machan mata eka prashanayak thiyanawa.. umbala dannawa ne mama ehema jathi agama kula beda balanne nah kiyala ..
eth chooti gatluwak thiyanwa. puluwan nam mata honda kollo wage pahadili karala denna..
muslim aya , allah kiyanna dewiyanta, dakalath nah eth hondata adahanawa..
catholic; dewiyan wanhase wandana karanwa.. ewath serma wishwasa matha karagena yanne..
Indian karayo ; sakkili onama reddakata wandinawa..
mey agam godak base wenne wishwasya matha..
api bawda darshanaya gaththoth budu hamuduruwo kiyanwa ne mey loke 33 koti dewi dewathun wahansela innawa kiyala...ethakota aththatama dewi waru innawada..
mata gataluwak thiyenne onna othana... mama catholic unata bawada darshanayata godak ladi kenek. eth mata mey prashne ada mathu une.. podak pahadili karala denna ko..
මගේ දැනුමෙ හැටියම මම මේකට උත්තරයක් දෙන්නන් මචෝ.
පළවෙනිම කාරනය බුදුහාමුදුරුවො දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නව කියල දේශනා කලා කියල මමනන් අහල නෑ. හැබැයි සමාජයේ එහෙම මතයක් තියෙනව, ඒ නිසා ඒක හරිද වැරදිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි දෙවිවරු කියල කොට්ඨාෂයක් ඉන්නව.
බෞද්ධ දර්ශනයට අනුව මචෝ මේ විශ්වයේ සත්වයෝ කොට්ඨාෂ 3කට බෙදෙනවනෙ, ඒ මනුශ්‍ය තිරිසන් හා අමනුෂ්‍ය කියල. මනුෂ්‍ය කියන්නෙ මේ පෘථිවියේ ජීවත් වෙන අපි. තිරිසන් කියන්නෙ අපි වට පිටාවෙ ඉන්න අනෙකුත් සත්තු(ඒ අය අපේ පියවි ඇහැට පේනව). අමනුෂ්‍ය කියන්නෙ මනුෂ්‍ය නොවන ඒ කියන්නෙ බ්‍රහ්මයෝ, දෙවිවරු, ප්‍රේතයො, කුම්භාණ්ඩයෝ ආදී ජීවීන්ඒ අය අපේ පියවි ඇහැට පේන්නෙ නෑ(හැබැයි සිත දියුණු කරොත් පේනව).
ඉතින් බුද්ධ දර්ශනයට අනුව දෙවිවරු කියන්නෙ තවත් එක්තරා සත්ව කොට්ඨාෂයක්. ඇත්තම කියනවනන් උඹට උනත් ඊළඟ ආත්ම භවයෙදි දෙවියෙක් වෙන්න පුළුවන් උඹේ කුසල් අකුසල් මත. දෙවියෙක් වෙන්න කුසල් සෑහෙන්න වඩන්න ඕනෙ.
උඹ කියල තියෙනව උඹ බෞද්ධ දර්ශනය පිලිපදිනව කියල සහ මම දන්නව උඹ කතෝලිකයෙක් කියල. මගේනන් මතය කෙනෙක් උපතින් මොන ආගමේ උනත් ඒ පුද්ගලය අනිවාර්යයෙන් බුද්ධ දර්ශනය ඉගෙනගත් යුතුයි
කියලයි. මොකද ඒක දර්ශනයක්. අපි අයිස්ටයින්ගෙ දර්ශනය ඉගෙනගන්නවනන්, අපි නිව්ටන්ගෙ දර්ශනය ඉගෙනගන්නවනන්, සියලු සත්වයන් දුකින් මුදවන පාර කියල දෙන ඒ මහා උත්තමයගෙ දර්ශනය ඉගෙන ගන්න බැරි ඇයි.ඒකට ඔහුගේ/ඇයගේ උපතින් ලැබුනු ආගම බල පෑමක් වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේත් දේශනා කරේ "මාගේ දර්ෂනය නිවැරදියැයි වැටහුනු නිසාම තමාගේ මුල් ගුරුවරු අමතක කරන්න එපා" කියලනෙ.
මතක තියාගන්න මම මෙතන කතා කරේ බුද්ධ දර්ශනය ගැන, බුද්ධාගම ගැන නෙවේ. මගේ දැනුමෙ හැටියට බුදුහමුදුරුවො ආගමක් නිර්මාණය කරේ නෑ. පසු කාලීනව තමයි බුද්ධ දර්ශනය පදනම් වෙලා බුද්ධාගම නිර්මාණය වෙන්නෙ. අනික බුද්ධාගමේ තියෙන සෑම සියලු දේම බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් කියල හිතන්නත් එපා.
අන්තිමට කියන්න තියෙන්නෙ, ක්‍රිස්තියානි ආගමේ හා ඉස්ලාම් ආගමේ ඉන්නෙ සර්වබලධාරී දෙවියෙක්නෙ. ඉංග්‍රීසියෙන් කියන්නෙ God කියලනෙ. හැබැයි බුද්ධ දර්ශනයේ ඉන්න දෙවිවරු අමතන්නෙ Gods කියල එහෙම නෙවෙයි. ඒ අයට ඉංග්‍රීසියෙන් කියනෙ Devas කියල. ඒ නිසා ඒ දෙක කොහොමත් පටලවගන්න එපා.
Last edited:




.
. මොනව කියන්නද ඉතින් මෙව්වට. කරන්න තියෙන්නෙ කට පියාගෙන් ඉන්න එක තමයි. Keep it up.Good Luck