හම්බන්තොට වරායෙන් රටම ගොඩ ගන්න හැටි...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හම්බන්තොට වරායෙන් රටම ගොඩ ගන්න හැටි...

    හම්බන්තොට වරායෙන් රටම ගොඩ ගන්න හැටි...

    -සංවේගයෙන් ලියමි


    වත්මන් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් හා තම පාලන කාලයේ චීනය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා කර තිබූ ගිවිසුමක් ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කරයි.


    හම්බන්තොට වරාය ගණුදෙනුව


    හම්බන්තොට වරායේ අනාගතය මේ අවස්ථාවේදී සාකච්ඡා වෙමින් පවතින නිසා, ඒ සම්බන්ධයෙන් මගේ අදහස් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මේ වරාය ඉදිකිරීමට පළමු අදියර සඳහා ඩොලර් මිලියන 450 ක් ද, තෙල් ටැංකි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 70ක් ද, දෙවන අදියර සඳහා ඩොලර් මිලියන 802 ක් ද වශයෙන් ඩොලර් මිලියන 1,322 ක සමස්ථ ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇත. සම්පූර්ණ වරායේ පර්යන්ත හතරකුත්, ජැටි 12කුත් වේ. වරාය පරිශ්‍රයට හෙක්ටයාර 2,000ක් පුරා විහිදුනු නිදහස් වෙළඳ කලාපයක්ද ඇතුලත්ය. මේ භූමිය තුළ ආයෝජකයන්ට භාණ්ඩ නිපදවා කිසිදු බදු ගෙවීමකින් තොරව අපනයනය කල හැකිය. මෙය ඉදිකිරීමට ණය ගැනීමට පෙර අවශ්‍ය සියළු ශක්‍යථා අධ්‍යන කරනු ලැබූ අතර, පොළියද සහිතව ඒ සඳහා වසරකට ණය වාරිකය ඩොලර් මිලියන 111 පමණ වේ. එම මුදල වරාය අධිකාරියේ ක්‍රියාකාරකම් තුළින්ම උපයා ගැනීමට මගේ ආණ්ඩුව සැලසුම් යොදා තිබුණි.


    අළුත් වරායේ මෙහෙයුම් අර්ධ වශයෙන් ආරම්භ වූයේ 2011 දීය. රථ වාහන ගෙන්වීම 2012 දී ආරම්භ වූ අතර හම්බන්තොටට එන වාහන වලින් 70%ක් වෙනත් රට වලට ප්‍රතිඅපනයනය කරනු ලැබේ. 2014 දී හම්බන්තොට වරායට නැව් 335ක් පැමිණි අතර 2015 දී එම ගණන 295ක් විය. මෙම වරායේ මෙහෙයුම් ලාභය 2014 දී රුපියල් මිලියන 900ක් වුණු අතර 2015 දී රුපියල් මිලියන 1,200 ක් විය. වරායක් යනු ශත වර්ෂ ගණනාවක් පවතින දේපොලකි. පලමු වසර කීපය ඇතුලත මොනම වරායකින්වත් විශාල ලාභ ඉපයිය නොහැක. අපේ සැලසුම වූයේ වසර 10ක් ඇතුළත ණය වාරිකත් ගෙවන අතර හම්බන්තොට වරාය ලාභ ලබන තත්වයකට ගෙන ඒමයි.


    මගේ ආණ්ඩුව චයිනා හාබර් හා චයිනා මර්චන්ට් සමාගම් දෙක සමඟ හම්බන්තොට වරායේ කන්ටේනර් පර්යන්තය පමණක් එයට අවශ්‍ය දොඹකර ඇතුළු උපකරණද සපයා අවුරුදු 40 කට කළමණාකරනය කිරීමට ගිවිසුමක් අත්සන් කලේය. මේ යටතේ කන්ටේනර් පර්යන්තයේ හෙක්ටයාර 56 ක භූමිය සඳහා වසරකට එක හෙක්ටයාරයක් සඳහා ඩොලර් 35,000 ක බද්දක් (එනම් වසරකට ඩොලර් මිලියන 1.96 ක්) ගෙවීමට ද, ඒ පර්යන්තය හරහා යන එන සෑම කන්ටේනරයකටම ඩොලර් 2.5 ක ගාස්තුවක් ගෙවිමටද ලංකාව තුළට එන සෑම කන්ටේනරයකටම ඩොලර් 30ක ගාස්තුවක් ගෙවීමටද, නැවිගේශන්, පයිලටින් හා ටොන් ප්‍රමාණය අනුව ගෙවන සාමාන්‍ය වරාය ගාස්තු සියල්ලම ගෙවීමටද චීන සමාගම් එකඟ විය. එම ගිවිසුම ප්‍රකාරව චීන සමාගම් කන්ටේනර් පර්යන්තය පමණක් කළමණාකරනය කරනු ලබන අතර හම්බන්තොට වරායේ අනෙක් සියළුම පර්යන්ත හා හෙක්ටයාර 2,000 ක කර්මාන්ත කලපායද දිගටම වරාය අධිකාරියේ පාලනය යටතේ පවතිනු ඇත. ඒ අනුව කර්මාන්ත කලාපයේ නැව් බඩු වරාය අධිකාරිය යටතේ පාලනය වෙන පර්යන්ත හරහා යන එන විට ඒ සියළු ආදායම් ලැබෙන්නේ වරාය අධිකාරියටය.


