හම්බ වංචා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    etisalat-logo-excite.jpg

    ජාතිය ගොඩනැගීමේ බද්දට අදාලව නියමිත බදු ප්‍රතිශතය අදාළ ප්‍රමාණයට වඩා වැඩියෙන් අය කරමින් තමන් වරදක් කර ඇති බව එටිසලාට් දුරකථන සමාගම පිළිගෙන ඇතැයි පාරිභෝගික අයිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

    එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ එටිසලාට් නීති නිලධාරිනිය විසින් සිය සමාගමෙන් සිදුවූ වරද සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් යොමු කරමින් ඒ බව සදහන් කර ඇති බවයි.

    රජයේ නව බදු නීති නව නීති රීතිවලට අනුව රුපියල් 2ක ඇමතුමක් සදහා අයකළ යුතු ගාස්තුව රුපියල් 2.54 ක් සහ රුපියලක (01) ක ඇමතුමක් සදහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 1.27 ක් වුවත් එටිසලාට් සමාගම රුපියල් 2ක ඇමතුමක් සදහා 2.66ක් සහ රුපියලක ඇමතුමක් සදහා රුපියල් 1.33ක් අය කරන බවත්, ඒ හරහා එම සමාගම දිනකට රුපියල් මිලියනයක් අයථා ලෙස උපයන බව සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පසුගියදා විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් යොමුකර තිබුණා.

    එලෙස අයතා ලෙස මුදල් ලබාගත් බවට එටිසලාට් සමාගම පිළිගෙන ඇති බැවින් අසාධාරණ ලෙස පාරිභෝගිකයන්ගෙන් වංචාසහගතව උපයාගත් මුදල නැවත පාරිභෝගිකයන් වෙත ගෙවීමට සමාගම කටයුතු කළයුතු බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරන අතර රජයේ බදු වංචා කරමින් අයතා ලෙස මුදල් ඉපයූ අදාළ සමාගමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.




    www.colombotoday.com
     
    Last edited:
    • Like
    Reactions: MNV

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    menna mage bilata mokakdo posting charge ekak dala.
    bill eka mail karannath dan charge karanawada.

    oka hamba wenna puluwan, hebei okey inna ceo karaya pissu sinhala manussayek.