හම්බන්තොට වරාය විකිණිම පසුපස කතාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්බන්තොට වරාය විකිණිම පසුපස කතාව

    හම්බන්තොට වරාය විකුණා ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා කියන මහ බැංකු අධිපතිගේ තර්කය අල්ලේ පැලවෙන බොරුවක් බව ආර්ථික විශේෂඥ ඇසින්..

    දැනට රටේ උද්ගතව ඇති මේ ආර්ථික අර්බුදය මෙන්ම ණය උගුල වර්තමාන යහපාලන ආණ්ඩුව විසින්ම නිර්මාණය කොට ගත් එකකි. රටේ සමස්ථ ණය ප්‍රමාණය වූයේ 31/12/2014 වෙනි දිනට රුපියල් බිලියන 7,400 කි. එය 21/12/2016 වෙනිදා වන විට රුපියල් මිලියන 9.900 දක්වා රුපියල් බිලියන 2,500 කින් එනම් 34% කින් වැඩි කරගෙන ඇත.

    මේ වනවිට වර්තමාන ආණ්ඩුව ඉක්මනින් රජයට මුදල් සොයාගැනීමට වඩාත් ලෙහෙසි මාර්ගයක් ලෙස හම්බන්තොට වරාය විකුණා මේ සීඝ්‍රයෙන් ඉහළ යන ණය ප්‍රමාණයෙන් කොටසක් අඩු කිරීමට තීරණය කරන ලදි. එමෙන්ම 31/12/2014 වෙනි දිනට තිබූ විදේශ සංචිතය ප්‍රමාණයේ වන ඇ.ඩොලර් මිලියන 8200 මේ වනවිට එනම් 2017 මාර්තු මාසයේදී ඇ.ඩොලර් මිලියන 5100 දක්වා අඩුවී ඇති ප්‍රමාණයට මෙම විකිණීම හරහා උත්තේජනයක් ලබා ගැනිම අනිත් අරමුණයි.

    මෙහිදී හම්බන්තොට වරාය ඇතුළු අක්කර 15000 ක් වසර 99 කට හෝ ඊට වඩා වැඩි කාලයක් සඳහා විකිණීම හෝ බදු දීමට චීනය සමඟ එකග වී ඇත්තේ රුපියල් බිලියන 165 කටයි එනම් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 කටයි. එමෙන්ම ඉදිරි මාස 6 ඇතුලත එම මුදල් ලැබෙනනේ රුපියල් බිලියන 15කි ඉතිරි මුදල් ලැබෙනුයේ වසර 2 කට පසුව බව බව මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි ප්‍රකාශ කරයි.

    එමෙන්ම 2015 මහා බැංකුවේ වාර්ෂික වාර්තාව සහ අනිකුත් සංඛ්‍යා ලේඛන අනුව:-

    1. 2015 වසරේ රුපියල අවප්‍රමාණය ගෙවීමට ඇති සමස්ථ ණය ප්‍රමාණයේ අගය රුපියල් බිලියන 286 කින් ඉහළ ගියේය.
    2. 2016 වසරේ මුල් මාස 7 තුල එනම් 31/07/2016 දක්වා රුපියල අවප්‍රමාණය නිසා තවත් ණය ප්‍රමාණයේ අගය රුපියල් බිලියන 141 කින් වැඩි විය.
    3. මහා බැංකුවේ බැදුම්කර මගඩිය නිසා අස්වාභාවිකව දේශීයව පොලි අනුපාතය ඉහළ යෑම නිසා තවත් රුපියල් බිලියන 66 ක් 2015 වසරේ දි රජයේ වියදම්වලට එකතුවිය.
    4. බැදුම්කර මගඩිය නිසා පොලි අනුපාතය වැඩි කිරීම හේතුකොට රජයේ තවත් රුපියල් බිලියන 145 ක් සමස්ථ වැඩිවිමක් වී ඇති බැව් ගණනය කොට ඇත.

    ඉහත 1,2,3,4 එකතුව රුපියල් බිලියන 638 ක් වන අතර මේ විශාල පාඩුව රජයට සිදු වූයේ සම්පූර්ණයෙන්ම රජයේ වගකීමෙන් රහිත ක්‍රියාකලාපය මෙන්ම වංචා හා දූෂණය හේතුකොට ගෙනයි. මෙම මුදලේ වටිනාකම හම්බන්තොට වරාය විකුණා ගන්නා මුදල් මෙන් 4 ගුණයකි.

