මේ මොහොතේ ගොඩමුන්න,කපුලියද්ද දෙගම්වාසීන් සගම බුදුමඟුලට හම්බා කොටන වගයි.
ගොඩමුන්නේ බණගෙයි දෙයියන්නේ පාත්‍තරය පුරවන්ට හම්බා කෙටීමයි මේ..
වීඩියෝ එකක් පහළ ලින්ක් එකේ තියෙනවා
------------
~ සගම රාජමහා විහාරීය කිරිබඩ පාත්‍ර පූජාව 2023 ~
සිංහල කැලැන්ඩරයට අනුව වසරේ පලමුවන පෙරහැර ලෙසින් සනිටුහන් වන්නේ සගම රජමහා විහාරස්ථානයේ අළුත් සහල් මංගල්‍යය පෙරහැරයි. විහාර අස්නේ පලමුවෙන්ම නම සඳහන් සගම රජමහා විහාරය හා මෙම පෙරහැර මංගල්‍යය ඉතාමත් වටිනා ඓතිහාසික පසුබිමකින් යුක්ත වේ.
අනුරාධපුර යුගයේදී මෙරටට වැඩම කළ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ නමක් මහනුවර හේවාහැට සගම නම් ග්‍රාමයේ රෝපණය කොට එවකට අනුරාධපුර රාජධානියේ පැවැති සිරිත් අනුගමනය කරමින් එම බෝධීන් වහන්සේ වෙනුවෙන් අළුත් සහල් පූජාවන් පවත්වමින් මෙම උතුම් කර්තව්‍ය ආරම්භ කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි.
පසුකාලීනව ගජබා රජ සමයේ පත්තිනි මෑණියන්ගේ සලඹ මෙරටට වැඩමවීමෙන් පසු රටපුරා සිදු කළ පත්තිනි පූජාවන්ට සමගාමීව මෙම මංගල්‍යය පවත්වා ඇත.
ඊටත් පසුව කන්ද උඩරටට අධිගෘහිත මතු බුදු වන නාථ දෙවිඳුන් සගම පින්බිමේ පවතින ඉපැරැණි නා ගසට වැඩම කළ බවත්. උන්වහන්සේ වෙනුවෙන් දේවාලයක් ඉදිකර මෙම පූජාව ඒ හා සමගාමීව පවත්වාගෙන පැමිණි බවත් ඉතිහාසයේ සඳහන්.
පසුකාලීනව මහනුවර යුගයේදී කිරිබඩ පාත්‍ර පූජාව ලෙසින් නව්‍යකරණයට ලක්වූ මෙම අළුත් සහල් මංගල්‍යය එදා සිට අද දක්වා අඛණ්ඩව එම චාරිත්‍ර අනුගමනය කරමින් පවත්වනු ලබනවා.
සගම රජමහා විහාරයට අයත් ගම්වර සතරකින් වරකට ගම් දෙක බැගින් මෙම කිරිබඩ පාත්‍ර පූජාව පවත්වනු ලබනවා. ඒවානම් කපුලියද්ද,ගොඩමුන්න සහ නුගලියද්ද, බූටාවත්ත යන ගම් සතරයි.
මෙහිදී සිංහල අලුත් අවුරුද්ද අවසන්වී පලමු සතිය තුල ගොඩමුන්න කපුලියද්ද ගම්වර දෙකේ පූජාව පවත්වන අතර දෙවනි සතියේදී නුගලියද්ද සහ බූටාවත්ත ගම් දෙකෙහි පූජාව පවත්වනු ලබනවා.
සඟම පුරාණ විහාරගෙයි තැන්පත් කොට ඇති බුදුන් වෙනුවෙන් සහ දෙවියන් වෙනුවෙන් වෙන්කොට ඇති විශාල පාත්‍රා 2ක් පිරෙන්නට දානය සකස් කොට ලී දඬු මැස්සක රන්සිවිගෙයක් තුළ බහා කිලෝග්‍රෑම් දහසකටත් අධික බරකින් යුත් මෙම දානමය වස්තූන් සියල්ල කිලෝමීටර් 5ක පමණ දුරක් සිය කර මතින්ම විහාරය වෙත රැගෙන විත් ගම්වාසීන් ඉතාමත් භක්ත්‍යාදරයෙන් මේ පූජෝපහාරයන් පවත්වනු ලබනවා.
සෑම වසරකම තමාගේ අටුකොටු සරුවී රෝග දුරුවී රටට සෞභාග්‍යය උදා වේවා යන අවංක ප්‍රාර්ථනය හද පුරවාගනිමින් බැතිමතුන් දහස් ගණනින් මෙම මංගල්‍යයට සහභාගී වන්නේ ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව
එලෙසින් ඊයේ සහ අද පැවැති සඟම පෙරහැරේ ගොඩමුන්න,කපුලියද්ද දෙගම්වරයේ පාත්‍රා පෙරහැරේ විශේෂිත අවස්ථාවන් කිහිපයක් අපගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.
මේ සඳහා හස්තීන් වශයෙන්,
ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි රාජා ඇතා
ශ්‍රී දළදා මාලිගාවේ විජය රාජා ඇතා
ශ්‍රී දළදා මාලිගාවේ කණ්ඩුල හස්තියා
ගිරිඋල්ලේ බිබිලා හස්තියා
ගිරිඋල්ලේ කාංචනා ඇතින්න
මාවනැල්ල සුදු මැණිකේ ඇතින්න පැටවා
සහභාගිත්වය ලබා දුන්නා
සගම රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, සගම නා රුකට අරක් ගත් මතු බුදුවන නාථ දෙවියන්ගේත් පිහිටෙන් ආශීර්වාදයෙන් ඔබටත් අපටත් රටටත් යහපතක්ම වේවායැයි අපගේ ඒකායන ප්‍රාර්ථනයයි
විශේෂ ස්තූතිය : සගම රජමහා විහාරයේ විහාරාධිපති ගරු නාපානේ විජිතසිරි නාහිමිපාණන්ට
සටහන : සුබෝධ ආරියරත්න
https://www.facebook.com/share/v/J4MnvXLyCyYG4Emf/?mibextid=w8EBqM
https://www.face book.com/share/v/J4MnvXLyCyYG4Emf/?mibextid=oFDknk