හමුදාව සහ කොරෝනා
මගේ අදහස COVID#19 සඳහා හමුදා භටයන් යොදාගත නොයුතුව තිබුණා කියන එකයි.ඒකට හේතු කිහිපයක් තියෙනවා.
1. රටේ පවතින එකම කාර්යක්ෂම,විශ්වාසකල හැකි රාජ්‍ය ආයතනය එය වීම.
2.රටේ ආරක්ෂාව පවතින්නේ ඔවුන්ගේ අතේ නිසා ඔවුන් ආරක්ෂා කරගතයුතු වීම.(වෙනවට කියනවා නෙමේ ඒත් පාස්කු ප්‍රහාරය වගේ දෙයක් හමුදාව රෝගී වුන වෙලාවක ආවා නම් !, දැනටමත් ජා ඇල නාවික හමුදා කඳවුරක් සහ සීදුව හමුදා කඳවුරක් වහල )
3.ඔවුන් විශාල වශයෙන් එක පොකුරට කඳවුරු තුල ජීවත් වීම.
ඊළඟට ගොඩක් දෙනා අහන්නේ එහෙනම් කාවද දාන්නේ කියල.සමහර අය කියනවා හමුදාව ඉන්නේ මේවට තමයි කියල.නමුත් මට හිතෙන්නේ මේක ගංවතුර ,නාය යාම් ,සුනාමි වලට වඩා වෙනස් අවධානමක් තියෙන අභියෝගයක් කියලයි.හමුදාවකට මේ ගැන විශේෂ දැනුමක් නෑ අර විශේෂ ඒකකය හැරුණාම. හමුදාව වෙනුවට මගේ විකල්ප මේවා.
1.රටේ රාජ්‍ය අංශය ඉතාම වැඩි ජනගහනයක් ඉන්නවා මේ මොහොතේ ආණ්ඩුවෙන් වැටුප් ලබන.ඒ අතරින් විශ්‍රාමික වෛද්‍යවරු ,හෙදියන් මේ මොහොතේ තමන්ගේ රට වෙනුවෙන් ඉදිරියට ගන්නට හැකියාව තිබුණා.වෙන රටවල මේ දේ සිදුවෙනවා. එංගලන්තයේ ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක් රෝග අවදානම නොතකා සේවය කළා. අවාසනාවකට ඔහු මිය ගියා.
2.රාජ්‍ය අංශයේ තරුණ කොටස් ගොඩක් ඉන්නවා.උපාධිධාරී තරුණ ගුරුවරුන්ට රෝග අවධානම අඩුයි.තමන්ට රැකියාව දුන්නු රටට සේවය කිරීමට තමන් ණයගැති බව ඔවුන් අවබෝධ කරගත යුතුයි.වැඩිහිටි රාජ්‍ය සේවකයින් රෝග අවධනම නිසා Administration වැඩ සඳහා යොදාගන්න පුළුවන්.මේ වෙද්දී පෞද්ගලික අංශයේ සමහර අයට රැකියා නෑ .සමහර අයගේ පඩි කපලා.
3.සිවිල් ආරක්ෂක බල සේනාව සහ පෞද්ගලික ,ස්වේච්ජා සංවිධාන වල තරුණ කොටස් වල සහාය මේ සඳහා ගත හැකිව තිබුණා.
ආරක්ෂක හමුදා තරම් කැපවීමක් ,විනයක් නැතත් ඔවුන්ව කළමනාකරණය කිරීමට නායකත්වය දීමට හමුදා නිලධාරීන් යොදාගත හැකිව තිබෙනවා.රටට ආදරය කරන තරුණ ප්‍රජාව නිසි නායකත්වයකින් එකට පෙළ ගැස්සවීම විතරයි අවශ්‍ය.වත්මන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා නම් බොහොම සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙන්න තිබුණා.
අවසාන වශයෙන් මට හිතෙන්නේ අපි තුරුම්පුව කලින්ම හැලුවා කියලයි.