    අලුත් ආණ්ඩුවෙන් අමනෝඥ තීන්දු ගණනාවක් ගනු ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ මගේ ආණ්ඩුව හම්බන්තොට කන්ටේනර් පර්යන්තය පමණක් කළමණාකරනය කිරීමට චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් සමාගම් දෙක සමඟ අත්සන් කල ගිවිසුම නොසලකා හැරීමයි. දෙවැන්න වූයේ කොලඹ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘතිය නවතා දැමීමයි. කොළඹ නැගෙනහිර පර්යන්තයේ දොඹකර යනාදිය ගෙන්වා, 2016 සිට එහි මෙහෙයුම් තුළින් වසරකට ඩොලර් මිලියන 100 ක් උපයා එම මුදලින් හම්බන්තොට වරාය දියුණු වන තුරු එම වරාය ගොඩනැගීමට ගත් ණයවල වාරික ගෙවීමට වරාය අධිකාරිය කටයුතු යොදා තිබුණි. යහපාලන ආණ්ඩුවෙන් කොළඹ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය නවතා දැමු නිසා ඒ සැලසුම ක්‍රියාත්මක වූයේ නැත. මේ ආණ්ඩුව ගත් තුන්වෙනි අමනෝඥ තීන්දුව වූයේ 2014 වන විට හම්බන්තොට වරාය අශ්‍රිත නිදහස් වෙළඳ කලාපයෙන් හෙක්ටයාර 80ක් පමණ වසරකට හෙක්ටයාරයක් සඳහා ඩොලර් 50,000 කට බදු දීමට සමාගම් කිහිපයක් සමඟ අත්සන් කොට තිබූ ගිවිසුම් සියල්ල නොසලකා හැරීමයි. මේ ගිවිසුම් අනුව එම කර්මාන්තවලින් හම්බන්තොට වරායට සහතික කරනලද අවම නැව් බඩු ප්‍රමාණයකුත්, ඒ සඳහා සහතික කරන ලද අවම ගෙවීමකුත් නියම වී තිබුණි.


    ඊට පසුව ආණ්ඩුව කලේ හම්බන්තොට වරාය සුදු අලියෙක් බවත්, එය ඉදිකිරීමට ගත් ණය ගෙවීමට මුළු වරායම පුද්ගලීකරණය කල යුතු බවට මතයක් ඉදිරිපත් කිරීමයි. ඔවුන් මේ සදහා ලංසු කැඳවූයේ වරායේ මෙහෙයුම් පමණක් නොව හෙක්ටයාර 2,000 කින් යුතු කර්මාන්ත කලාපයේ ඉඩම් හිමිගේ අයිතියත් ඇතුළුව සමස්ථ ව්‍යාපෘතිය සඳහාය. ඒ අනුව වරාය බද්දට ගන්න අයට වරායේ සියළුම මෙහෙයුම් පමණක් නොව හෙක්ටයාර 2,000 ක ආයෝජන කලාපයේ සම්පූර්ණ පාලනයත් ලැබේ. වත්මන් ආණ්ඩුව යටතේ වරායත් ඒ ආශ්‍රිත හෙක්ටයාර 2,000ක නිදහස් වෙළඳ කලාපයත් බදු ගැනිමට වෙන වෙනම ලංසු ඉදිරිපත් කොට තිබෙන්නේ මගේ ආණුඩුව කාලයේ කන්ටේනර් පර්යන්තය පමණක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට අවුරුදු 40ක කළමණාකරන ගිවිසුමක් යටතේ ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කල චයිනා හාබර් හා චයිනා මර්චන්ට් යන සමාගම් දෙකමය.
    ආණ්ඩුව මේ අනුව මුලු හම්බන්තොට ව්‍යාපෘතියම චයිනා මර්චන්ට් සමාගමට ඩොලර් මිලියන 1,080කට 99 අවුරුදු බද්දකට දීමට රාමුගත ගිවිසුමකට අත්සන් කොට ඇත. ඒ ව්‍යාපෘතියේ අයිතිය එම සමාගමත් ලංකාවේ ආණ්ඩුවත් අතර 80% – 20% වශයෙන් බෙදනු ඇත. මුල් අවුරුදු 15දී මුලික ගෙවීම හැරුණු විට කිසිම ආදායමක් ලංකාවට නොලැබෙන අතර ඉන් පසුව ආණ්ඩුවට අයත් 20% සඳහා ලාභාංශ ප්‍රකාශ කලහොත් පමනක් ආදායමක් ලැබෙනු ඇත. මේ බද්ද පළමු අවුරුදු 99න් පසු තවත් අවුරුදු 99කට දිගු කිරීමටත්, වරායෙන් පිට පිහිටි හෙක්ටයාර 44 ක කෘතීම දූපත නොමිලේම මෙම ගනුදෙනුවට ඇතුල් කිරීමටත් ආණ්ඩුව එකඟ වී ඇත. මේ වරාය තුළ තවත් ජැටි 20ක් ඉදි කිරීමට හැකි අතර ඒවා පිළිබඳ අයිතියත් චයිනා මර්චන්ට් සමාගමට ලබා දී තිබේ. මේ 99 අවුරුදු බද්ද සදහා මුදල තීරණය කර තිබෙන්නේ වරාය ඉදිකිරීමට ගිය වියදම මත මිස පිළිගත් ජාත්‍යන්තර තක්සේරුවකට අනුව හෙක්ටයාර 2,000 හේ භූමිය, වරායේ උපායමාර්ගික වටිනාකම, තෙල් ටැංකි සංකීර්ණයේ වටිනාකම, හා වරායේ වත්මන් වානිජ්‍ය කටයුතුවල වටිනාකම වැනි කාරණා සැලකිල්ලට නොගෙනය. ආණ්ඩුව මෙවැනි ගිවිසුමකට එළඹී ඇත්තේ (අපට දැනගැනීමට ලැබී තිබෙන ආකාරයට) අනෙක් පාර්ශවය වූ චයිනා හාබර් සමාගම මීට වඩා බෙහෙවින්ම වාසිදායක ලංසුවක් ඉදිරිපත් කර තිබියදීය. චයිනා හාබර් සමාගමේ ලංසුවට අනුව බදු කාලය අවුරුදු 50 දක්වා කෙටි වන අතර ලංභාංශ 65% – 35% වශයෙන් බෙදී යයි. ඔවුන් මේ සඳහා ගෙවන මූලික මුදලද ඩොලර් මිලියන 750 ක් වේ. ඒවාට අමතරව මගේ ආණ්ඩුව කාලයේ මේ සමාගම් දෙකම හම්බන්තොට කන්ටේනර් පර්යන්තය සම්බන්ධයෙන් ගෙවීමට එකඟ වූ සියලුම සාමාන්‍ය වරාය ගාස්තු ගෙවීමටත් එකඟ වී ඇත. අපට දැනගැනීමට ලැබී තිබෙන ආකාරයට, වරාය අධිකාරියටත් චයිනා හාබර් සමාගමේ ලංසුව නිර්දේශ කර තිබියදී ආණ්ඩුව මේ අවස්ථාවේදී පිළිගෙන තිබෙන්නේ වඩාත්ම අවාසිදායක ලංසුවයි. මේ ලංසු දෙක අතර තේරීම කලේ මොන පදනමක් මත දැයි ආණ්ඩුව පැහැදිලි කිරීමක් කර නැත.


    මේ වරාය අවුරුදු 99ක් වැනි දිගු කාලයකට බදු දීමේදී වරායේ සියලුම මෙහෙයුම් පමණක් නොව හෙක්ටයාර 2,000ක් පුරා විහිදී ඇති කර්මාන්ත කලාපය සම්බන්ධයෙන්ද ඉඩම් හිමිගේ බලතලත් විදේශීය සමාගමකට ලැබෙන නිසා මේ ගණුදෙනුවෙන් ලංකාවේ ස්වාධිපතයටද ලබපෑම් ඇති වේ. මෙය චීනය සමඟ හෝ විදේශීය අයෝජකයන් සමඟ ඇති ප්‍රශ්නයක් නොවේ. මෙය ලංකාවට වඩාත්ම හිතකර හා වාසිදායක ගිවිසුමට එළඹෙන්නේ කේසේද යන කාරණය ගැන ප්‍රශ්නයකි. මගේ ආණ්ඩුව චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් යන මේ ලංසු කරුවන් දෙදෙනාම සමඟ කන්ටේනර් පර්යන්තය පමණක් අවුරුදු 40කට කලමණාකරන ගිවිසුමක් යටතේ ලබා දී වරායේ අනෙක් කටයුතු මෙන්ම ඒ ආශ්‍රිත කර්මාන්ත කලාපයද වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමට ඇතිකරගත් එකඟතාවය අපේ රටට වඩාත්ම වාසිදායක ගිවිසුම වේ. එසේම වරාය 99 අවුරුදු බද්දට ගැනීමට චයිනා මර්චන්ට් සමාගම ඉදිරිපත් කල ලංසුවට වඩා චයිනා හාබර් සමාගම අවුරුදු 50ක බද්ද සඳහා ඉදිරිපත් කල ලංසුව වඩාත් වාසිදායක බව පෙනේ. මුළු වරායම හෝ ඉන් කොටසක් අවුරුදු 99ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධය. එසේම, වරායේ සියලුම මෙහෙයුම් මෙන්ම හෙක්ටයාර 2,000 ක කර්මාන්ත කලාපයේ ඉඩම් හිමිගේ අයිතීන්ද විදේශීය සමාගමකට බදු දීමට මම විරුද්ධය.
    වරායේ ඇතැම් මෙහෙයුම් කළමණාකරනය කිරීමට පුද්ගලික අංශයට දීම ගැටළුවක් නොවුනත්, වරායත්, ඒ ආශ්‍රිතව ඇති කර්මාන්ත කලාපයේ පාලනයත් වරාය අධිකාරිය සතු විය යුතුය. උදාහරණයක් වශයෙන්, කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මෙන්ම පුද්ගලික සමාගම් දෙකක් විසින්ද සිදුකරනු ලබයි. නමුත් වරාය අධිකාරිය යටතේ මුළු වරායේම පාලනය පවතින අතර, පර්යන්ත දෙකක මෙහෙයුම් කටයුතු කරන පුද්ගලික සමාගම්වල කොටස් ප්‍රමාණයක් වරාය අධිකාරියටද අයත් වේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුත්තේ එවැනි ක්‍රමයකි.


    හම්බන්තොට වරාය පරිශ්‍රය පමණක් නොව ඉන් පිටත තවත් අක්කර 15,000 ක් ද විදේශීය සමාගමකට 99 අවුරුදු බද්දක් යටතේ ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇත. හම්බන්තොට වරාය පරිශ්‍රයේ තිබෙන හෙක්ටයාර 2,000 වත් තවම හරිහැටි ප්‍රයෝජනයට ගෙන නැති අවස්ථාවක තවත් අක්කර 15,000 ක් විදෙස් සමාගමකට ලබාදීම සාධාරණීකරණය කල හැක්කේ කෙසේද? දැනට ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජන කලාප සියල්ලම එකට දැමුවත්, සමස්ථය හෙක්ටයාර දෙදහසක් වත් නැත. අක්කර 15,000 ක ආයෝජන කලාපයක් අපේ ආර්ථිකයේ පරිමාවට ගැලපෙන්නේ නැත. තවද, මේ සදහා අක්කර 15,000 ක් පවරා ගැනීමට ආණ්ඩුව උත්සාහ දැරුවොත් ප්‍රදේශවාසී ජනතාවට එය මහත් පීඩනයක් වෙනු ඇත.
    අලුතෙන් ආයෝජන කලාප ඇතිකිරීමට පෙර හම්බන්තොට වරායේ ඇති ආයෝජන කලාපය පුරවා ඉවර කල යුතුය. එමෙන්ම, මේ කලාප තුළ ආරම්භ කරන කර්මාන්ත මොනවාද, ඒ සඳහා භාවිතා වෙන බලශක්ති ප්‍රවාහය කුමක්ද, එම කර්මාන්තයෙන් නිපදවෙන අපද්‍රව්‍ය මොනවාද යන්න ගැන ආණ්ඩුවට පාලනයක් තිබිය යුතුය. මගේ ආන්ඩුව කාලයේ ඇතැම් සමාගම් වලට ගල් අඟුරු භාවිතා කිරීමට අවශ්‍ය වුවද, අපි අනුමැතිය දුන්නේ LNG ගෑස් භාවිතා කිරීමට කැමති කර්මාන්තකරුවන්ට පමණි.
    මෙය ප්‍රදේශවාසී උද්ඝෝශනකරුවන්ට බැටන් පොලු ප්‍රහාර දී කඳුලු ගැස් ගසා, මැරයන් ලවාත් පහර දී හිර කූඩුවට දමා විසදිය හැකි ප්‍රශ්නයක් නොවේ. මේ ගණුදෙනුවෙන් ලංකාවට සිදුවෙන ආර්ථික වාසිය හෝ අවාසිය ගැනත්, වරාය පරිශ්‍රෙයේ පාලනයත්, රටේ ස්වාධිපත්‍යත්, පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙනුත් සැලකිල්ලට ගත යුතු ගැටළු ඇත.


    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චිනේ උන් අහවල් එකෙනුත් හිනාවෙනව ඇති මුන් වගේ ගොන් හරක් ටිකක් කියල.
    උන් දැන් කොහොමත් මේ රටට කෙල වෙන විදිහට තමයි වැඩ කරන්නේ.. මොකද පොන්සිරා රනිල් එක්ක ලෝකේ වටේ ගියා නේ ඒ දවස් වල චීන කොලනියට විරුද්ධව..
    දන්න විදිහට නම් අපේ රටේ උන්ට බිස්නස් වීසා දෙන එකත් අඩු කරලා..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රජෙක් වගේ හිටිය පොරක් අන්තිමට ලියුම් ලිය ලිය ඉන්න තත්වෙට පත් උනානෙ:dull:
    ඇයි උබට දුකද? කුහක බවේ උපරිමය...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය


    පසුගිය දිනෙක අප සමග කලකට පෙර ජාතික ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගි වූ අයකු පින්කමක දී හමු වුනා. මා ඔහුගෙන් ඇසුවා ජාතික ව්‍යාපාරයේ වැඩ කටයුතු ගැන. ඔහු කීවා තමා ජාතික ව්‍යාපාරයේ පරිධියේ සිටින බව. මා ඔහුට පැවසුවේ මා ජාතික ව්‍යාපාරයේ පරිධියේවත් නැති බවයි. මා එයින් පැවසුවේ මා දැන් කිසිවක් නොකරන බව නො වෙයි. ජාතික ව්‍යාපාරයේ දැන් ඉන්න ප්‍රධානීන් මා කොන් කර ඇති බවයි. මා ලියන ලිපි පළ කිරීම පුවත්පත් සංස්කාරකවරුන් ප්‍රතික්‍ෂෙප කරනවා. අප පවත්වන සම්මන්ත්‍රණවලට මාධ්‍ය සාකච්ඡාවලට ජනමාධ්‍යයේ නිසි ප්‍රචාරයක් දෙන්නේ නැහැ. සමහරවිට මා කියන දේ එතරම් වැදගත් නොවනවා වෙන්න ඇති. පසුගිය පස්වැනි දා මගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූනු සම්මන්ත්‍රණයක් පිළිබඳ වාර්තාවක් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළවූයේ නැහැ. විද්‍යුත් මාධ්‍යවලින් දෙරණ පමණක් ඉතා කෙටි වාර්තාවක් ප්‍රචාරය කළා.


    නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදය පරාජය කර ඇති බව සහ දෙමළ ජාතිවාදයට කිසිවක් නොදීමට අප එහි දී දේශපාලන විසඳුමක් දුන් බව මාධ්‍යවේදීන් එක් අයකුට දෙදෙනකුට වඩා තේරෙන්නේ නැහැ. දේශපාලනඥයන් ද එසේමයි. කෙහෙළියට මේ කිසිවක් නොතේරෙන බව එකී සම්මන්ත්‍රණයෙන් පසු මා සමග කී දෙයින් පැහැදිලි වුනා. දිනේෂ් ගුණවර්ධන, වෙල්ගම, සරත් වීරසේකර හැරෙන්න අනෙක් බොහෝ අයට ඒ ගැන අවබෝධයක් නැහැ. නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් නැති බව කිහිප දෙනකු හැරෙන්න ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියවත් පිළිගන්නේ නැහැ. දහතුන්වැනි ව්‍යවස්ථාව නීති විරෝධී බව ආදී කරුණු රාශියක් මා රැස්වීම්වල දී පවසා ඇති නමුත් මාධ්‍යයෙන් තබා ජාතික ව්‍යාපාරයේ අයගෙන්වත් ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් හිතනවා ඇත්තේ මා වැරදි බවයි. මා කියන කිසිම දෙයකට ජාතික ව්‍යාපාරයේ අබමල් රේණුවකවත් පිළිගැනීමක් නැහැ.