    හම්බන්තොට වරාය වැනි උපායමාර්ගිකව වටිනා ජාතික සම්පතක් විකිණීම හරහා ඊට වඩා වැදගත් දේපළක් රටේ ආර්ථිකයට එකතුවනවා නම් අවම වශයෙන් මෙම ගනුදෙනුව සාධාරණ කල හැකිය, ඒත් මෙවැනි ගණුදෙනුක් කිරිම තුල කිසිම සෙතක් ආණ්ඩුවේ අයවැයට හෝ විදේශීය සංචිතයට අත් නොවන අතර ශ්‍රීලංකාවේ මෙතෙක් සිදු වී විශාලතම අපරාධයක් ලෙස මෙය හැදින් විය හැකිය,

    හම්බන්තොට වරාය ඉඩම් ඇතුළු සියලු සම්පත් ඉදිරි වසර 25 දි රටේ සංවර්ධනයට මෙන්ම ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය අඩිතාලමකි. එමෙන්ම ව්‍යාපාර වශයෙන් මෙන්ම උපායමාර්ගිකව ඉතා වටිනා ජාතික සම්පතක් මේ රජය විසින් මවාගත් ණය උගුලක් පෙන්වමින් විකුණා දැමීම හරහා ජාතියට සිදුකරන විනාශය නැවත කිසි දිනක ශ්‍රීලංකාවට අත්පත් කර ගත නොහැකි පාඩුවකි.

    වියත් මග -
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්දටත් රනිල්ත් සිරාටත් හා ආර්තික ඔස්තාර්ලා ටිකටත් තියෙන්නේ ඵදා වේල ටුවුසර් සංවර්ධන වැඩ පිළිවෙතක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,954
    113
    වියත් මග -

    :lol::lol::lol:

    Maru Viyathun set eka. Parana horu kalliyama neda ?


    14606292_1560404260654391_2733102847620147282_n.jpg


    with Oshadi Viyatha :lol:

    17156185_1709448459083303_6261545448421761012_n.jpg

    13924886_1486120638082754_3657517135410043443_n.jpg

    13728937_1471138282914323_5550976473802632670_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol::lol::lol:

    Maru Viyathun set eka. Parana horu kalliyama neda ?


    දැන් ඉතින් වරාය විකුණල තව එ වගේ වරායවල් 4ක් හදන්නනේ යන්නේ..... සුපිරි මොලෙන්
    ඒ නිසා අවුලක් වෙන්නේ නැතිවෙයි....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරු වියතුන් සෙට් එක. ආයෙත් මුන්ට ආණ්ඩුවක් බාරදෙන්න හිතෙන ගානට අපි රනිල්, හිටං, අනුර අපිව රැවැට්ටුවනෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරු වියතුන් සෙට් එක. ආයෙත් මුන්ට ආණ්ඩුවක් බාරදෙන්න හිතෙන ගානට අපි රනිල්, හිටං, අනුර අපිව රැවැට්ටුවනෙ

    හිටපු උන් සර්ව සම්පූර්ණයි කියනව නෙවෙයි.....
    ඒත් යුදමය වශයෙන් ආර්ථිකමය වශයෙන් පතුලටම වැටිල තිබුණු රට ගොඩගත්තේ කව්ද?
    එදා මහින්දත් හිටන් පොනිල් වගේ නාහෙන් අඩ අඩ චන්ද්‍රිකාගේ ණය බර ගැන දොඩව දොඩව හිටියනම් හිතපන් අද තත්වය.....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,481
    113
    ඔය වියත් මග කරන කට්ටිය නියම වියතුන්ද ?
    දැන් එවුන් හොර කනවා තමයි
    එහෙම කියල පරණ හොරු රැල අයෙත් ගේන්න නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තේරෙන හැටියට හැම ආණ්ඩුවක්ම ඊට කලින් තිබුන ආණ්ඩුවට වඩා හොරකම් කරනව. ගුණෝත්තර ශ්‍රේණියක් වගේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට තේරෙන හැටියට හැම ආණ්ඩුවක්ම ඊට කලින් තිබුන ආණ්ඩුවට වඩා හොරකම් කරනව. ගුණෝත්තර ශ්‍රේණියක් වගේ.

    රවි කරුණානායකල ඉස්සර ආණ්ඩු කරපු කාලෙ කලෙත් මේ දේමයි..... සතොස වගේ
    රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට තමන්ගේ හිතවතුන්ට විකුණන ගමන් ජනතාවට උපරිම විදියට බදු ගැහුව.....
    දැන් ඇවිල්ල කරන්නෙත් ඒකමයි......
    රට ගැන කිසිම හැගීමක් නැ...

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රවි කරුණානායකල ඉස්සර ආණ්ඩු කරපු කාලෙ කලෙත් මේ දේමයි..... සතොස වගේ
    රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට තමන්ගේ හිතවතුන්ට විකුණන ගමන් ජනතාවට උපරිම විදියට බදු ගැහුව.....
    දැන් ඇවිල්ල කරන්නෙත් ඒකමයි......
    රට ගැන කිසිම හැගීමක් නැ...


    :yes: