හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් පිළිබදව, චීන සමාගමක්, කෘෂිකර්ම අමාත්‍යංශයට යෝජනා කර ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.
“ඇල්ෆැල්ෆා” යන නමින් හදුන්වන මෙම තෘණ විශේෂය, මෙරට තුළ වගා කරන්නේ චීනයට අපනයනය කිරීමේ අරමුණ ඇතිවයි.
මේ සම්බන්ධයෙන් මේ වන විටත්, අදාල චීන සමාගම, කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බව ද පුවත්පත වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න මුලින්ම පරීක්ෂා කර බැලිය යුතුව තිබේ. ඉන් පසුව, ව්‍යාපෘතියට අදාල ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත ය.
මෙම තෘණ විශේෂය යොදා ගනිමින් සිදු කරන සත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද අදාල චීන සමාගමේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