    ජාතික ව්‍යාපාරය විවේචනය කිරීමට මගේ අදහසක් නැහැ. මා ඒ විවේචනය කළත් එය මේ පිටුවට පමණක් සීමා වෙනවා. එය කියවන පිරිස දහසකට අඩුයි. මා දැන් ජාතික ව්‍යාපාරය ගැන දැනගන්නේ අනෙක් අයගෙන්. ඇතැම් විට මට ලැබෙන තොරතුරු වැරදි වෙන්න පුළුවන්. මා ඊයේ සඳහන් කළා ජී එල් ජාතික ව්‍යාපාරයේ කැඳවුම් කරු බව. එය වැරදීමක්. ඒ ගැන කණගාටු වනවා. එය වැරදි බව එක් අයකුත් කියා තිබුණා. ඔහු කියන අන්දමට සරත් වීරසේකර ජාතික සංවිධානවල කැඳවුම්කරු. ජී එල් හා කෙහෙළිය “ජාතික සංවිධාන එක්ක සම්බන්ධීකරණ කරන්න ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දාල තියෙන්නේ ( ඒ නම් කිරීම කළේ මහින්ද)”. එයත් ඇත්ත නො වෙයි. සරත් වීරසේකර ජාතික සංවිධානවල කැඳවුම්කරු ලෙස පත්කරගෙන තිබෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ජාතික සංවිධාන එක්ක සම්බන්ධිකරණයට කාවත් පත්කර නැහැ. මහින්ද රාජපක්‍ෂත් එහෙම නම් කරලා නැහැ. දිනක් ජාතික සංවිධාන මහින්ද හමු වූ විටක ඔහු කෙහෙළියට පවසා තිබෙනවා ජාතික සංවිධාන එකතු කිරීමට. ජාතික ව්‍යාපාරයේ වෙනත් අය කියන විධියට එය පත්කිරීමක්වත් නම්කිරීමක්වත් නො වෙයි. මහින්ද හමුවේ දී කෙහෙළියත් පවිත්‍රාත් එතැන සිටි බැවින් මහින්ද කෙහෙළියට එසේ කියා තිබෙනවා. පසුව කෙහෙළිය ජී එල්ගේ නිවසට ජාතික සංවිධාන නියෝජිතයන් කැඳවා තිබෙනවා. එපමණයි. එහෙත් සමහර විට ජාතික සංවිධානවල ඇතැමුන් ජී එල් හා කෙහෙළිය සම්බන්ධීකරුවන් ලෙස හිතනවා ඇති. එසේත් නැත්නම් එසේ සැළකීමට හිතනවා ඇති.


    කෙසේ වෙතත් මගේ ප්‍රකාශයෙන් සරත් වීරසේකරට සිත් තැවුළක් වී නම් මා ඒ ගැන කණගාටු වෙනවා. ඒත් ජී එල් හා කෙහෙළිය ගැන මට ප්‍රශ්න තිබෙනවා. මා එ සඳහන් කරන්නේ ජාතික ව්‍යාපාරයට අමතක වූ දෙයක් මතක් කිරීමට පමණයි. ජාතික ව්‍යාපාරයේ හතර මායිමට නොගන්නා මට ඔවුන්ට කිසිම බලපෑමක් කරන්න බැහැ. ජී එල් පසුගිය දා කළ ප්‍රකාශයක් ගැන පීරිස් හා පීරිස් යනුවෙන් මා ලියූ ලිපියකින් ඔහුට පින් දුන්නා. එහෙත් ඔහු චන්ද්‍රිකාගේ පැකේජ් ව්‍යාපාරයේ ප්‍රධානියකු බව අමතක කරන්න බැහැ. ඔහු තම අදහස් වෙනස් කරගෙන ඇතැයි යමකු කියන්න පුළුවන්. එහෙත් ඒ එසේ වුවත් ඉතා සුළු වශයෙන් විය යුතුයි. ඔහු ප්‍රසිදාධියේ ඒ බවක් කියා තිබෙනවා ද? පසුගිය දා සමගාමී ලැයිස්තුව අස්කර ගැනීමට එකඟ වෙමින් අදාළ පුද්ගලයන්ට ලිපියක් භාර දී ඇත්තේ ජී එල් හා කෙහෙළිය. එය දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ පිනවීමක්. ජාතික සංවිධාන ඒ දෙදෙනාගෙන් එ සම්බන්ධ ව ප්‍රශ්න කර ඇති බවක් මා දන්නේ නැහැ.


    මා නම් පළමුව කරන්නේ ඔවුන්ගෙන් ඒ ගැන කරුණු විමසීමයි. ඔවුන්ට එසේ ලිපියක් භාරදීමට යමකු පැවරුවා ද? එසේ නම් ඒ කවු ද? එසේත් නැත්නම් ඔවුන් කිසිවකුගෙන් නොවිමසා ඒ ලිපිය භාර දුන්නා ද? ඒකාබද්ධ විපක්‍ෂය මේ ලිපිය ගැන තීරණයක් ගත්තා ද? මට නම් ඒ කරුණු සහ තවත් කරුණු දැන ගැනීමට අවශ්‍යයි. ඇතැමුන් සිතනවා ඇති ඒ අනවශ්‍ය ප්‍රශ්න බවත් දැන් කළ යුත්තේ සමගියෙන් වැඩ කිරීම බවත්. එහෙත් අප මෑත ඉතිහාසයේ ඉතාමත් ම තීරණාත්මක අවස්ථාවේ පසුවන්නේ. අප හැකිතාක් අවංක විය යුතුයි. ජාතික සංවිධානවලට අද දේශපාලන පක්‍ෂ නැතිව ජනතාව සංවිධානය කරන එක අමාරු දෙයක් බව මා පිළිගන්නවා. එහෙත් අප යන්නේ කොහේ ද යන්න ගැන අපට වැටහීමක් තිබිය යුතුයි.


    අනූවේ දශකයේ අප ජාතික ඒකාබද්ධ කමිටුව නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මේ පිළිබඳ විස්තර ජාතික සංවිධානවල ඇත්තන්ට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගෙන් දැනගත හැකියි. ඒ සංවිධානයෙන් සිංහල කොමිසම නමින් කොමිසමක් පත්කෙරුනා. එහි වාර්තාවේ සන්ධීය රාජ්‍යයක් නිර්දේශ කර තිබුණා! අප එයට විරුද්ධ වුනා. ජාතික ඒකාබද්ධ කමිටුවේ මාදොළුවාවේ සෝභිත හිමියන් ද කටයුතු කළා. කමිටුව නාලක හිමියන් හා මා කමිටුවෙන් අස් කළා! මේ පිළිබඳ විස්තර නාලක හිමියන්ගෙන් හා පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමියන්ගෙන් දැනගන්න පුළුවන්. පසුගිය දා හම්බන්තොට දී ආණ්ඩුච පොලීසිය ලවා හාමුදුරුවරුන්ට පහර දුන්නේ කස්සප හිමියන් සත්‍යක්‍රියා ප්‍රකාශය කියවීමට පටන් ගත් අවස්ථාවේ දී. අද ජාතික සංවිධානවල ඉන්න බොහෝ දෙනකු සිංහල කොමිසම කාලයේ හිටියේ නැහැ. ඒ ගැන දන්නේත් නැහැ. අප එකල චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කළා. එහි දී නාලක හිමියන්ගෙන්, කස්සප හිමියන්ගෙන් හා වෛද්‍ය කමලදාසගෙන් වූ සේවය අද ජාතික ව්‍යාපාරයේ ඉන්නා බොහෝ දෙනකු දන්නේ නැහැ. උන්වහන්සේලා දෙනම දිගින් දිගටමත් කලකට පසු කමලදාසත් ජාතික ව්‍යාපාරයේ නිරත වීම ගැන මා සතුටු වෙනවා.


    මා මේ කරුණු සඳහන් කරන්නේ ජාතික ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට නො වෙයි. රටේත් ජාතියේත් ආගමේත් යහපතට අප පරෙස්සම් විය යුතු බව කීමටයි. ඒකාබද්ධ විපක්‍ෂය මා කී නිසා රනිල්ගේ කුට ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වන එකක් නැහැ. ඔවුන්ට ව්‍යවස්ථා මණ්ඩලයේ ඊනියා මෙහෙයුම් කමිටුවෙන් පත්කෙරුණු අනුකමිටු වාර්තා හයවත් තාම ප්‍රතික්‍ෂෙප කිරීමට බැරි වෙලා තියෙනවා. එය දිනේෂ් ගුණවර්ධනගේ වරදක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ තවමත් පැකේජය සඳහා චන්ද්‍රිකා වෙනුවෙන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය ඉන්නවා. ඇති සිංහල ජාතිය අමතක කර නැති පංතියක් ගැන කතාකරන රෝස සමාජවාදීන් ද සිටිනවා. ඔත්තු සේවාවල අය ද නැතිවා නො වෙයි.




    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    https://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2017 ජනවාරි 15
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දකුණු පළාත් සභාවට ලණුවක්


    දකුණු පළාත් සභාවට ලණුවක් දීමට නීති විශාරදයන් යැයි කියන කිහිප දෙනකු ඉදිරිපත් වෙලා තියෙන බව පේනවා. ඔවුන් හම්බන්තොටින් ඉඩම් අක්කර පහළොස්දාහක් චීන සමාගමට අවුරුදු එකසිය අනූඅටකට බදු දීමට විරුද්ධව පියවර ගන්න හදනවා. බැලූ බැල්මට කෙනකුට හිතෙන්න පුළුවන් දකුණු පළාත් සභාව හොඳ වැඩක් කරන්න සූදානම් වෙනවා කියා. ඒත් ඇත්තට ම ඔවුන් කරන්න යන්නේ දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දීමක්.


    දකුණු පළාත් සභාවට නීති උපදෙස් දෙන නීතිඥයන් එසේ කරන්නේ සත්භාවයෙන් වෙන්න පුළුවන්. ඇතැම් විට දකුණු පළාත් සභාව මගින් බළලුන් ලවා කොස් ඇට බෑවීමක් වෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවත් දකුණු පළාත් සභාව ක්‍රියා කරන්න යන්නේ අවසාන වශයෙන් ගත් කල සන්ධීය රාජ්‍යය තවත් තහවුරු කිරීමට. දකුණු පළාත් සභාවට ඒකාබද්ධ විපක්‍ෂය හා මහින්ද රාජපක්‍ෂ මේ කරන්න යන දෙයෙහි භයානක කම වටහා දෙනවා නම් හොඳයි.


