක් අදිමදි කරලා තමයි බාරගන්නෙත්.. ලංකාවෙන් පිටත මාකට් එක නම් අමු කක්කා.. රුපියල් ලක්ශ 6ට 7ටත් විකිණෙන H3 ඕනෙ තරම්.. H2 මාකට් එකත් උපරිමය ලක්ශ 20ක් වගෙ හොඳම තත්වෙ එකක් ගන්න පුළුවන්.



    ඉතින් ඔන්න ඔය විදිහෙ අම්බ වහුතු දෙමළ වහුකුණු අටවපු ජෙනරල් මෝටර්ස් සමාගම අන්න දෙයියනේ කියලා 2022ට ඕල්ඉලෙක්ට්‍රික් හමර් EV එකක් එලිදක්වලා. 😂 ගූ බාල්දියයි හුජ්ජ කෝප්ප බාගයයි කිව්වලු.. සෙමිඔටොනෝමස් ඩ්‍රයිවින්, ෆුල් ටච් කන්ට්‍රෝල්ස්, ඕල් වීල් ස්ටියරින්, සුපර්කෘස්, ෆුලි ඇජස්ටබල් එයා සස්පෙන්ශන් තව අනන්මනන් එක්ක තමයි මේ පහල තියෙන අලුත් අයිටම් එක දෙන්න යන්නෙ. ජපන් ඇහෙන් බලලා නාඩියට කියන්නම් ඔය උට්ට අවුරුදු 10ක් හදන්නෙ නෑ. සෙකන්ඩ් හෑන්ඩ් බල්ලෙක් ගන්නෙත්නෑ.. 😂 එච්චරට හොඳයි එයාලගෙ ඉතිහාසය.. හමර් පෑන්ලා ඉන්නවනම් රෙද්ද උස්සගෙන එන්න එපා. ඉලුක් ගාලක වටයක් දුවලා එන්න ඔහොමම..



    එහෙනම් ජපනා ගියා..
    🖐 අරිගතෝ..
     

    Attachments

    • 86406900-2D2C-48C6-8BFA-64AB324FC1AF.jpeg
      86406900-2D2C-48C6-8BFA-64AB324FC1AF.jpeg
      25.2 KB · Views: 137
    • 218BD58F-F06A-4B7F-B155-011883A53A16.jpeg
      218BD58F-F06A-4B7F-B155-011883A53A16.jpeg
      62.1 KB · Views: 159
    • 5F354FD5-5AD1-422C-B1C8-4A65D636E991.jpeg
      5F354FD5-5AD1-422C-B1C8-4A65D636E991.jpeg
      161.6 KB · Views: 144
    • C9E972C0-F484-4B19-A1C2-D533E268D9BB.jpeg
      C9E972C0-F484-4B19-A1C2-D533E268D9BB.jpeg
      102.5 KB · Views: 154

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    "වහුතු" මේ වචනෙ අහලා නෑ.
    තේරුම මොකද්ද.
    ලොකුවෙලා හමර් එකක් ගන්නවා කියලා හිටියෙ 😞
    වෙන එකක් ගන්න ඕන