    හම්බන්තොට අක්කර පහළොස්දාහක්් චීන සමාගමට බදු දීමට අප විරුද්ධයි. මේ ඇති කරන්න යන්නේ නිදහස් වෙළෙඳ කලාපයක් නො වෙයි. නිදහස් වෙළෙඳ කලාපයක ආයෝජන කිරීමේ දී ඒ ආයෝජන මණ්ඩලය මගින් කළ යුතුයි. ආයෝජන මණ්ඩලය අනුමත කරන කර්මාන්ත පමණක් නිදහස් වෙළෙඳ කලාපයක ඉදි කළ හැකියි. එහෙත් හම්බන්තොට අක්කර පහළොස්දාහක්් චීන සමාගමට බදු දුන් පසු ඒ ඉඩම්වල කර්මාන්ත හා වෙනත් ඉදිකිරීමේ කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ඒ සමාගම විසින්. ඒ සමාගමට තමයි ඉදිකරන්නේ කිනම් කර්මාන්ත ශාලා ද යන්න මූලික වශයෙන් තීරණය කරන්න හැකි වන්නේ.


    අද චීනයට කරුණු කිහිපයක් අවශ්‍ය වී තිබෙනවා. එකක් සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කර මාගම් පුර වරාය එහි ප්‍රධාන වරායක් බවට පත් කර ධනය ඉපයීම. දෙවැන්නක් තමයි චීන කර්මාන්ත හැකිතාක් පිටරට පැටවීම. චීනය, විශේෂයෙන් ම බෙයිජිං නගරය පරිසර දූෂණයෙන් ලොවේ ඉහළ ම තැනක් ලබා ගන්නවා. අද බෙයිජිං නගරයේ ඇවිදින විට පාපැදි වැනි විවෘත වාහනවල ගමන් කරන විට මුකවාඩම් බැඳීමට සිදු වෙලා. එබැවින් පරිසර දුෂණයත් අපනයනය කිරීමට චීනයට අවශ්‍යයි. ඔවුන් ඒ කරන්නේ කර්මාන්ත පිටරට පවත්වාගෙන යෑමෙන්. ලංකාවට ඔය කියන තරම් රැකියා ලැබෙන්නේ නැහැ. චීන කම්කරුවන් මෙහි සේවය කිරීමට පැමිණේවි. ලාභයෙන් 80%ක් චීනය ගෙන යාවි. මෙරට පරිසරය නම් දූෂණය වේවි. අපට ලැබෙන ලාභය එයයි. ආණ්ඩුව රැකියා සිහිනයක් පමණක් ජනතාවට දෙනවා. මෙය රනිල්ගේ බ්‍රෙස්ලට් පොරොන්දුව වැනියි. ඔහු රැකියා පෙන්නලා දෙමළ ජාතිවාදයට රට පාවා දෙනවා.


    චීන සමාගමට ඉඩම් බදු දීමට විරුද්ධ විය යුතුයි. එහෙත් එහි දී මුහුණ සමග තරහට නහය කපා නොදැමිය යුතුයි. දකුණු පළාත් සභාව ඉඩම් බදු දීමට විරුද්ධ වීමට යන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කර ගනිමින්. ඔවුන් කියන්නේ ඉඩම් බලතල පළාත් සභාවලට හිමි බැවින් දකුණු පළාත් සභාවෙන් නොවිමසා ආණ්ඩුවට ඉඩම් බදු දිය නොහැකි බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම් දකුණු පළාත් සභාව කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල පළාත් සභාවලට පවරා ඇති බැවින් තම අවසරයක් නොමැති ව හම්බන්තොට හෝ දකුණු පළාතේ වෙනත් ප්‍රදේශයක හෝ ඉඩම් බදු දිය නොහැකි බවයි. දකුණු පළාත් සභාව දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වෙනවා.


    වත්මන් රාජ්‍යය ඒකීය රාජ්‍යයක් නො වෙයි. එය ලිහිල් සන්ධීය රාජ්‍යයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතැම් ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවට යම් පමණකින් වුවත් නැති වෙලා. අද කළ යුත්තේ පාර්ලිමේන්තුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමයි. අප දන්නා හැටියට පසුගිය ආණ්ඩුව එසේ කිරීමට ගිය අවස්ථාවේ දී ජී එල් පීරිස්, රාජිත, තිස්ස විතාරණ ආදී ඇමතිවරුන් එයට ඉඩ දී නැහැ. මේ අයගෙන් යම් ප්‍රමාණයක් අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නවා. ඒකාබද්ධ විපක්‍ෂයට නව ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි විරුද්ධතාවකට ඒමට බාධා කරන්නේ ඒ අය ද? ව්‍යවස්ථාව පිළිබඳ ඊනියා අනුකමිටු වාර්තා හය ප්‍රතික්‍ෂෙප කිරීමටවත් තවමත් විපක්‍ෂය කටයුතු කර නැත්තේ ඇයි? පසුගිය දිනවල සමගාමී ලැයිස්තුව ඉවත් කරවීමට ලිපි ඉදිරිපත් කළ අය හෙට අනිද්දා කුමක් කරාවි ද? අප ඒකාබද්ධ විපක්‍ෂයේ මොවුන්ට ඉතා දැඩි ලෙස විරුද්ධ විය යුතුයි. ඔවුන් යම් යහපත් දෙයක් කළ පමණින් දේශප්‍රේමීන් වන්නේ නැහැ. ජී එල් පිරිස්ට ජාතික සංවිධාන කැඳවුම්කරු ලෙස කටයුතු කිරීමට ඇති සුදුසුකම කුමක් ද?


    දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල යම් ප්‍රමාණයක් පළාත් සභාවලට පවරා දී තිබෙනවා. ඒත් තවමත් ඒ ක්‍රියාත්මක වන්නේ නැහැ. දකුණු පළාත් සභාව සූදානම් වන්නේ ඒ බලතල ක්‍රියාත්මක කරවීමටයි. ඒ අතර අප අමතක නොකළ යුතු කරුණක් නම් ඉඩම් පවරා දීම පිළිබඳ බලතල ඇත්තේ ජනාධිපතිට පමණක් බවට අධිකරණ තීන්දුවක් තිබෙන බවයි. අවුරුදු එකසිය අනූඅටකට ඉඩම් බදු දීමට බලතල ඇත්තේ කාට ද? අගමැතිට ද? යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ මෙරට ප්‍රධාන නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ ඊනියා තිරසර සංවර්ධනයක් ගැන කතාකරමින් සුපිරි ඇමතිවරයකු ලෙස බලතල අතට ගන්න සූදානම් වන්නේ මෛත්‍රිපාලට විවෘත කිරීම් පමණක් භාර දී ඔහු උත්සවවලට සීමා කිරීමටයි. 2020 ජනාධිපති වීමට බලාපොරොත්තු වන්නන් මේ කරුණු සිහියේ තබා ගන්නවා නම් හොඳයි.


    රනිල්ට අවශ්‍ය තමා විධායක අගමැතිවරයා වී දෙමළ ජාතිවාදීන්ට බලතල ලබා දීමටයි. දකුණු පළාත් සභාව පණින රිලවුන්ට ඉණිමං බඳිනවා.






    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    https://www1.kalaya.org

    නලින් ද සිල්වා

    2017 ජනවාරි 14
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    වරායකින් කෙටි කාලයකින් ලොකු ආදායමක් ලබන්න බැරි එකනන් ඇත්ත. ඒත් ලංකාව වගේ රටකට අඩු ආදායම් ලබන වරාය , ගුවන් තොටුපළ වගේ ව්‍යාපෘති රාශියක් එකපාර කරලා ණය ගෙවාගන්න පුලුවන්ද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. තියෙන සම්පත් වලින් රට ටිකක් දියුණු කරන ගමන් මේවා කලානන් හරි. සිංගප්පූරුව වගේ රටවල් දියුණු වුනේ වරායන් දෙක තුනක් තිබිලා නෙමෙයිනේ.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sampurna warayak badu dena wun nam gonnu ekko 20%80 hari 50/50
    hari rajaye adikshanaya thiyagena ba baddata denna thiyenne
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif
    political2.gif


    පසුගිය සතියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ තව තවත් අලුත් කරුණු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන්නට විය. මේ මහ බැංකු බැඳුම්කර වංචාවට යටින් මේ රටේ මොනතරම් විශාල ධන සම්භාරයක්‌ පෞද්ගලික බූදලයකට ඇදී යන්නේ දැයි මෙයින් රටට කරුණු අවබෝධ විය. එහෙත් පුදුමයට කාරණාව වූයේ ජනතාවට ඒ ගණන් ඉලක්‌කම් එතරම් ගණනක්‌ නැති වීමය. ජනතාවට ඒ වෙනුවට තවමත් දැනෙමින් තිබුණේ බැසිල්ලා ජී එල්. පයිප්ප බෙදා යැමය. මහින්ද ලිත් ගසා ජනතාවට බෙදූ වංචාවන් දූෂණයන් ගැනය. ජනතාවට සිල් රෙදි බෙදූ රාජ්‍ය මුදල් අවභාවිතාවන් ගැනය. මහබැංකු බැඳුම්කරය මගින් රටේ මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරවමින් හිතන්නට බැරි තරම් මුදල් සම්භාරයක්‌ හොර පාරවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී යැම කාටවත් ඒ හැටි අවබෝධයක්‌ තිබුණේ ම නැති ගානය.

    මේ අතර දේශපාලන කතිකාවේ කතාබහට ලක්‌වූ වැදගත් කාරණාව වූයේ යම් හෙයකින් ජනාධිපති කොමිසමෙන් වරදකරු වුවත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී ගිය ධන සම්භාරය යළි අය කරගන්නට රජයට ඇති නොහැකියාව ගැනය. රජය මේ මුදල් කෙසේ නම් ආපසු ගන්නද යන ප්‍රශ්නය පැන නගින්නට වූයේ එම සමාගම එම මුදල් දැනටමත් මහා පරිමාණ ව්‍යාපාරවලට ආයෝජනය කර තිබූ නිසාය.....

    http://www.divaina.com/2017/04/09/politics03.html

    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියන්ගේ ඔය බොරු වලට අපිත් රැවටුණා.ඒකනේ දැන් මේ දුක් වෙන්නේ.
    උබලට තේරුනා දැන්වත්.. උබලා දැන් ඒ ගැන දුක් වෙනවා.. ඒත් තමන්ගේ හර්ද සාක්ෂියට බොරු කර කර තාමත් මේ පාහරයන්ට කඩේ යන මේ වගේ උන්ට මොකද වෙන්නේ?


    topkollek
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    මේ වගේ උන් උන් මේ රටේ මායිමක වත් ආයිත් නූපදීවා...
    අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවපු පරම්පරා වල අවජාතක පුරුක් මේ රටේ තාම ඉන්නවනේ බං...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවී කියන්නේ මහා කාලකන්නි අවලම් බල්ලෙක්.
    මිනිස්සු විදවන තත්පරයකට ඕකා ආත්මයක් ආත්මයක් ගානේ විදවන්න ඕනේ
    .
    ඒ වගේම උගේ ගුණ ගායනා කරන උන්ටත් ඒ දේම වෙන්න ඕනේ..... අපේ මල්වතු හාන්දුවනේ....:angry: